2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

මිලේනියම් කලබලය

කාලයක් තිස්සේ ඇදෙමින් තිබූ අමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් ගිවිසුම ජනාධිපතිවරණයට දින 20ක් තිබියදී යළි ඉස්මතු විය. ශ්‍රී ලංකා රජය යන්න වෙනුවට මූල්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වශයෙන් නම් කර (ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට යැවූ ලිපිය අනුව) අත්සන් කිරීමට නියමිත වූ මිලේනියම් ගිවිසුම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය බදාදා (30) හදිසියේ කැඳවූ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ඔහු කියා සිටියේ එම ගිවිසුම ඉදිරියේදී අත්සන් කරන බවය. කැබිනට් මණ්ඩලයට එම ගිවිසුම ඉදිරිපත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා එයට එරෙහිව ගිය බවක් වාර්තා නොවූවත් ඒ ගැන කැමැත්තක් දක්වා නොතිබිණි. එහෙත් ඉන් දෙදිනකට පසුව මංගල සමරවීරට ජනාධිපති දැනුම් දුන්නේ ජනාධිපතිවරණයට පෙර එයට අත්සන් නොකරන ලෙසටය. එම දැනුම් දීම දුරකථනයෙන් කළ ඉල්ලීමක් විය.

එම ඉල්ලීම ඉදිරිපත් කෙරැණේ යෝජිත අමෙරිකානු ගිවිසුම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානියක් බැවින් එය ක්‍රියාත්මක නොකරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින බව සඳහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය පසුබිමේය. එම ගිවිසුමේ පිටපත අධ්‍යයනයේදී ශ්‍රී ලංකාවට අහිතකර වගන්ති රාශියක් ඇතැයි පෙනී යන බවත් එම අධ්‍යයනයට පසුව සකස් කරන ලද විස්තර වාර්තාව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ බවත් නීතිඥ සංගමයේ නිවේදනයෙන් සඳහන් වේ.

මේ අතර මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. නීතිපති දෙපාර්තමේන්තුවේ පූර්ණ නිරීක්ෂණය යටතේ එහි සම්පූර්ණ ක්‍රමවේදයම සිදුවන බවද එහි සඳහන් විය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සම්පූර්ණ ගිවිසුම ගැසට් පත්‍රයේ පළකරන බවද නිවේදනය කියයි.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා (31) රජයට කියා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තොරව අත්සන් කිරීමෙන් වළකින ලෙසටය. එවැනි අත්සන් කිරීමකින් නිසි ක්‍රමවේදය සහ විනිවිදභාවය යටපත්කර දැමෙන බවද ඔහු කියයි. ජනාධිපතිවරණයට සති දෙකක් වැනි කාලයක් පමණක් තිබියදී මේ ගිවිසුමට අත්සන් කිරීමට අග්‍රමාත්‍යවරයාට තිබෙන හදිසිය ගැන අනතුරැ අඟවන විපක්ෂනායකවරයා මෙවැනි වැදගත් ගිවිසුමක් ජනතාවට සහ පාර්ලිමේන්තුවට හොරෙන් කිසිදු අයුරකින් අත්සන් නොකළ යුතු බවත් කියයි.

මෙම අමෙරිකානු ගිවිසුම් සම්බන්ධයෙන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස මේ සටහන තබන තුරු කිසිදු අදහසක් ප්‍රකාශ කර නොතිබිණි. ගිවිසුම අත්සන් කිරීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති තීරණයට සජිත් විරෝධය දක්වනු ඇතැයි කිවනොහැක. මීට කලින් කැබිනට් මණ්ඩලයේදී ගිවිසුම සාකච්ඡාවට ගත් අවස්ථාවලදී සජිත් ඊට එරෙහිව කතා කළ බවත් දැනගන්නට නැත. එසේම ගෝඨාභය ද මිලේනියම් ගිවිසුම සම්බන්ධයෙන් දරන්නේ තමන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ දරණ අදහසම දැයි තවම කියා නැත. අමෙරිකානු ගිවිසුම ආණ්ඩුව විසින් කඩිමුඩියේ අත්සන් කිරීමට ඍජු ලෙස විරෝධය පෑමට අපේක්ෂකයන් දෙදෙනාම ඉදිරිපත් නොවන බව පිටතින් පෙනෙන්නට තිබෙන යථාර්ථයයි.

මිලේනියම් ගිවිසුම අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආධාර මුදල අමෙරිකානු ඩොලර් කෝටි 48කි. දැනට 30කට අධික රටවල් සංඛ්‍යාවක් මේ ගිවිසුමට අත්සන් කර තිබේ. ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 37 වැනි රටයි.

ඡන්ද පෙට්ටි ජාති තුනක්

ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි 18 වැනිදා පෙරවරැවේ ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය බ්‍රහස්පතින්දා (31) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබිණි. කිසිදු අපේක්ෂකයකුට 50% ඉක්මවා ඡන්දය ලබාගත නොහැකි වුවහොත් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම එදිනම රාත්‍රී ආහාර වේලාව පමණ දක්වා ප්‍රමාද විය හැකි බවද ඔහු සඳහන් කළේය. මනාපය ගණන් කිරීමට සිදුවුවහොත් එම ප්‍රමාදය සිදුවන බවද ඔහු කීය.

අපේක්ෂක සංඛ්‍යාව ඉහළ යාමෙන් දිගින් වැඩිවී ඇති ඡන්ද පත්‍රිකාව හේතුවෙන් වර්ග තුනක ඡන්ද පෙට්ටි භාවිත කිරීමටද සැලසුම් කර ඇත. “දහසයකට වඩා අඩු කුඩා ඡන්ද මධ්‍යස්ථාන සඳහා කුඩා පෙට්ටිත්, දහස සහ එක්දාස්පන්සීය අතර මධ්‍යස්ථාන සඳහා මැදි ප්‍රමාණයේ පෙට්ටිත්, එක්දහස්පන්සීයට වඩා සිටින මධ්‍යස්ථාන සඳහා වඩා විශාල පෙට්ටිත් යොදා ගන්නවා.* යැයි ද මහින්ද දේශප්‍රිය මහතා කීය.

කොම්පියුටර් ජිල්මාට් හෝ මැතිවරණ දූෂණ වශයෙන් හඳුන්වන ක්‍රියා මැඩපැවැත්වීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් යොදවා තිබෙන බවද ලබාදෙන ඡන්ද පෙට්ටි ඡන්ද නිලධාරීන් සහ ඡන්දපොළ ඒජන්තවරැන් විසින් හොඳින් පරීක්ෂා කර බලන බවද ඉන්පසුව ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භයට පෙර ඒවාට මුද්‍රා තබන බවද ඔහු කීය

 ඩේලි මිරර්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00