2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

කිසිත් නොකියා ඉන්න

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

හිස් අතින් ඔබ එන්න
දෝර ගලනා ආදරේ 
කීරි ගැහෙනා වේදනා
නැතිව ඇවිදින් යන්න
හිස් අතින් ඔබ එන්න

ඉකි ගැහෙන හදවතක ඇති බර මනින්න
නෙත් අගින් හැලෙනා කඳුළු කැට ගනින්න
හිස් අතින් ඔබ එන්න
එපා හිත සනසන්න - එපා නෙතු පිසලන්න
කිසිත් නොකියා ඉන්න

අඳුරු හවසක දැනෙන පාළුව විඳින්න
රෑහි නාදෙට පිපෙන හිරිගඩු බලන්න
හිස් අතින් ඔබ එන්න
එපා කිසිවක් දෙන්න - එපා කිසිවක් ගන්න
හිස් අතින් ඔබ යන්න
I තුෂාර විතාරණ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00