2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 277

ලංකාවේ දේශපාලනය ඇතුළේ සමාජවාදීන් බොහෝමයි. සමාජවාදී අදහස් තියෙන අය විතරක් නෙමෙයි සමාජවාදී මොඩලයට ජීවත්වෙන පිරිසත් ඉන්නවා. දැන් බලන්න මේ රටේ සමාජවාදී කාණ්ඩය. එක්කෝ කොණ්ඩේ වවලා, රැවුල් වවලා, කෑමක් නෑ, බීමක් නෑ. නාන්නේ නෑ වගේ දේවල්. නැත්තම් තොර තෝංචියක් නැතුව මනෝරාජික සමාජවාදය වෙනුවෙන් සටන් කරනවා. අපේ රටේ සමාජවාදය කියලා දකින්නේ මේක.

ඇත්තටම සමාජවාදය නෙමෙයි වැදගත්. අද වැදගත් වෙන්නේ වාමවාදය. වමට බර මිනිස්සු හරි ඕපන්. හිතන්න, නිවැරදි දේ කරන්න. ඒක නව ලිබරල් වාමවාදය කියන නමින් හඳුන්වන්න පුළුවන්. ගොඩක් සමාජවාදීන් හිතන්නේ මේ සමාජ ක්‍රමය ඇතුළේ හැමදේම සමාන වෙන්න ඕනේ කියලා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වගේ දේවල් රජය විසින් පාලනය කළ යුතුයි කියන තැන ඉන්නේ. ඇත්තටම රජය විතරක් මේ දේවල් පාලනය කළාම හරිද? පෞද්ගලික අංශය විසින් පාලනය කළාම වැරදිද? නව ලිබරල් සමාජයක් තුළ ප්‍රාග්ධනය මත සියල්ල යැපෙන කොට ඒ හරහා ගුණාත්මක සේවයක් රටේ ප්‍රජාව බලාපොරොත්තු වෙනවා. එහෙව් ගුණාත්මක, සේවයක් රාජ්‍ය සේවයට අපේ වගේ රටක දෙන්න බෑ. ඒ නිසා පෞද්ගලික අංශයත් එක්ක සමගාමීව මේ ගමන යන්න ඕනේ. මේක නොතේරෙන බොහෝ දෙනා පෞද්ගලික ක්‍රමවේදයට එරෙහිව සටන් කරනවා. ඒකෙන් වෙන්නේ ගුණාත්මක සේවයක් අහිමි වීම විතරයි.

ඒ නිසා මේ රටේ සමාජවාදීන් වාමවාදී  වෙලා මේ ක්‍රමයට එරෙහි වෙන්න ඕනේ සිස්ටම් එකෙන් එළියට පැනලා නෙමෙයි. ඇතුළේ ඉඳලා. එහෙම නැතුව මේ ගමන යන්න බෑ. ඒකයි මේ රටේ දේශපාලනයට අවශ්‍ය සමාජවාදී නොවන වාමවාදී සමාජයක්. එහෙව් වාමවාදීන් රටක ඉන්නතාක් රට ඉදිරියට යන්න පුළුවන්.

දැන් බලන්න චීන සමූහ ආණ්ඩුව, රුසියාව වගේ රටවල් සමාජවාදය කරපින්නාගෙන ගිය රවටල්. ඒත් අද ඒ රටවත් දැවැන්ත ලිබරල් ආර්ථික ක්‍රමවේදයක නිරත වෙලා ඉන්නේ. අද ඔවුන්ගෙ රටවල් විතරක් නෙමෙයි වෙන රටවල් පවා ආර්ථික උගුලක හිර කරලා තියෙන්නේ. ඒක ඔවුන්ගේ වාමවාදී සිතුවිලි නිසා. සමාජවාදී වුණා නම් ඔවුන් මීට වඩා මානුෂීයව රටවල් දිහා බලනවා. දැන් පේනවනේ අපේ රට චීන ගැටේට අහුවෙලා තියෙන හැටි.

කොහොමත් මේ නව ලිබරල්වාදී වාමාංශික මතවාද තුළ ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් දරන්න පුළුවන් වෙනවා. ඒ මිනිස්සු හිරවීමෙන් මිදිලා නිදහසේ වැඩ කරන්න පටන් ගන්නවා. අන්න එදාට, අද සමාජවාදයෙන් ලෝකය දිහා බලන කුලකය මේ රට කෙරෙහි වෙනත් කෝණයකින් බලන්න ගන්නවා. අන්න ඒක තමයි යුගය.

මම
බ්‍රෝ