2016 ඔක්තෝබර් 24 වන සඳුදා

ජාතික අධ්‍යාපන සටනේ නායක මෙත්තානන්ද

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 26

මහනුවර විසූ අපට මෙත්තානන්ද හා විජේතිලක යන නම් හොඳට හුරැ පුරැදුය. ඔවුන් දෙදෙනාම ධර්මරාජ විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරැන් වශයෙන් සේවය කළ නිසා ඔවුහු මහනුවර සමිති සමාගම් මෙන්ම පාසල් දරැවන්ගේ දෙමාපියන් සමඟ කිට්ටු සම්බන්ධතාවයන් ඇති කර ගත්තෝය. දෙදෙනාම පරමවිඥානාර්ථ සමිතියේ සාමාජිකයන් හැටියට එම සමිතියේ අධ්‍යාපන අංශයේ පාසල්වල නායකත්වය ගෙන ක්‍රියාකළහ. ධර්මරාජයේ ප්‍රධානාචාර්ය තනතුර දැරීමෙන් පසුව දෙදෙනාම ආනන්ද විද්‍යාලයේ අධිපතිවරැන් වශයෙන් පරමවිඥානාර්ථ සමිතිය විසින් පත් කරන ලදී. පසුකලෙක එසේ ආනන්දයට පත්වීම් ලබාදීම සම්ප්‍රදායක් බවට පෙරුළි පේරැසිංහ වැනි ගුරැවරැන් ධර්මරාජයෙන් පසු ආනන්දයේ ප්‍රධානාචාර්යවරැ වශයෙන් පත්වීම් ලැබූහ. ඊට ප්‍රථමයෙන්ද ඩී.බී. ජයතිලක නම් වූ සුප්‍රසිද්ධ ජන නායකයා ධර්මරාජයේ ප්‍රධානාචාර්යවරයා වී පසුව කොළඹ ආනන්දයට එක්විය. ධර්මරාජයේ පළමුවැනි අධිපති වූයේ බිලිමෝරියා නැමති පාර්සි ජාතිකයෙකි. ඔහුව පත් කරන ලද්දේ ඕල්කොට් හා ඇනී බෙසන්ට් මැතිනිය විසින් පාලනය කරන ලද අන්තර් ජාතික පරමවිඥානාර්ථ සමිතිය මගිනි. බිලිමෝරියා ධර්මරාජය ආරම්භ කළේ දළදා මාලිගාවට නුදුරැ වූ භූමියකය. එය පරිත්‍යාග කරන ලද්දේ මල්වත්තේ නායක හිමියන් හා මහනුවර රදළවරැන්ගෙන් කීප දෙනෙකු විසිනි. ඒ වනවිට මිෂනාරී පාසල් වූ ට්‍රිනිටි, කිංස්වුඩ් හා සැන් පෝල්ස් උඩරට අධ්‍යාපනය පිළිබඳ ඒකාධිකාරයක් පිහිටුවාගෙන තිබුණේය. මහනුවර සංචාරයකට පැමිණි ධර්මපාලතුමා මුව නොසෑහෙන සේ බිලිමෝරියාව වර්ණනා කළේය. ඉතාම දුෂ්කර පරිසරයක් තුළ වුව බිලිමෝරියා බෞද්ධ අධ්‍යාපනය ස්ථාපිත කරන අයුරැ ඔහු වර්ණනා කළේය. ඔවුන් දෙදෙනා අතර ඇති වූ මිත්‍රත්වය කොතෙක්දයත් ධර්මපාලතුමා සිය රථය වූ “සෝභන මාළිගාව” මහනුවර නගරය අසල නවතා පදිංචිව සිටි විට ඔහුට කෑම බීම සැපයුවේ බිලිමෝරියා මැතිනිය විසිනි. ධර්මපාලතුමාට අවශ්‍ය වූ නිර්මාංශ දානය ඈ සිය අතින්ම පිළියෙළ කළ බව සඳහන් වේ.


මෙත්තානන්ද හතළිස් ගණන්වල අගභාගයේ මහනුවරට පැමිණෙන විට පාසලේ ඉහළ පන්ති නගරයෙන් පිට දැන් පාසල පිහිටා ඇති ධර්මරාජ කන්දට ගෙන ගොස් තිබුණි. එම යුගයේ ධර්මරාජයේ තත්ත්වය ගැන එහි ශිෂ්‍යයෙක් වූ තිස්ස දේවේන්ද්‍ර ඉංග්‍රීසි බසින් රචනා කීපයක්ම කර තිබේ. මෙත්තානන්ද ධර්මරාජය හා ආනන්දය තුළ දැඩි විනයක් ක්‍රියාත්මක කළේය.  එසේ ඔහුගේ අධ්‍යාපන පරිපාලනය හොඳින් කරගෙන යන අතර මෙත්තානන්ද ජාතික ප්‍රශ්නවලටද මැදිහත් විය. එම ප්‍රශ්නවලින් ප්‍රධාන තැනක් ගත්තේ ජාතික අධ්‍යාපනය පිළිබද විවාදයයි. 


මහනුවර ඉරැදින දහම් පාසල්වල තෑගි ප්‍රදානෝත්සව පවත්වන ලද්දේ ධර්මරාජ ප්‍රාථමිකයේය. නගරය හරි මැද පිහිටුවන ලද අස්ගිරි පාර්ශවයට අයත් ආදාහන මළුවේ පන්සලේ පිහිටි ඉරැදින දහම් පාසල් සිසුවෙක් වූ මට මෙත්තානන්දව මුලින්ම දැක ගත හැකි වූයේ ඔහු අප ඉරැදින දහම් පාසල් තෑගි ප්‍රදානෝත්සවයට පැමිණිවිටය. බෞද්ධ රුස්වීම් සඳහා ධර්මරාජයේ ප්‍රාථමිකය ලබාගැනීම අවශ්‍ය නිසා ඔහුට නිතර නිතර ආරාධනා ලැබුණා යැයි සිතිය හැකිය. සිය කෙසඟ සිරැර ජාතික ඇඳුමෙන් වසා පැසුන කොණ්ඩය පසුපසට පීරා ඉතා සෙමින් කතා කළ මෙත්තානන්ද හැම විටම අවධානය යොමු කළේ බෞද්ධ අධ්‍යාපනයට එරෙහිව තිබූ බලවේග ගැනයි. කුඩා දරැවන් වූ අපට ඔහු පෙනුණේ විනය රුකීමට කෝටුව පවා යොදාගැනීමට පසුබට නොවන ගුරැවරයෙක් හැටියටයි. ඊට ප්‍රථම අවුරැදුවල තෑගි දීමට පැමිණි ප්‍රධාන අමුත්තන් වූ ඩඩ්ලි සේනානායක, මලලසේකර, ජෝර්ජ් ඊ ද සිල්වා හා කුලරත්න වැනි නායකයින් ඊට වඩා කාරැණිකයැයි අපි සිතුවෙමු.


මෙත්තානන්ද ගැන කතාවක් මෑතකදී මියගිය ආනන්ද ගුරැගේ සටහන් කර ඇත. මහනුවර අම්පිටියේ බෙරවට්ස් පාසැලේ සිසුවෙක් වූ ගුරැගේ උසස් අධ්‍යාපනය සඳහා ධර්මරාජයට බැඳීමට බලාපොරොත්තු විය. ඒ සඳහා ඔහු ලිපියක්ද රුගෙන මෙත්තානන්දව හමුවිය. ඔහුගේ පියාගේ වැටුප ගැන විමසූ මෙත්තානන්ද ගුරැගේට ධර්මරාජයට ඇතුළුවීමට තරම් වත්කමක් නැතැයි කියා ඔහුව බඳවා ගැනීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ හෝ බලපෑම් කර මෙම තීරණය වෙනස්කර ගෙන ධර්මරාජයට ඇතුළු වීමට ගුරැගේ සමත් විය.

පසුකලෙක ඔහු එම පාසලේ දීප්තිමත්ම ශිෂ්‍යයා හැටියට ලක් සරසවියට පිවිසියේය. එහිදී ඔහු ගෞරව සම්මාන ලබා සිවිල් සේවයට බැඳුණේය. ඉහත කී අත්දැකීම ගුරැගේගේ මනසේ කිඳාබැස තිබූ නිසා දුප්පත් පොහොසත් භේදයකින්  තොරව සැමටම එක හා සමාන අධ්‍යාපනයක් ලබාදීම සඳහා පාසල් රජයට පවරා ගැනීමට  තමා අදාළ නිලධාරියා වශයෙන් බලවත් උනන්දුවකින් ක්‍රියාකළ බව ගුරැගේ කියයි. 


ආනන්දයට පැමිණි පසු මෙත්තානන්ද ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ප්‍රබල හඬක් නැගුවේය. එපමණක් නොව ජාතික අභිලාශයන්ට බාධා කරන  “කතෝලික ක්‍රියාන්විතය” නමින් බලවේගයක් රටේ පවතින බව  ඔහු පුන පුනා කීවේය. එනයින් බලන කල 1956  මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණයේ ඔහුද කොටස්කරැවෙකි. එහෙත් වැඩිකල් නොගොස් ඔහු බණ්ඩාරනායක සමඟ උරණ වී තමාගේ නායකත්වයෙන් බෞද්ධ බලවේගය නැමති පක්ෂය පිහිටෙව්වේය. එයද අසාර්ථක වූයෙන් ඔහු ආදි ආනන්දීයෙකු වූ පිල්ප් ගුණවර්ධන සමඟ පෙරමුණක් ගසා මැතිවරණයකට ගියේය. මෙම තරගයේදී මෙත්තානන්දගේ ශිෂ්‍යයෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඔහුව දැඩි විවේචනයට ලක් කළේය. “මෙත්තානන්ද මගේ ගුරා. අපි දෙදෙනාම ලන්ඩන් නුවරදී හමුවී එකම විභාගයට ඉදිරිපත් වුණා. නමුත් ප්‍රතිඵල එනකොට ගුරා ෆේල් ගෝලයා පාස් යැයි ඇන්.ඇම්. දේශපාලන වේදිකාවේ සිට සිය ගුරැවරයාව හාස්‍යයට ලක් කළේය. 


ඒ කෙසේවුවද රජයේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම සඳහා පාසල් ජනසතු කිරීම සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙත්තානන්ද යුගයේ විශිෂ්ට ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් රාජ්‍ය අධ්‍යාපනය නම් සිහිනය සැබෑ කිරීමට දැඩි උනන්දුවෙන් කැප වූහ.

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01
 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00