2019 ජුනි 08 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

වරලත් ගණකාධිකාරීන් සමඟත් රිෂාඩ් දේශපාලන ගේම් ගහලා!

විවිධ වූ කාරණා ගණනාවක් හේතුවෙන් රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා පසුගිය කාලය තුළදී දැඩි ප්‍රහාරයකට ලක්ව සිටියේය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ එතරම් වැදගත්කමක් හිමිනොවන ඡන්ද පදනමකට අයිතියක් තිබෙන නමුත් ඕනෑවට වඩා දඟලන ඇමැතිවරයකු වශයෙන් බොහෝ දෙනා ඔහු හැඳින්වූහ. කෙසේ වුවත් මතභේදාත්මක අමාත්‍යංශයක් වශයෙන් සැලකෙන වාණිජ අමාත්‍යංශය ඔහුට ලබාදීමද ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබිණි.

ඔහුට එරෙහිව ඇති එක් චෝදනාවක් වූයේ කුරුණෑගල රෝහලේ විශේෂ විමර්ශනයකට ලක්ව සිටින වෛද්‍යවරයකු සමඟ පවත්වාගෙන ආ සම්බන්ධතාවයයි. එක් අතකින් සෞඛ්‍ය ඇමැතිවරයාද අනෙක් අතින් වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රබලම සංවිධානය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අඳුරේ අතපතගාමින් නිහඬව සිටින අතරවාරයේ එය සිදුවෙද්දී වාණිජ අමාත්‍යංශය යටතේ පවතින තවත් වෘත්තිකයන්ගේ ආයතනයකින්ද එවැනිම තොරතුරක් හෙළි වී තිබේ.

ඒ වරලත් ගණකාධිකාරී ආයතනයෙනි. එම ආයතනයේ සභාපතිවරයා විසින් පසුගිය වසරේ තම ආයතනයේ ඉහළම උපදේශක සභාව සඳහා යෝජනා කරන ලද නම් කිහිපයක් ප්‍රතික්ෂේප කළ රිෂාඩ් ඇමැතිවරයා ඒ සඳහා පළපුරැදුකම් අඩු දෙදෙනකු නම් කර තිබිණි. මෙය ආයතන ඉතිහාසයේම කවදාවත් සිදුනොවූ දෙයකි.

මේ පුද්ගලයන් කවුදැයි හෙළිකිරීම නොකළ යුතු වුවද පසුගිය කාලසීමාව තුළදී ඇමැතිවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සැලකීමේදී වඩාත් ජ්‍යෙෂ්ඨ උපදේශකවරැන් කපාහැරීම සඳහා ඇමැතිවරයා විසින් පළපුරැදුකම් අඩු දෙදෙනා පක්ෂපාතී ලෙස පත්කරන්නට ඇතැයි යන සැකය දැන් ආයතනය තුළ කතාබහට ලක්වෙමින් තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ එම පුද්ගලයන් දෙදෙනා තමන් විසින් නම්කළ දෙදෙනකු නොවන අතර ඔවුන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ සහෝදරයකුගේ කැමැත්ත අනුව පත්කළ බවය.

එය එසේ නම් එයින් පෙන්වා දී ඇත්තේ ඇමැති බදියුදින් තමන්ගේ සගයන්ගේ අවශ්‍යතා ඉටුකර දී ඇති බවය. එය ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ සංවිධානයකදී වුවද සිදුවී ඇති බවය. මේ නිසා ඔහුටද තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සගයන්ගේ සහාය ලැබෙන බවද සහතිකය. ඔයා මගේ පිට කසන්න... මම ඔයාගේ පිට කසන්නම්... වර්ගයේ මේ දේශපාලනය දැන් රටේ ජනතාවට තිත්ත වෙමින් තිබේ.

- සන්ඩේ ටයිම්ස්

බ්‍රිතාන්‍ය සංචාරකයන් යළි ලංකාවට

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තරමක සැනසුම් සුසුමක් හෙළිය හැකි අපේක්ෂාවෙන් සිටි තොරතුරක් බ්‍රිතාන්‍යයෙන් ලැබී තිබේ. තම රටේ සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම දිරි ගන්වමින් මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කිරීම එම තොරතුරැයි. මේ බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතුරින් තුන්වැනි විශාලම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන්නේ මහා බ්‍රිතාන්‍යයෙනි. ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ස්වීඩනය යන රටවල්ද තම රටේ වැසියන්ට පනවා තිබූ අනතුරැ ඇඟවීම් ලිහිල් කර තිබෙන තත්ත්වය යටතේ බ්‍රිතාන්‍යය අතින් එය සිදු නොවී තිබීම ගැන ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ කනස්සල්ල පළවෙමින් තිබිණි.

අත්‍යාවශ්‍ය නොවන කාරණාවලටද ශ්‍රි ලංකාව තුළ සංචාරය කිරිමට ඉඩදෙමින් ලිහින් කර ඇති සංචාරක උපදෙස් ඉදිරි කාලය තුළදීද නිරන්තර සුපරීක්ෂාකාරීවට ලක්වනු ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, සංචාරක කර්මාන්තකරැවන් සහ පොලීසිය සහ සමීපව කටයුතු කරන බවද අදාළ ප්‍රකාශයේ සඳහන් විය. කෙසේ වුවද කිසිදු විදෙස් සංචාරයක් සම්පූර්ණයෙන් ආරක්ෂිත බවට සහතික විය නොහැකි බවත් ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදීත් ත්‍රස්ත ප්‍රහාර සිදුවීමට ඉඩකඩ තිබෙන බවද සඳහන් කරමින් තමන් සංචාරක උපදෙස් ලිහිල් කරන බවත් මහ කොමසාරිස් කාර්යාලය කියයි.

- ඩේලි එෆ්.ටී.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00