2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

දවසක් තරම් කාලයක් හමුදාපතිවරයකු නොසිටි රට

ජාතික ආරක්ෂාව රුකීම පිළිබඳව සෑම දේශපාලනඥයකුම පාහේ මහ හඬින් කෑගසන රටක් වන ශ්‍රී ලංකාව දිනක පමණ කාලයක් යුද හමුදාපතිවරයකු රහිත රටක් බවට පත්විය. දැන් ජෙනරාල් ධූරයට උසස් කරනු ලැබ සිටින ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය 18 වැනි ඉරිදායින් ඔහු දැරෑ හමුදාපති ධූර කාලය අවසන් කළේය. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරැවේ සිට කොළඹ එනතුරැ සඳුදා දින පැය ගණනාවක් බලා සිටියේය. සඳුදා සවස්භාගය වනතුරැ ජනාධිපතිවරයා පැමිණියේ නැත.

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයට පසුව එවකට සිටි ආරක්ෂක ලේකම් වූ හේමසිරි ප්‍රනාන්දු මහතා සිදු කළ පැමිණිල්ල ජෙනරාල් කෝට්ටේගොඩ මෙදා මුහුණු සිද්ධිය හා සමාන විය. තම ආරක්ෂක ඇමැති වන ජනාධිපති සිරිසේන මහතාගෙන් හමුවීමට වේලාවක් ලබාගැනීම සඳහා තම අත රැඳි ලිපිගොනු ගණනාවක් සමඟ ඇතැම්විට පැය ගණනාවක් රැඳී සිටීමට හේමසිරි ප්‍රනාන්දු මහතාට සිදු වී තිබිණි. දෛවෝපගත අන්දමින් මේ වතාවේ එම ඉරණමට මුහුණ දුන්නේ හේමසිරිගෙන් පසුව ආරක්ෂක ලේකම් ධූරයට පත්කෙරැණු ජෙනරාල් කෝට්ටේගොඩටය.

ආරංචි මාර්ග අනුව හමුදාපති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඉරිදා (18) දිනයට පෙර දුරකථනය ඔස්සේ ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට ජෙනරාල් කෝට්ටේගොඩ අවස්ථා ගණනාවකදී උත්සාහ කර තිබිණි. කෙසේ වුවද ජනාධිපතිවරයා පොළොන්නරැවේ උත්සව ගණනාවකට සහභාගී වීම හේතුවෙන් කාර්යබහුල වී සිට ඇත. මේ නිසා ආරක්ෂක ලේකම්වරයාට සිදුවූයේ ජනාධිපතිවරයා එනතුරැ බලා සිටීමටය.

මේ අතර ජෙනරාල් සේනානායක දෙගිඩියාවකට පත්ව සිටියේ වසරක සේවා දීර්ඝය ඉරිදා (18) අවසන් බැවින් සඳුදා (19) කළ යුත්තේ කුමක්දැයි තීරණයක් ගත නොහැකිවය. මේ නිසා සඳුදා දිනයේ ජෙනරාල් නිල නිවසේ රුඳී සිටීමට ඔහු තීරණය කළේය. ඔහුගේ දෙවැනියා වූ එදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා කොළඹ පිහිටි ජනාධිපති නිල නිවෙසට ගොස් තිබුණේ තමා පිළිබඳ අලුත්ම තත්ත්වය දැනගැනීමටය. කිසිදු තීරණයක් ඒ වනවිට නොගෙන තිබූ බවට ඉඟියක් දෙමින් ඔහුට දැනුම් දී තිබුණේ පසුව පැමිණෙන ලෙසටය. මේ ඉතා වැදගත් ධූරය පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා සිය අවධානය යොමු කළේ ඉන් පසුවය.

සඳුදා පස්වරැවේ ජනාධිපතිවරයා තීන්දු කර තිබුණේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වැනි හමුදාපති ධූරයට පත්කළ යුතු බවය. ඒ ලුතිතන් ජෙනරාල් තනතුරට උසස් වීමක් ද සමඟිනි. හිටපු හමුදාපතිවරයාට තමා සේවා දීර්ඝ දෙකක් ලබාදුන් බවද ජනාධිපතිවරයා තම සමීපතමයන්ට කියා තිබිණි. නව හමුදාපති ධූරය පිළිබඳ නිල නිවේදනය නිකුත් කෙරැණේ ඉන්පසුවය.

- සන්ඩේ ටයිම්ස්

ලසන්තට තාජුඩීන්ට සාධාරණය ඉටු කිරීමට නොහැකි වීම ලැජ්ජාවක් - රාජිත

පසුගිය බ්‍රහස්පතින්දා (29) අරලියගහ මැඳුරේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතන සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් කරගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බව සඳහන් කළේය. වසර හතරක් ගත වී ඇතත් වැරදිකරැවන්ට දඬුවම් දීමට නොහැකි වී ඇතැයිද ඔහු කීය.

වික්‍රමතුංග සහ තාජුඩීන් පවුල්වලට සාධාරණය ඉටු කිරීමට වත්මන් රජයට නොහැකි වූ බවත් ඔහු කියා සිටියේය.

අපේ ඡන්ද පොරොන්දු කියවන විට රජයක් හැටියට මා ලැජ්ජාවට පත්වෙනවා. ඒ පොරොන්දු ඉටු කිරීමට අප අසමත් වූ නිසයි. මේ ඝාතකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අප පොරොන්දු වුණා. අවුරුදු හතරහමාරක් ගියත් තවම නඩු කටයුතු ඉවර කරගන්න බැරි වුණා. ජනතාව අපෙන් බලාපොරොත්තු වුණේ මේක නෙවේ රාජිත කීය.

කෙසේ වුවද 2015 වසරට පෙර පැවති තත්ත්වය සමඟ බලනවිට මාධ්‍ය නිදහස කැපී පෙනෙන ලෙස දියුණු වී ඇති බවත් මාධ්‍යවේදීන්ට පහර දීමක් හෝ තර්ජනය කිරීමක් හෝ තම රජය යටතේ සිදු නොවූ බවත් තමන් පොරොන්දු වූ මාධ්‍ය නිදහස මෙය වූවත් එයින් ලසන්ත සහ තාජුඩීන් පවුල් වලට සාධාරණය ඉටු නොවූ බවත් රාජිත සඳහන් කළේය. පසුගිය රජයෙන් ඉවත් වීමට තමාගත් තීරණයට ප්‍රධානම හේතුව ලසන්ත ඝාතනය බවත් රාජිත ප්‍රකාශ කළේය.

- ඩේලි එෆ්. ටී