2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

අගමැතිගේ උතුරේ ගමන

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දින හතරේ උතුරේ සංචාරය තුළ රස කතා ගණනාවක්ද වාර්තා විය. ඒ පළාතේ සංවර්ධන ව්‍යාපෘති ඉක්මන් කරවීම අගමැතිගේ සංචාරයේ අරමුණ වී තිබිණි.

ඔහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක මුලසුන දරමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කළේය. පැමිණිලි රාශියක් ඔහුට එහිදී අසන්නට ලැබිණි. වනජීවී දෙපාර්තමේන්තුව වරින් වර නිකුත් කරන ගැසට් නිවේදන පිළිබඳ අයෙක් පැමිණිලි කළේ, ඒවායින් ඒකපාර්ශ්වික ලෙස රජයේ සහ සිවිල් වැසියන්ගේ ඉඩම් අභයභූමි ලෙස නම් කරන බවට චෝදනා කරමිනි. චුණ්ඩිකුලම් කුරැළු අභයභූමිය අවට විශේෂයෙන් සිදුවන මේ කටයුත්ත ඔවුන් ගූගල් සිතියම උපයෝගී කර ගනිමින් සිදු කරන බවද ඔහු කීය.
මේක කුවේණිගෙ යුගය නොවේ. ජනතාවගේ අවශ්‍යතා ඉටුවෙන්න ඕනෑ නිලධාරීන්ගේ හිරිහැර වලින් තොරවයි. යැයි අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ගැටලුව දැන් යළි පිරික්සීමට ලක්කර තිබේ.

සාකච්ඡාව සඳහා ප්‍රශ්න පිට ප්‍රශ්න නැගෙද්දී මුඛරි කතාවලට ප්‍රසිද්ධ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරිය විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කළේ උතුරට පැමිණෙන දේශපාලනඥයන් තැනින් තැනට හෙළිකොප්ටරයෙන් යාම අත්හැර දැමිය යුතු බවය. සංවර්ධනය අඩු ප්‍රදේශ, කැඩුණු පාරවල් සහ බෝක්කු දැකබලා ගැනීමට නම් ඔවුන් පාරවල් වලින් ගමන් කළ යුතු බවද රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

ඒකට තමයි අපිට උතුරේ රාජ්‍ය ඇමැතිනියක් ඉන්නේ යැයි අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

අග්‍රාමාත්‍යවරයාගේ ගමනට සමගාමීව උතුරේ වෙනත් සිදුවීම්ද වාර්තා විය. වර්තමානයේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි ඒකකයට සම්බන්ධ වී කටයුතු කරන උතුරැ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරියක වන ආනන්දී ශෂීදරන් පැවැත්වූ උද්වේගකර මාධ්‍ය සාකච්ඡාව ඉන් එකකි. ටී.එන්.ඒ. එකට බරපතළ විවේචනයක් එල්ල කළ ශෂීදරන් දෙමළ ජනතාව සමූල ඝාතනය වූ බවට චෝදනා නැගුවේය. අතුරුදන්ව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ කොටි නායකයකු වූ එලීලන් නමින් හැඳින්වූ වේලායුද ශෂීදරන්ගේ බිරිඳ වන ආනන්දි ශෂීදරන් උතුරැ පළාත් සභාවට තරග කළ අවස්ථාවේ දෙවැනියට වැඩිම මනාප ඡන්ද ලබාගත් මන්ත්‍රීවරිය විය. එහි පළමු මනාප හිමිකරැ වූයේ මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ය.

සන්ඩේ ටයිම්ස්

යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයෝ 

මේ අතර යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් අතරේ යළිත් පැතිර යන කතාවක් වන්නේ අනාගත අපේක්ෂකයන් විය හැක්කේ කවුද වැනි කරැණ ද ඇතුළුව පක්ෂයේ වැදගත් කාරණා සම්බන්ධයෙන් තමන් සමඟ පක්ෂ නායකත්වය කිසිදු සාකච්ඡාවක් නොකරන බවය. සමහරුන් වික්‍රමසිංහ මහතාට ඍජුවම චෝදනා කරන්නේ ඔහු උතුරට ගිය හෙළිකොප්ටර් සංචාරයට පවා රුගෙන ගියේ තමන් කැමැති ඇමැතිවරැන් පමණක් බවය.

යාපනයට ගිය සංචාරයේදී අගමැති සමඟ එක්ව සිටියේ අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, රිෂාඩ් බදුයුදීන් සහ රාජිත සේනාරත්නය.

සන්ඩේ ටයිම්ස් 

අයවැය ගැන මංගල කියයි

ශ්‍රීලනිපය සමඟ තිබූ සන්ධානය අහෝසි වීමෙන් පසුව රජය ඉදිරිපත් කරන ප්‍රථම අයවැය මුදල් ඇමැති මංගල සමරවීර හඳුන්වන්නේ &වැදගත් සහ සිත්ගන්නාසුළු* අයවැයක් වශයෙනි. දින 52 ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයෙන් පසුව රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට රජයට හැකි වූ බවද ඇමැතිවරයා කීය. පසුගිය බ්‍රහස්පතින්දා (21) පැවැති Breakfast Buzz නව මාසික වැඩසටහනට සහභාගි වෙමින් මේ අදහස් ඉදිරිපත් කර තිබිණි. රජයේ නිවුන් වැඩපිළිවෙළක් වන ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය සහ පරිභෝජනය සඳහා උපකාරි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන පරිභෝජනය වර්ධනය වීම සියලු ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කරනු ඇති බවටද ඒ මහතා බලාපොරොත්තුව පළ කළේය.

ඔක්තෝබර් 26 අර්බුදයෙන් පසුව මංගල සමරවීර මහතා මුදල් ඇමැති වශයෙන් මෙවැනි සම්මන්ත්‍රණයකට සහභාගි වූ පළමු අවස්ථාව එය විය.

ඩේලි එෆ්.ටී.