2016 ඔක්තෝබර් 24 වන සඳුදා

කන්නන්ගර වටහාගැනීම

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 15

සිංහල මැද පන්තියේ ප්‍රභවය පිළිබඳව මවිසින් සපයන තීරැ ලිපි මාලාවේ අනිවාර්යයෙන් සඳහන් විය යුතු තවත් නමකි, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර. ඔහුගේ සේවය පිළිබඳ නිරවද්‍ය තක්සේරැවක් තවමත් කෙරී නැති බව මගේ මතයයි. 


අමද්‍යප ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟම මෙරට අධිරාජ්‍ය පරිපාලනය තැතිගත් බව රහසක් නොවේ. ඔවුන් වඩාත්ම කෝපයට පත්වූයේ එංගලන්ත පාර්ලිමේන්තුවේ සිටි ඔවුන්ගේ හාම්පුතුන් අමද්‍යප ව්‍යාපාරයට අනුකූලත්වයක් දැක්වීමෙන් තමන්ගේ නග්නත්වය ලාංකික ජනතාව අතර ප්‍රදර්ශනය වීම නිසාය. මෙරට ව සිටි අධිරාජ්‍යවාදී පොලීසිය අමද්‍යප නායකයින් පිළිබඳ විමසීමටත් ඔවුන්ට කෙණෙහිලි කිරීමටත් පටන් ගත්තේය. එමෙන්ම ඔවුන්ට තවත් මදි පුංචිකමක් වූයේ ඩී.බී. ජයතිලක හා ඩබ්ලිව්.ඒ. සිල්වා වැනි නායකයින් එංගලන්තයේ අමද්‍යප සභා සමඟ ඇයි හොඳයිකම් ඇතිකර ගැනීමයි. සමහර ඉංග්‍රීසි ඇමeතිවරැ ක්‍රිස්තියානි අමද්‍යප සමාගම්වල සහයෝගය මත පාර්ලිමේන්තුවට තේරී පත්වූ අය වූහ. 


ඉහත සඳහන් සීතල යුද්ධය පිපිරී ගියේ 1915 සිංහල - මරක්කල කෝලාහලය තුළයි. තමන්ගේ වාරය එනතෙක් බලාගෙන සිටි අධිරාජ්‍ය නිලධාරීහු සිංහල නායකයින්ව හිර භාරයට ගත් අතර ගම්බද අමද්‍යප නායකයින්ගේ වතුපිටි රාජ්‍ය සන්තක කළහ. මරාටි සොල්දාදුවෝ ගම්දනව් පීරෑ අතර ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා ඉන්දීය විරෝධය සිංහල ජනතාවගේ මතකයේ කොටසක් බවට පත්වූයේය. අධිරාජ්‍යවාදීන්ගේ උදහසට ලක් වූ අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ හිර අඩස්සියේ තබන ලදී. ඔහුට සිය මව් රටට පැමිණීම තහනම් විය.  


ලාංකික ජනතාවගේ විරෝධය ඉංග්‍රීසි පාලකයින් බිය වැද්දීමට තරම් ප්‍රබල විය. සියලුම ලාංකිකයන් වෙනුවෙන් පොන්නම්බලම් රාමනාදන් මෙරට සහ එංගලන්තයේ නැඟූ හඬ යට ගැසීමට නොහැකි විය. එම නිසා දේශීය ප්‍රභූ පන්තියට වඩාත් නියෝජිතත්වය ලබාදෙන නව ව්‍යවස්ථාවක වුවමනාව රාජ්‍ය පාලකයින් විසින් පිළිගන්නා ලදී. ඒ අනුව ඩොනර්මෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් කොමිසන් සභාවක් පත්කරන ලදී. එම නිර්දේශයන් අනුව ව්‍යවස්ථානුකූල වෙනස්කම් රුසක්ම ක්‍රියාත්මක කරන ලදී. 


ඒ යෝජනා අතරින් ලාංකිකයින්ට වැඩිමනත්ම වාසිදායක වූයේ මන්ත්‍රණ සභාවේ  ආසන සංඛ්‍යාව වැඩිවීමත්, විෂයානුබද්ධ වූ කාරක සභා ස්ථාපිත කිරීමත්, ඒ කමිටු හයේ නායකයින් ඇමeතිවරැන් හැටියට පත්කිරීමත්ය. එසේ ස්ථාපිත කරන ලද ඇමති මණ්ඩලයේ අධ්‍යාපන කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර පත් කරන ලදී. ගිය සතියේ මා සඳහන් කළ පරිදි දුම්බර මන්ත්‍රී වූ අබේරත්න රත්නායකද අධ්‍යාපන කාරක සභාවේ ප්‍රබල සාමාජිකයකු විය. අධ්‍යාපන ඇමතිවරයා හැටියට කන්නන්ගර ඉදිරි දැක්මකින් යුතුව නව අධ්‍යාපන ක්‍රමයක් නීතිගත කළේ බොහෝ ප්‍රබලයන්ගේ විරැද්ධත්වය මැදය. විශේෂයෙන්ම මිෂනාරීවරැ එම යෝජනා සිය අණසක යටතේ තිබූ පාසැල් පද්ධතියට අභියෝගයක් හැටියට සැළකූහ. 


එසේ වුවද අද දේශපාලනඥයන් මෙන්ම මාධ්‍යයද කන්නන්ගරගේ යෝජනා සාහසික ලෙස වැරදි අර්ථකථනයට ලක් කර තිබේ. මෑතකදී පවත්වන ලද විවිධ කන්නන්ගර සැමරැම් උත්සවවලද එම මිථ්‍යාවන් රස කර කර ජනතාවට ඉදිරිපත් කර තිබේ. 
ඇත්ත වශයෙන් නිදහස් අධ්‍යාපනය හෙවත් නොමිලේ අධ්‍යාපනය ලබාදීම කන්නන්ගරගේ යෝජනා අතුරින් එකක් පමණි. ඒ හා සමගාමීව තවත් යෝජනා දෙකක් ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. එනම් මධ්‍ය මහා විදුහල් ක්‍රමය ඇති කිරීම හා ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපනය ලබාදීමේ මාධ්‍යය බවට පත්කිරීමය. කන්නන්ගරගේ මේ සෙසු යෝජනා අවස්ථාවාදී, නූගත් දේශපාලනඥයින් විසින් අහෝසි කර ඇති අතර එයින් ඔහුගේ මුළු අධ්‍යාපන ක්‍රමයම අර්බුදයට යවා ඇත. මධ්‍යම පාසල් ඇති කිරීම කන්නන්ගර යෝජනාවල ප්‍රධාන තැනක් ගත්තේය. එය කොතරම් වැදගත් වුයේද යත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් තම ආසනවල එවැනි පාසල් ඇති කිරීමට දැඩි උනන්දුවකින් මැදිහත් වූවෝය. බණ්ඩාරනායක (වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය), ඩඩ්ලි (තෝලන්ගමුව), ඇම්.ඩී. බණ්ඩා (පොරමඩුල්ල), ඊ.ඒ. නුගවෙල (නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය), මොන්ටි ජයවික්‍රම (තෙලිජ්ජවිල), ඒ. රත්නායක (වලල) වැනි අග්‍රගන්‍ය පාසැල් ඉදිවූයේ ඒ අයුරිනි. මුලදී මේ පාසැල්වලට ඉහළම මට්ටමේ ගුරැවරැ ප්‍රධානාචාර්යවරැන් ලෙස පත් කරන ලදී. නිදසුනක් වශයෙන් ගතහොත් තෝලන්ගමුවේ අතිදක්ෂ ප්‍රධානාචාර්වරයා වූ ඩඩ්ලි සිල්වා, ඊළඟට පත්වීම ලැබුවේ කොළඹ රාජකීය විදුහලටය. නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට නායකත්වය දුන්නේ ත්‍රිත්ව විද්‍යාලයේ දක්ෂ විද්‍යා ගුරැවරයකු වූ දේවේන්ද්‍ර මහතාය. මෙකී ගුරැවරැන්ගේ විශිෂ්ට කාර්යභාර්ය තවමත් පළාත් වාසීහු ගෞරවයෙන් මතක් කරති.


කන්නන්ගරගේ තුන්වැනි යෝජනාව එම පාසල්වල අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදීමය. මෙම තීරණය මුලින් ක්‍රියාත්මක කිරීම නිසා එම මධ්‍යම මහා විද්‍යාල වලින් දොස්තරවරැ, ඉංජිනේරැවරැ හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරැන් විශාල ප්‍රමාණයක් බිහිවුණේය. ලංකා සිවිල් සේවයේ උසස් නිලධාරීන් බොහෝ දෙනෙක් මේ පාසල් වලින් පැමිණි අය වූහ. එහෙත් අදූරදර්ශී දේශපාලකයින් හා නිලධාරීන් විසින් කන්නන්ගරගේ එම යෝජනාව පසෙකලා දහස් ගණනින් කිසිම පහසුකමක් නැති පාසැල් ඇතිකොට භාෂා මාධ්‍යය වෙනස් කොට පරම්පරා කීපයකම දරැවන් අසරණ කළෝය. 


කන්නන්ගරගේ යෝජනා වලින් වැඩි හරියක් අහෝසි කොට නොයෙක් අරැත්සුන් අනුස්මරණ රුස්වීම් පැවැත්වීම ඔහුට කරන අගෞරවයකැයි මට සිතේ. 

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00