2019 ජුලි 06 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

බලන්න මං ගහන හැටි - ජනාධිපති සිරිසේන

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (27) රාත්‍රියේ ශ්‍රීලනිප කණ්ඩායමේ පැවැති රැස්වීමේ මුලසුන දැරැවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එදින ඔහු එම රැස්වීමට සහභාගී වී සිටියේ මහත් ප්‍රීතියකිනි. 

එම රුස්වීමේදී යළිත් වරක් ඔහු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය  යුතු බවට තීරණයක් ගනු ලැබීය. එහිදී ජනාධිපතිවරයා තම දේශපාලන විරැද්ධවාදීන් පිළිබඳව කතා කිරීමට සැලකිය යුතු කාලයක් වෙන් කළේය.
එක් අවස්ථාවකදී අත් ඔසවාගෙන පිරිස දිරි ගන්වමින් ඔහු මෙසේ කීවේය.

&මම වැනිලයි ගහන්නේ..... බලන්න මං ගහන හැටි..

- සන්ඩේ ටයිම්ස්

රාජපක්ෂ පවුලට මංගල සීනු දිගටම

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන භූමියේ සටන් කළ යුතු කාරණා බොහොමයක යෙදී සිටියත් යහපත් පියකු වශයෙන් තම පුතුන් තිදෙනාව විවාහ කර දීම සම්බන්ධයෙන් පවතින වගකීම් ද ඒ සමඟ ඉටු කරමින් සිටී. ඔහුගේ එම වගකීම මේ වසරේදී අවසන් වෙයි.

ඔහුගේ දෙවැනි පුතු බොහෝ දෙනකු දැන සිටින රගර් ක්‍රීඩකයකු වන යෝෂිතගේ විවාහ ලියාපදිංචිය ලබන 12 වැනිදා ගංඟාරාම විහාරස්ථානයේ පැවැත්වෙන පෞද්ගලික උත්සවයකදී සිදු කෙරෙයි. ලබන ඔක්තෝබර් 03 වැනිදා බෙලිඅත්තේ පිහිටි මැදමුලන පවුලේ මහගෙදරදී මංගල උත්සවය පැවැත්වෙනු ඇත. ඔහුගේ බාල සොහොයුරැ රෝහිතගේ විවාහය සිදු වූයේද එම මහගෙදරදීය. යෝෂිතගේ දෙවැනි ගමන ඔක්තෝබර් 07 වැනිදා කොළඹ පිහිටි ස්ථානයකදී සිදුවනු ඇත.

මෙම තීරැවේ විශේෂ හෙළිදරව්වකින් පසුගිය ජුනි 16 වැනිදා සඳහන් කළ පරිදි පවුලේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයද සැප්තැම්බර් 17 වැනිදා එනම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් දෙදෙනකු වූ ජේ.ආර්. ජයවර්ධන සහ විලියම් ගොපල්ලවගේත් උපන්දිනය දා මැදමුලනදී සිදු කෙරෙයි. ඔහුගේ විවාහය ලියපදිංචිය සැප්තැම්බර් 12 වැනිදා සිදුවනු ඇත.

නාමල් විවාහ වන්නේ ලිමිනි වීරසිංහ සමගිනි. ඇය තිලක් සහ අරුණි වීරසිංහගේ දියණියයි.

- සන්ඩේ ටයිම්ස්

ලංකාවේ ආර්ථිකයේ ශීඝ්‍ර යළි නැගිටීමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කඩා වැටුණු ආර්ථිකය ශීඝ්‍ර ගමනින් යථා තත්ත්වයට පත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බව First Capital Research ආයතනය (මූල්‍ය විශ්ලේෂක ආයතනයක්) සඳහන් කරයි. ප්‍රහාරයෙන් පසුව ගෙවී ගිය මාස කිහිපය තුළදී රට ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බව පෙන්නුම් කර ඇතැයි ද රටට එරෙහිව පනවා තිබූ සංචාරක තහංචි ඉක්මනින්ම ඉවත් කර තිබීමත් අනපේක්ෂිත වර්ධනයක ලකුණු පෙන්නුම් කිරීමත් මීට හේතු වී ඇතැයි ද කියයි.

තමන්ගේ නවතම යාවත්කාලීන තොරතුරැ ඉදිරිපත් කරමින් මේ බව කියන ආයතනය සංචාරක තහංචි ඉවත් කිරීම අපේක්ෂිත කාල සීමාවට වඩා වේගයෙන් සිදුවීම ද ඊට හේතු වී ඇති බවත් සඳහන් කරයි.

රටේ සියලු අංශවලට එම අවාසනාවන්ත ප්‍රහාරයේ බලපෑම් සෘජුවම හෝ වක්‍රාකාරයෙන් හෝ එල්ල වී ඇති බවත් එය බොහොමයක් සමාගම්වල ආදායමට බලපා තිබෙන බවත් පවසන ආයතනය කෙසේ වුවද එම බලපෑම් දැන් වෙළෙඳපොළින් ඉවත් වී යාම නිසා ශීඝ්‍රගාමී ආපසු හැරීමක් සිදුවීමට පුළුල් ඉඩක් පවතින බවද සඳහන් කරයි.

මහබැංකුව මගින් ඩොලර් බිලියන දෙකක විදෙස් බැඳුම්කර ලබා ගැනීම සාර්ථක වීම රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය වර්ධනය කිරීමට ලොකු උත්තේජනයක් සැපයූ බවද එය ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ දමන බවද FCR ආයතනය කියයි

- ඩේලි එෆ්. ටී

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00