2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ප්‍රතිඵලයට වැදගත් සංඛ්‍යාලේඛන

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 209

ලබන 05 වැනිදා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 16 වැනි මහ මැතිවරණයයි. මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනකු තෝරා පත්කර ගන්නා අතර ජාතික ලැයිස්තුවෙන් පත්කර ගන්නා මන්ත්‍රීවරුන් 29 දෙනා ද සමඟ මන්ත්‍රී සංඛ්‍යාව 225කි. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 15,992,096කි. තරග බිමේ සිටින ඡන්ද අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 7452කි.

මෙවර මැතිවරණයේ දී දිස්ත්‍රික්ක මට්ටමින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මෙසේය.

බස්නාහිර පළාත - කොළඹ - 19, ගම්පහ 18, කළුතර 10
දකුණු පළාත - ගාල්ල 09, මාතර 07, හම්බන්තොට 07
ඌව පළාත - බදුල්ල 09, මොනරාගල 06
මධ්‍යම පළාත - මහනුවර 12, මාතලේ 05, නුවරඑළිය 05
උතුරුමැද පළාත - අනුරාධපුර 09, පොළොන්නරුව 05
සබරගමුව පළාත - රත්නපුර 11, කෑගල්ල 09
වයඹ පළාත - කුරුණෑගල 15, පුත්තලම 08
උතුරු පළාත - යාපනය 07, වන්නි 06
නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය 04, මඩකලපුව 05, දිගාමඩුල්ල 07

ඒ ඒ දිස්ත්‍රික්කවලින් ලියාපදිංචි වී සිටින ඡන්දදායක සංඛ්‍යාව මෙසේය.

කොළඹ - 1,670,403 - ගම්පහ - 1,751,892 - කළුතර - 955,079
මහනුවර - 100,780 - මාතලේ - 401,496 - නුවරඑළිය - 569,028
ගාල්ල - 858,749 - මාතර - 652,417 - හම්බන්තොට - 485,786
යාපනය - 564,714 - වන්නි - 282,119
මඩකලපුව - 398,301 - දිගාමඩුල්ල - 503,790 - ත්‍රිකුණාමලය - 281,114
කුරුණෑගල - 1331,705 - පුත්තලම - 599,042
අනුරාධපුර - 682,450 - පොළොන්නරුව - 326,443
බදුල්ල - 657,766 - මොනරාගල - 366,524
රත්නපුර - 864,978 - කෑගල්ල - 676,440

ආසන මට්ටමින් වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින්නේ නුවරඑළිය - මස්කෙළිය ආසනයේ වන අතර සංඛ්‍යාව 325,030කි. නුවරඑළියේ අඩුම ඡන්දදායකයන් සිටින ආසනය හඟුරන්කෙත වන අතර සංඛ්‍යාව 74,336කි.
යාපනයේ කයිට්ස් ආසන මට්ටමින් අඩුම ඡන්දදායකයන් පිරිසක් සිටින ආසනයයි. සංඛ්‍යාව 23,351කි.

මැතිවරණ ජයග්‍රහණයකදී වඩාත් තීරණාත්මක දිස්ත්‍රික්කයක් වශයෙන් සලකන ගම්පහ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින දිස්ත්‍රික්කය වෙයි. එම දිස්ත්‍රික්කය ජයගන්නා පක්ෂය හෝ සන්ධානය සමස්ත ඡන්දයේ ජයග්‍රහණය හිමිකරගන්නා බවට මතයක් පැවතීම ඊට හේතු වෙයි. මහර ආසනය එම දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායකයන් පිරිසක් නියෝජනය කරන අතර සංඛ්‍යාව 161,630කි. අඩුම කැලණිය වන අතර සංඛ්‍යාව 95,290කි.

මීළඟට වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටින කොළඹ ආසන මට්ටමින් ඉහළම ඡන්දදායකයන් පිරිසක් සිටින්නේ හෝමාගම ආසනයේ වන අතර සංඛ්‍යාව 193,506කි. අඩුම ඡන්ද සංඛ්‍යාව බටහිර කොළඹ වන අතර සංඛ්‍යාව 40,665කි.
උග්‍ර මනාප සටනක් පවතින මාතර දිස්ත්‍රික්කයේ උපරිම ඡන්ද සංඛ්‍යාව දෙනියායෙන් වන අතර ප්‍රමාණය 103,359කි. අවම දෙවිනුවරය. සංඛ්‍යාව 81,234කි.

සෙසු දිස්ත්‍රික්කවල උපරිම සහ අවම ඡන්දදායකයන් සංඛ්‍යාවක් සිටින ආසන මෙසේය.

කළුතර - බණ්ඩාරගම - 145,338 - බුලත්සිංහල - 85,852
මහනුවර - හාරිස්පත්තුව - 166,867 - තෙල්දෙණිය - 50,365
මාතලේ - දඹුල්ල - 139,857 - ලග්ගල - 73,617
ගාල්ල - හිනිදුම 104,703 - බලපිටිය - 55,062
හම්බන්තොට - තිස්සමහාරාම - 174,965 - බෙලිඅත්ත - 79,782
වන්නි - වවුනියාව - 117,333 - මුලතිව් - 75,381
මඩකලපුව - මඩකලපුව - 187,682 - පදිරුප්පු - 94,645
දිගාමඩුල්ල - අම්පාර - 174,421 - කල්මුණ - 76,283
ත්‍රිකුණාමලය - මුතූර් - 107,030 - සේරුවිල - 79,303
කුරුණෑගල - යාපහුව - 119,976 - දොඩම්ගස්ලන්ද - 73,350
පුත්තලම - පුත්තලම - 144,450 - නාත්තණ්ඩිය - 95,936
අනුරාධපුර - කලාවැව - 131,906 - මිහින්තලේ - 69,284
පොළොන්නරුව - පොළොන්නරුව - 156,023 - මැදිරිගිරිය - 82,123
බදුල්ල - මහියංගණය 103,439 - වියලුව - 54,220
මොනරාගල - වැල්ලවාය - 161,554 - බිබිල - 89,097
රත්නපුර - කොළොන්න - 150,092 - කලවාන - 67,356
කෑගල්ල - මාවනැල්ල - 96,225 - අරණායක - 53,859