2019 ජනවාරි 26 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

රට යන්න බැහැ කියූ මන්ත්‍රීවරු

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ සන්ධානයක් ඇති කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොනිල නායකයා වන මහින්ද රාජපක්ෂ දෙසට දේශපාලන වශයෙන් විශාල නැඹුරැවක් දක්වන බව ශ්‍රී ලාංකික බොහෝ දෙනාට තවම රහසකි. ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණු දෙකේම ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමේ උවමනාව එමගින් සපුරාගත හැකිවනු ඇතැයි ඔහුගේ අපේක්ෂාව බව පෙනෙන්නට තිබේ. මීට රුකුලක් වශයෙන් දෝ ජනාධිපතිවරයා තම පිලිපීන නිල සංචාරයට පෙර දුරකථනයෙන් මහින්ද ඇමැතුවේය. තමන් සමඟ පිලිපීනයට යාම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු නම්කොට ඔවුන්ගේ පාස්පෝට් තම කාර්යාලයට එවන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. එහෙත් ඊට ලැබුණු ප්‍රතිචාරයෙන් සිරිසේන සහ රාජපක්ෂ දෙදෙනාම අසීරුවට පත්වූහ.

රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තිදෙනකු ඒ සඳහා නම් කළද ඔවුන් තිදෙනාම පසුව තම අදහස වෙනස් කළහ. ඒ අයගේ නම් කව්දැයි අපැහැදිලි වුවද ඔවුහු තම පාස්පෝට් පවා යැවීමෙන් පසුව ගමන නොයාමට තීරණය කළහ. ඔවුන්ට ඒ සඳහා බලපෑම් කළේ ඔවුන්ගේම සගයන් පිරිසක් බව කියති.

ඉන්පසුව තව තිදෙනකුගේ නම් යෝජනා කෙරිණි. එයින් එක් අයකුගේ බිරිඳ මොළේ නැද්ද... නා ගන්න එපා... යනුවෙන් තම ස්වාමියාට පවසා තිබිණි. ඉන්පසුව අනෙක් දෙදෙනා ද ගමනට පස්ස ගැසූහ.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාට සිදුවූයේ තමන් සමඟ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් කැටුව යාමටය. ඔවුන් සියලු දෙනාම දැන් සිටින්නේ විපක්ෂයේය. ඒ මන්ත්‍රී පිරිසට මේ ගමන සියලු වියදම් ගෙවනලද නිවාඩුවක් ගතකිරීමක් විය.
ආණ්ඩු පක්ෂය වන එජාපෙන් හෝ කිසිදු මන්ත්‍රීවරයෙක් සංචාරයට එක්වූයේ නැත. මේ ගමන සඳහා මාධ්‍යයේ කිසිවකුද සහභාගී කරගැනුණේ නැත. 

සන්ඩේ ටයිම්ස්

කෝප් වාර්තාවේ හෙළි කිරීම්

කෝප් කමිටුව මගින් නිකුත් කරන ලද 2017 වසරේ ජුලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්යා කාලයට අදාළ වාර්තාව මගින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සහ මාර්ග සංවර්ධන අධිකාරිය විශාල වශයෙන් පාඩු සිදුකර ඇති ආයතන දෙකක් වශයෙන් හඳුන්වා දී තිබේ. මේ වාර්තාවට රාජ්‍ය ව්‍යවසාය 17ක් සම්බන්ධව විමර්ශන ඇතුළත් කර ඇත. ප්‍රබල අක්‍රමිකතා, මඟහැරීම්, අකර්යක්ෂම කළමනාකරණය සහ මහජන අරමුදල් විනාශ කිරීම එම ආයතන මගින් සිදුකර ඇති බවට ද චෝදනා නගා තිබේ. කෝප් වාර්තා මගින් හෙළිදරව් කරන කරුණු සම්බන්ධයෙන් පියවර ගැනීමට අසමත් වීම ගැන දේශපාලන අධිකාරියට ද එමගින් දොස් පවරා තිබේ.

කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිට අනුව ජනාධිපති, ඇමැති මණ්ඩලය සහ අදාළ ඇමැතිවරැන් විසින් නිවැරුදි තීන්දු නොගැනීම හේතුවෙන් රාජ්‍ය ආයතන අධික පාඩු ලබන තත්ත්වයට පත්ව තිබේ. වතුසේවකයන් තමන්ට දිනකට රුපියල් 1000ක් ඉල්ලා සටන් කරන, ගොවීන් සේනා දළඹුවාගේ ප්‍රහාරයට ලක්ව සිටින කාලයකදී රාජ්‍ය ආයතන මේ ආකාරයට රැපියල් බිලියන ගණනින් පාඩු සිදුකරන බවට ඔහු චෝදනා කරයි.

කෝප් වාර්තාව හෙළිකරන අන්දමට පසුගිය රජය මගින් ඇනවුම් කරන ලද එයාර් බස් A 380 ගුවන් යානා 08න් 04ක කල්බදු ගිවිසුම් අවලංගු කිරීමේදී ශ්‍රී ලංකන් ආයතනය රැපියල් මිලියන 16,924.36ක වන්දිමුදලක් ගෙවා තිබුණත් ඒ සඳහා පූර්ව කැබිනට් අනුමැතියක් ලබාගෙන නැත. අදාළ ගුවන් යානා 08 පසුගිය රජය මගින් ඇනවුම් කර ඇත්තේද කැබිනට් අනුමැතියකින් තොරවය. ශ්‍රී ලංකන් ආයතනය අදාළ කාල සීමාව තුළ ලබාඇති පාඩුව රැපියල් බිලියන 16.9ක් බවද සඳහන්ය.

ඩේලි එෆ්.ටී.

නිල සහ නොනිල කැබිනට් රැස්වීම්

එක්සත් ජාතික පෙරමුණු රජය සතිපතා කැබිනට් රුස්වීම් දෙකකට සහභාගි වෙයි. එකක් නිල රුස්වීමයි. අනෙක නිල නොවන රැස්වීමයි.

නිල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන අතර ඊට සහභාගී වන්නේ අමාත්‍යවරුන් සහ තනතුරුවල වැඩබලන ඇමැතිවරැය. නිලනොවන අනෙක් රැස්වීම නිල රැස්වීමට කලින් දිනයේ පැවැත්වෙයි.

වෙනස කුමක් ද? නිල නොවන රැස්වීමට සහභාගීවන්නේ අමාත්‍යධූරවල දිව්රුම් දී සිටින ඇමැතිවරුන් පමණක් නොවේ. මීට පෙර කැබිනෙට්ටුවේ හිටපු එහෙත් දැනට අමාත්‍ය පදවි නොදරණ පිරිස ද ඊට සහභාගී වෙති.

නිල කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් විසින් අදහස් දැක්වීමට බලාපොරොත්තු වන කරුණු සම්බන්ධයෙන් ඒ පිරිසද නිල නොවන රැස්වීමේදී තම අදහස් දක්වති. 19 වැනි ව්‍යවස්ථාවට අනුව ඇමැති මණ්ඩලය 30 දෙනකුට සීමා වී තිබේ.

සන්ඩේ ටයිම්ස්

ලොකු අය අත්අඩංගුවට ගැනීම : ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස්

දේශපාලන සබඳතා ඇති පුද්ගලයන්ට එරෙහි සිදුකෙරෙන විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කළ යුතු යැයි ඉහළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් එහි විශේෂ සඳහනක් කර තිබේ. පොලිස් දෙපාර්තමේන්තු කාර්යභාරය අයත්වන ජනාධිපති සිරිසේන හැර පිටතින් ලැබෙන නියෝග සම්බන්ධයෙන් දැනුම් දිය යුතු බවද ඔවුන්ට කියා තිබේ.

සන්ඩේ ටයිම්ස්