2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

ආණ්ඩුවේ හිටපු ආර්ථික උපදේශක අද කියන කතාව

මෙරටට ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහා 2015 දී ලැබුණු රටකට කලාතුරකින් හිමිවන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට වත්මන් ආණ්ඩුව &මුළුමනින්ම අසමත් වූ බව කීර්තිමත් ආර්ථික විශ්ලේෂකයකු වන ආචාර්ය රසීන් සලී ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 69 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු පසුගිය බදාදා (11) මේ බව පැවසීය.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ අසමත් වූ ප්‍රතිපත්ති උපදේශක වශයෙන් තමන්ව හඳුන්වාගත් ආචාර්ය සලී වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයකු වශයෙන් කටයුතු කළ විද්වතෙකි. සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ මහජන ප්‍රතිපත්ති පිළිබඳ ලී ක්වාන් යූ පීඨයේ සම මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරයි. පැයක් තිස්සේ මෙරට ආර්ථිකයේ අසාර්ථක උත්සාහයන් පිළිබඳ සිදුකළ එම කතාවේ සඳහන් වූ ප්‍රමුඛ කරැණු කිහිපයක් මෙසේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ලිබරල් ප්‍රතිපත්ති හඳුන්වා දීම සඳහා ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මේ රජය විනාශ කරගෙන තිබේ.

මේ රජයට ආර්ථික සැලැස්මක් නැත. එවැන්නක් ප්‍රවර්ධනයට කටයුතු කළේද නැත.

2025 දී (2025V) ශ්‍රී ලංකාව සිංගප්පූරැවක් කරන බව සිදු කරන ප්‍රකාශ නත්තල් සිහිනයකි. බොරු පූච්චානම් කතාවකි.

ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් තනතුරු සඳහා පත් කිරීම් සිදුකර ඇත්තේ හැකියාවන් සහ ප්‍රවීණත්වය මුළුමනින්ම නොසලකා හරිමිනි.

මැතිවරණය ළඟා වෙද්දී ශ්‍රී ලංකාව යක්ෂයා සහ මහ මුහුද අතර හිරවී සිටී.

දේශපාලනික සහ ආයතනික වශයෙන් ලබාගෙන ඇති යම් ජයග්‍රහණ වේ නම් ඒවාද ද නුදුරැ අනාගතයේදීම ආපසු හැරීමේ අවදානමක් තිබේ.

 ඩේලි එෆ්.ටී.

අමුඩෙත් නැතුවයි යන්න වෙන්නේ!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි වාර්ෂික සමුළුව පසුගිය 03 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැති අවස්ථාවේ කනින් කොනින් ඇසුණු සිත් ඇදගන්නා සුළු සිදුවීම් කිහිපයක්ම විය.

දේශපාලන පක්ෂවලට ඇරියුම් කර තිබුණේ පුද්ගල නාමයෙන් නොව පක්ෂයේ නාමයෙනි. කෙසේ වුවද සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (ACMC) නායක රිෂාඩ් බදියුදීන් සමුළුවට ඇතුළු වූ අවස්ථාවේ රැස්ව සිටි ජනකායෙන් පිරිසක් හූ කියමින් කෑ ගසන්නට වූහ. ආපහු යනවා වැනි කෑ ගැසීම් ද විය. කෙසේ වුවද බදියුදීන් සැසිවාරය අවසන් වන තුරැම රැඳී සිටියේය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අලී සහීර් මවුලානා මුලදී කිසිවකුටත් හඳුනාගත නොහැකි විය. තම විග් එක ඉවත් කර සිටි බැවින් ඔහු තට්ට හිසක් ඇති පුද්ගලයෙක් වී සිටියේය. ඔහු හඳුනාගත් වහාම ඇතුළු වීමට අවසර ලැබුණි.

මේ සිද්ධිය වන විට ජාතික හෙළ උරුමය නායක සහ ඇමැති පාඨලී චම්පික රණවක සහ කාලයක් ඔහුගේ අඹ යහළුවකු වී සිටි දැන් විරසකව දේශපාලන සතුරකු බවට පත්ව සිටින පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල ද එතැනට පැමිණියහ. කෙසේ වුවද චම්පික පැය භාගයක පමණ කාලයක් රුඳී සිට සමුළුවෙන් පිටව ගියේය.

ගෘහස්ත ක්‍රීඩාංගණය තුළ ඉඩ ඇත්තේ පන්දහසකටය. එම ප්‍රමාණය අතුරැ සිදුරු නැතිව පිරී තිබිණි. ශ්‍රීලනිප නායකත්වය විසින් බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ට කියා තිබුණේ එක් අයකු බස් ලෝඩ් දෙකක සෙනග ගෙන ආ යුතු බවය. පිට පළාත්වල මන්ත්‍රීවරැන් එක් බස් රියක සෙනග රුගෙන ආ යුතු විය. බස් ලෝඩ් එකක හෝ දෙකක සෙනග රුගෙන ඒම මන්ත්‍රීවරයකුට ලොකු ප්‍රශ්නයක් නොවේ.

ශ්‍රීලනිප අනුශාසක සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද පැමිණ සිටියාය. ඇයගේ නම සඳහන් වන සෑම අවස්ථාවකදීම පැමිණ සිටි පිරිසෙන් අත්පොළසන් නාදය මෙන්ම ඔල්වරසන් හඬ නැගුණේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම කතාවේදී තමන්ට එරෙහිව කුරුණෑගල රැස්වීමේදී කටමැත දෙඩවූ වාචාලයකු සිටි බව පවසමින් සඳහන් කළේ එම පුද්ගලයා සම්බන්ධ ලිපිගොනු තමන් සතුව තිබෙන බවය. ජනාධිපති සඳහන් කළ එම පුද්ගලයා ඇමැතිවරයකු බව පැමිණ සිටි ආරාධිතයෝ කිහිප දෙනෙක්ම පැවසූහ.

මම ඕවා හෙළි කරන්නම්, එදාට එයාට අමුඩෙත් නැතුව තමයි යන්න වෙන්නේ යැයි ජනාධිපතිවරයා කීය.

 සන්ඩේ ටයිම්ස්