2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86
සේප්පුවේ මිලියන 140ට එංගලන්තෙන් තොප්පියක්!
 
 
බැඳුම්කරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කරන ලද කොමිසම මගින් මාස හතරකට පමණ පෙර බ්‍රිතාන්‍ය ජාතිකයකු බවට පත්වූ ශ්‍රී ලාංකිකයකු සම්බන්ධව විස්තර විමසනු ලැබීය. මොහු තමන්ගේ ශ්‍රී ලාංකික සමාගමේ සේප්පුවේ රුපියල් මිලියන 140ක මුදලක් තැන්පත් කර තැබීම එම කරුණු විමසීමට පදනම් වී තිබිණි.
 
හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් මොනෑක් රෙසිඩන්සීස් සුපිරි මහල් නිවාසයක් මිලදී ගැනීමට භාවිතා කළ බවට චෝදනා නැගුණේ මේ මුදලින් කොටසකි. එම නිවාසයේ හිමිකරැ වූයේ කොමිසමේ විමර්ශන සිදු කෙරෙන විෂයයකට අදාළ අර්ජුන ඇලෝසියයස්ය.
 
දැන් දැනගන්නට තිබෙන්නේ වරක් ගණකාධිකාරවරයකු වශයෙන් ද කටයුතු කළ මේ පුද්ගලයා ලොකු අමාරැවක වැටී සිටින බවය. බ්‍රිතාන්‍යයේ බදු කටයුතු භාර අධිකාරීන් විසින් ඔහුට දැනුම් දී ඇත්තේ එම මුදල් ප්‍රමාණය ලැබුණේ කෙලෙසදැයි දැනුම් දෙන ලෙසය. එය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමටත් එම මුදල් ප්‍රමාණය සඳහා බදු නොගෙවීමටත් හේතු දක්වන ලෙසය.
 
- සන්ඩේ ටයිම්ස්
 
 
ඡන්දය සහ මහජනතාවගේ පරමාධිපත්‍යය
 
පසුගිය සතියේදී කතානායකවරයා වෙත ඉල්ලීමක් කළ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ ජනවාරි මාසයේදී පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බව සහතික කරදීමට මැදිහත් වන ලෙසටය. කතානායකවරයා මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පතා තිබුණද බරපතළම ගැටලුවක් වන්නේ එය ඔහුට කළ හැකිද යන්නය. විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය අතර පවතින සංවරණ හා තුලන තත්ත්වය ඊට හේතුවය.
 
මේ සියලු ආකූල ව්‍යාකූල තත්ත්වයන් මැද එක් කාරණයක් පැහැදිලිය. ජනතාව අතැති පරමාධිපත්‍යය ඔවුන් ඡන්දයකදී භාවිත කරන බවය. පාර්ලිමේන්තුව උත්තරීතර වනුයේ මහජනතාවගේ නියෝජිතයන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබූවන් එතුළ සිටීම හේතුවෙනි. පළාත් පාලන ආයතන සියල්ලේමත් පළාත් සභා තුනකත් ඡන්දය කල්දමා තිබේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැත. අපගේ බලාපොරොත්තුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සියලු පියවර ගනු ඇති බවය. තම පළාත් පාලන සහ ජාතික මට්ටමේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මහජනතාවට ඇති මූලික අයිතිවාසිකම රැකෙනු ඇත්තේ එමගිනි.
 
  - ඩේලිමිරර්
 
 
අමුණුගම ඇමැතිගේ දුර්ලභ සාකච්ඡා
 
විශේෂ ව්‍යාපෘති භාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ කලාතුරකිනි. ඔහු පසුගිය බ්‍රහස්පතින්දා (23) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ තමන් මින්පසු සෑම බ්‍රහස්පතින්දාවකම මාධ්‍ය සාකච්ඡා තබන බවය. රාජ්‍ය ව්‍යවසායක මගින් රුපියල් බිලියන ගණනින් සිදුවන පාඩු රටේ ආර්ථිකයටත් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමටත් සිදුකරන අයහපත් බලපෑම් පෙන්වාදීම එහි අරමුණ වී තිබේ.
 
ආචාර්ය අමුණුගම ඇමැතිවරයා එහිදී නිලධාරීන්ට තදින්ම කීවේ තමන් යටතේ ආයතනවල දේපළ වඩාත් ඵලදායී ආකාරයට යොදවා ගන්නා ලෙසටය. මෙම ආයතනවලින් සිදුවන අලාභ රාජ්‍ය ගිණුම් ශේෂපත්‍රයට සිදුකරන බලපෑම අවබෝධ කරගන්නැයි ඔහු මහජනතාවගේ ඉල්ලීමක්ද කළේය. 
 
තෙල් සංස්ථාව සහ විදුලි බිල මණ්ඩලය වැනි විශාල ආයතන දෙසට ඇඟිල්ල දිගුකරමින් “තමන් යටතේ ඇති වටිනා දේපළ කා දමන රාජ්‍ය ආයතන” ප්‍රයෝජනයට ගතහැකි සම්පත් මත හිඳගෙන සිටින බවට ඇමැතිවරයා චෝදනා නැගුවේය.
 
- ඩේලි එෆ්.ටී.
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00