2018 ජුනි 30 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

නිවාස ව්‍යාපෘති ගැටුම: සජිත්ගෙන් අස්වෙන බවට තර්ජනයක් 

නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී තම ඇමැති ධූරයෙන් සහ එජාප නියෝජ්‍ය නායක තනතුරින් ඉල්ලා අස්වන බවට තර්ජනයක් කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාම්තෙල් වැවිලි ඉඩමක ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තමන්ට ඉඩ නුදුන්නොත් එම තීරණය ගන්නා බව ඔහු ප්‍රකාශ කර තිබුණි.

මෙම වැඩපිළිවෙළට විරෝධය දක්වා තිබුණේ ඔහුගේ කැබිනට් සගයකු වන කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරය. එම ඉදිකිරීම් සම්බන්ධයෙන් තමා හෝ තම අමාත්‍යාංශය හෝ දැනුවත් නොකිරීම එම විරෝධයට හේතු වී තිබිණි. එවැනි ව්‍යාපෘති ප්‍රේමදාස මහතාගේ තනි කැමැත්තට සිදුකළ නොහැකි බව ඔහුගේ පැමිණිල්ල විය.

මේ ප්‍රකාශය ඇමැතිවරුන් දෙදෙනා අතර බහින්බස් වීමකට මගපෑදීය. අමරවීර මහතා චෝදනා කළේ එවැනි වැඩපිළිවෙළවල් අදාළ සෙසු දේශපාලනඥයන්ගේ අදහස් විමසීමකින් තොරව දේශපාලන හේතූන් මත පදනම් වෙමින් දියත් නොකළ යුතු බවටය.

මෙහිදී කෝපයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩනුදුන්නොත් තම අමාත්‍යධූරයෙන් සහ එජප නියෝජ්‍ය නායක පදවියෙන් ඉල්ලා අස්වන බවය. අමරවීර මහතා පැවැසුවේ අදාළ කාරණාව එය නොවන බවත් තනි කැමැත්තට එවැනි දේ සිදුකිරීම බවත්ය. පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය සමතයකට පත්කිරීමට දැරෑ සියලු උත්සහාය ව්‍යාර්ථ විය.

“අපි මේක මෙතැන කතා නොකර ඉඳිමු.” යැයි පැවැසු ජනාධිපතිවරයා එය ඊළඟ සතියට කල් දැම්මේය.

ප්‍රේමදාස මහතා ඉල්ලා අස්වීමට තර්ජනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ ජනවාරි 17 වැනිදා කැබිනට් රුස්වීමේදී ද ඔහු මෙවැනිම තර්ජනයක් කළේය.

- සන්ඩේ ටයිම්ස්

අගමැතිගේ අධීක්ෂණ මන්ත්‍රීන්ට බැහැ කියූ ඇමැති

අමාත්‍යාංශවලට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත අධීක්ෂණ මන්ත්‍රීවරුන් දෙදෙනකු පත්කිරීමේ වැඩපිළිවෙළ අඩුම වශයෙන් එක් ඇමැතිවරයකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

අදාළ ඇමැතිවරයා තම අමාත්‍යාංශය පත්කරන ලද මන්ත්‍රීවරැන් දෙදෙනාට පවසා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ ආකාරයට සේවය කර විවිධ වරදාන ලබාගැනීමට ප්‍රතිපාදන සලසා නැති බවය.

මැයි මාසයේ 25 වැනිදා දාතමින් සියලු ඇමැතිවරුන් වෙත ලිපියක් යවමින් අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම මන්ත්‍රීවරැන් පත්කරනු ලබන්නේ අදාළ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් සම්බන්ධීකරණය සඳහා බවය. අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ “නියමිත රාජකාරි* ඔවුන්ට බාරදී ඇති බවත් අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබාදී ඇති බවත් සහ ප්‍රවාහන පහසුකම් සකස් කර ඇති බවත්ය.

ඡන්ද කල්දැමිල්ල

ඉහළම ගෞරවය

තුවක්කු සංස්කෘතිය රට තුළ ශීඝ්‍රයෙන් හිස එසවීම රටේ දේශපාලන ක්ෂේත්‍ර තුළ පවා ලොකු මාතෘකාවක් බවට පත්ව තිබේ. මහදවල් මහමගදී පවා වෙඩි තබාගන්නා තත්ත්වයකට රටේ ආරක්ෂාව පහළ වැටීම බොහෝ දෙනාගේ අවධානයකට ලක්වී ඇත. පොලිස්පතිවරයා විසින් නියම කරන ලද පරිදි පොලිස් නිලධාරීන් බණ භාවනා කරමින් සිටියදී පාතාලය හිතේ හැටියට මිනීමරා ගන්නා බව පෙන්නුම් කරන කාටුන් ද පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළවිය.

මාතරදී සිදු වූ පාතාලය පොලීසියට වෙඩි තැබීම සමඟ මේ කතා වඩාත් උණුසුම් අතට හැරී තිබේ. එහිදී මියගිය පොලිස් භටයාගේ අවසන් කටයුතු සිදුකෙරුණු ආකාරය ද රටේම අවධානයට ලක්විය. මාතර වැසියන්, ව්‍යාපාරිකයන් මියගිය පොලිස් නිලධාරියාට හැකි ඉහළම ගෞරව පුදනු දැකිය හැකි විය.

එම අවමඟුල් උළෙල සිදුකෙරෙන ආකාරය නිහඬව බලාසිටි එක් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු තම හිතවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට කියා තිබුණේ රටේ ජනතාව තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ජීවිතය පුදකළ පොලිස් නිලධාරියාට දැක්වූ හෘදයාංගම ගෞරවය තමන්ගේ නෙතට කඳුළු නැංවූ බවය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00