2018 මාර්තු 10 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

සංචාරක ව්‍යාපාරයේ කැළඹීම්

මහනුවර සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් වහාම පාඩු සිදුවූයේ සංචාරක කර්මාන්තයටය. චීනයෙන් විශාල සංචාරකයන් පිරිසක් පැමිණීම හේතුවෙන් පෙබරවාරියේ 20%කින් සංචාරක ආගමනය ඉහළ ගියේය. එහෙත් ගෙවිගිය සතියේ මහනුවර සිද්ධීන් සමඟ සිය ගණන් සංචාරක වෙන් කරවා ගැනීම් වහාම අවලංගු කෙරිණි.

මේ හේතුවෙන් සංචාරක ව්‍යාපාරිකයෝ අනාගත වෙන්කරවා ගැනීම් සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටිති. ඔවුන් රජයට තදින්ම කියා ඇත්තේ රටේ සාමාන්‍ය තත්ත්වය හැකි ඉක්මනින් යළි ඇතිකර විශ්වාසය සහ ආරක්ෂාව ගොඩනංවන ලෙසටය.
මේ අතර මහා පරිමාණයෙන් සිදුවිය හැකි අවලංගු කිරීම් වළක්වා ගැනීම සඳහා මහජන සබඳතා සහ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවද සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයෝ යෝජනා කරති.

තම අනන්‍යතාව හෙළි නොකිරීමේ පදනම මත කතා කළ හෝටල් සහ නවාතැන්පොළ හිමිකරැවන් කිහිපදෙනකුම ප්‍රකාශ කළේ දින දෙකක් තුළ දී තම ආයතනවල වෙන්කරවා ගැනීම් සිය ගණනක් අවලංගු කෙරුණු බවය. ගෝලීය මාධ්‍ය මගින් කේන්ද්‍රගත කරන්නේ මහනුවර නගරයේ ජනවාර්ගික ගැටුම් පවතින බවයි. මහනුවර සංචාරක සහ උරැමයේ නගරයක් වීම නිසා එහි බලපෑම ඉහළයි. හදිසි නීතිය පැනවූයේ සතියකට වුණත් අවලංගු කිරීම් සිදුවෙනවා. යැයි ද ඔවුහු කීහ.

මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සංචාරක සමය මැදදී සිදුවීම නිසා ඉදිරියේ දී පවා සිදුවිය හැකි අවලංගු කිරීම් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

ඩේලි එෆ්.ටී.

දුටු තැන වෙඩි තබන නියෝග දෙන්න - හකීම්

පොලිස් ඇඳිරිනීතිය බලගැන්වීම සඳහා කලබල සිදුවන ප්‍රදේශවලදී දුටු තැන වෙඩි තැබීමේ නියෝග නිකුත් කළ යුතු යැයි රවුෆ් හකීම් ඇමැතිවරයා ආණ්ඩුවට යෝජනා කර තිබේ. ආරම්භයේ දී තත්ත්වය පාලනය කිරීමේ ගැටලු පැවතියද සිදුවීම් සියල්ලේ වරද ආණ්ඩුව මත පැටවිය නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීම සඳහා තිබූ සූදානමේ ගැටලු පැවැති බවද ඔහු සඳහන් කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලීම පිළිබඳව කලින්ම බුද්ධි අංශවලට තොරතුරු දැනගැනීමට අසමත් වීම ගැන රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඇමැතිවරයා කියයි. නිසැකවම බුද්ධි අංශ සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ නිවැරදි වැටහීමක් තිබී නැහැ. ඒ පිළිබඳ පූර්ව අනතුරැ ඇඟවීම් කිරීමටද අසමත් වුණා. මේ තරම් දරැණු ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මුහුණදීමට අපේ කිසිම සූදානමක් තිබුණේ නැහැ යැයි ද ඔහු සඳහන් කළේය.

ඩේලි මිරර්

අපූරු හමුවක්

දේශපාලන ලෝකයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බවත් ඇත්තේ සදාකාලික ඕනෑඑපාකම් පමණක් බවත් කියති. වත්මන් රජයේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක ළඟ මෙසේ අසුන්ගෙන සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා (08) පස්වරැවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැති දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන උළෙලේදීය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනපති මහින්ද මුණගැසීම දේශපාලන ලෝකයේ මතවාදයක් ඇති කර තිබේ.

ඩේලි මිරර්
(ඡායාරූපය - කුෂාන් පතිරාජ)