2020 ජුලි 18 වන සෙනසුරාදා

මහමැතිවරණය පසුවන තෙක් පාසල් වසයි

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58

අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ කටයුතු අවසන් වන තෙක් රටේ සියලුම පාසල් වසා තබනු ඇතැයි දැනගන්නට තිබේ. කන්දකාඩු පොකුර ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදිත රෝගීන් 492ක් හමුවීමත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා (16) සවස් වනවිට 2,687ක් දක්වා ඉහළ ගොස් තිබීමත් මේ තීන්දුව ගැනීමට හේතුවී ඇතැයිද සඳහන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන අමාත්‍යංශයට මෙසේ පාසල් වසා තබන ලෙසට නිර්දේශ කර ඇත්තේ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. අගෝස්තු 05 වැනිදා මහමැතිවරණය පවත්වා අවසන් වනවිට කොවිඩ් වයිරසයේ ව්‍යාප්තවීමද හොඳින් පාලනය වී තිබෙනු ඇතැයි බලධාරීන්ගේ අදහස වී තිබේ. මේ සම්බන්ධ නිල නිවේදනය අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිකුරාදා (17) පස්වරුවේ නිකුත් වීමට නියමිතව තිබිණි.

මහමැතිවරණය සඳහා යොදවා ගැනීමට නම්කර ඇති පාසල් පූර්ව සූදානම් කටයුතු සඳහා මැතිවරණ රාජකාරි නිලධාරීන් වෙනුවෙන් විවෘතව තැබෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් කලින් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ජූලි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා පාසල් වහාම වසා දමන බවය. කොරෝනා හේතුවෙන් වසා තැබුණු පාසල් පද්ධතිය කොටස් වශයෙන් විවෘත කිරීම අරඹා සති කිහිපයක් ඉකුත් වීමෙන් පසුව එසේ යළි වසාදමනු ලැබුවේ කන්දකාඩු පුනරැත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර සම්බන්ධයෙන් ජනතාව අතර බියක් පැතිරීම හේතුවෙනි.

- ඩේලි මිරර්

යාපනේ ඡන්දයේ අමුතු “පබ්ලිසිටි” වැඩ

ටී.එන්.ඒ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් යාපනයේ ප්‍රකාශයට පත්කෙරෙන පුවත්පතකින් පක්ෂයේ ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා දැඩිව විවේචනයට ලක්කර තිබිණි. ඉදිරි මහමැතිවරණයේ මනාප හුටපටයක් මෙයට හේතුවූ බවද සඳහන්ය.

ඉකුත් සතියේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු උපුටා දක්වමින් එම පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් සුමන්තිරන්ට පහර ගසා තිබුණේ දෙමළ ජාතිකත්ව දේශපාලනය රැකගැනීමට නම් සුමන්තිරන්ට ඡන්දය නොදිය යුතු බව ප්‍රකාශ කරමිනි.
ඊළඟ දිනයේ තමන් සහභාගී වූ රැස්වීමකදී සුමන්තිරන් කළේ මෙකී පුවත්පත් 100ක් මිලයට ගෙන තමන්ගේ කතාවට පෙර ඒවා ජනතාව අතරේ බෙදාදීමය.

විශේෂයෙන්ම ඡන්ද කාලයේදී “ඕනෑම පබ්ලිසිටියක් දේශපාලනඥයකුට හොඳ පබ්ලිසිටියක්” යැයි කවුරුන් හෝ පවසා ඇත්තේ කටකහනවාට නොවේ.

මේ අතර උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති සී. විග්නේෂ්වරන්ද තමන්ගේ ඡන්ද ව්‍යාපෘතිය ආරම්භ කළේ යාපනය දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් වූ වඩුක්කොඩෙයිහි ප්‍රථම රැස්වීම පවත්වමිනි. මෙරට දේශපාලනයේ එක් තීරණාත්මක හැරවුමක් වූ “වඩුක්කොඩෙයි යෝජනාව” සම්මත කෙරුණේ එම ස්ථානයේදීය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මගින් 1976දී සම්මත කරගත් එකී යෝජනාවෙන් වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවට ඉල්ලීම ඉදිරිපත් විය.

උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය පදවිය විග්නේෂ්වරන්ට ලබාදුන්නේ ටී.එන්.ඒ. වුවත් ඔහු පසුව එම පක්ෂයෙන් ඉවත් වී ගොස් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වෙනම පක්ෂයක් පිහිටුවා ගත්තේය.

මේ අතර උතුරේ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් තම රැස්වීම් සඳහා ජනතාවගේ සහභාගීත්වය අවම වීම පිළිබඳව කනස්සල්ලෙන් පසුවෙති. කොවිඩ් 19 බලපෑම් හේතුවෙන් ජනතාව රුස්වීම් සඳහා නොපැමිණීම ඊට හේතු වී තිබේ.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00