2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ආදරණීය විජය

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

මං ආසයි කුවේණි වෙන්න
පපුව ඉරාගෙන උඹට ආදරේ කරන්න.......
ආදරේ මත්තෙ නැහිලා
ජාතියම විජාතික උඹට පාවල දෙන්න.....
මගේ උන්ගේ ලේ පිටින්
උඹේ ඔටුනු පළඳන්න......

සැමරුම උඹ ගාවට වෙලා හීන දකින්න.....
උඹේ දරු පැටව් මගේ කුසින් දරා ගෙන
උන්ව උස් මහත් කරන්න.....
මගේ ආදරේ මදිවෙලා
විජාතික ගෑනියෙක් උඹ උස්සන් එනකොට
පොළවේ හැපි හැපී අඬන්න.......
දරාගන්න බැරි තරමට උඹට ආදරේ කරලා
උඹ වෙනුවෙන් සනුහරයක් ම විනාශ කරලා
කාත් කවුරුවත් නැති හිඟන්නියක් වගේ
උඹ ඇදලා විසි කරන කොට
විජාතික උඹව විශ්වාස කලාට මටම සාප කරගන්න.....

මං හරි ආසයි බං උඹ ගාව තුරුල් වෙලා හදපු ඒ හීන මාලිගා වලට.....
දරාගන්න බැරි තරම් විශාල ගල්වලින් දමල ගහලා දමලා ගහලා කුඩු පට්ටං කරන්න.....

අවසානයේ මාවම බිල්ලක් කර උඹව බිල්ලට ගන්න......
මගේ ආදරෙන් උඹව සදහටම සුවපත් කරන්න.....
ඔව්
මම තවමත් උඹේම කුවේණිය....