2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ජනපති ඡන්ද රැස්වීමේදී 

පෙන්නූ හැන්සාඩ් එක

පුංචි ඡන්ද වේදිකාව මේ දිනවලදී ගිනියම් වී තිබෙන්නේ තරග වදින අපේක්ෂකයන්ට වඩා ඔවුන්ට නායකත්වය දෙන පක්ෂ නායකයන් විසින් සිදුකරන විවිධ ප්‍රකාශ හේතුවෙනි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හිටපු ජනපතිවරයාත් පමණක් නොව ජවිපෙ නායකයාත් විසින් සිදුකරන ප්‍රකාශ මාධ්‍යයේ සිරස්තල මවන බව පෙනෙන්නට තිබේ. එයින් වඩාත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව පැහැදිලිය.

සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ වාර්තා කර තිබුණේ පසුගිය 25 වැනිදා පානදුරේ පැවැති එජනිස රැලියට සහභාගි වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ගියේ හැන්සාඩ් පිටපතක් ද රැගෙන බවය. පාර්ලිමේන්තු රුස්වීම් වාර්තා කරන හැන්සාඩ් වාර්තාවේ ඔහු රැගෙන ගොස් තිබුණේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය ප්‍රකාශ කළ ආකාරය සඳහන් පිටපතය. ඊට හේතුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන රැලියක දී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය වැරදි බව පෙන්වීමටය.

ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මා මිත්‍රයා වශයෙන් හඳුන්වමින් සඳහන් කළේ අදාළ යෝජනාවට ඡන්දය ගන්නා අවස්ථාවේ රාජපක්ෂ මහතා එහි නොසිටි බවය. ඔහු කරුණානායකට ටෙලිෆෝන් කර සුබ පැතුවා යැයි ද ජනාධිපතිවරයා පැවැසුවේය. ඔහු තවදුරටත් පැවැසුවේ එම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරැන්ගේත් නොපැමිණි මන්ත්‍රීවරුන්ගේත් නම් එම හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන බවය. මහින්ද රාජපක්ෂ මහතාගේ නම එහි සටහන්ව ඇත්තේ නොපැමිණි ලැයිස්තුවේ බවද ජනාධිපතිවරයා කීය.

රවි ගැන යූ.එන්.පී. කෘත්‍යාධිකාරියෙන් තීරණයක්

යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨ උප නායක පදවියෙන් රවි කරුණානායක මහතා ඉල්ලා අස්නොවන්නේ නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී කමිටුව රැස් වී ඔහු පිළිබඳව තීරණයක් ගනු ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ කෘත්‍යාධිකාරී කමිටුවේ බහුතරයක් සාමාජිකයන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ද රවි කරුණානායක මහතා තම නම නීතිය හමුවේ පිරිසුදු කරගන්නා තෙක් පක්ෂයේ කටයුතුවලින් ඈත්වී සිටීම සුදුසු යැයි විශ්වාස කරන බවයි.
අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද තිලක් මාරපන කමිටුව මගින් මේ ගැටලුවේදී පක්ෂය ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රබල මත දැක්වීමක් සිදුකර ඇතැයි ද දැනගන්නට තිබේ.

පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ කාරණය සම්බන්ධයෙන් තම අදහස නිරවුල්ව ඉදිරිපත් කර පක්ෂයේ කටයුතුවලින් ඈත්ව සිටින්නැයි රවි කරුණානායක මහතාගෙන් කාරැණික ඉල්ලීමක් කළ බවද පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය එහිදී විශේෂයෙන් සඳහන් කළ බවද සඳහන් වේ.

මේ අතර පසුගිය බදාදා (31) කොළඹ කොටහේනේ දී පැවැති ඡන්ද රැස්වීමකදී රවි කරැණානායක මහතා ප්‍රකාශ කර තිබුණේ ඡන්ද කාලයේ වේදිකාවලදී ජනාධිපති සහ අගමැති සිදුකරන ප්‍රකාශ එතරම් ගණන් ගත යුතු නැති බවය.

ඩේලි මිරර්