2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ජනපති සටනට මම එනවා රනිල් සජිත්ට කියයි

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 461

  • සජිත් ඉල්ලා රට පුරා පෝස්ටර්
  • මෛත්‍රී - මහින්ද එකඟතාවකට පත්වෙති
  • ගෝඨා බලන්න ගිය එ.ජා.ප. ඇමැතින්ට පසුපෙළින් දොස්
  • රන්ජන් රාමනායක ගැන තීන්දුවක් ගන්නැයි එ.ජා.ප. නායකත්වයට බලපෑම්
  • පොහොට්ටු මන්ත්‍රීන්ට ආණ්ඩුවේ වැඩ ගැන සැදූ චිත්‍රපටයක් පෙන්වයි
  • ලිට්රෝ ගෑස් නඩුවේ චෝදනා 24න්ම ගාමිණී සෙනරත් නිදහස් කෙරේ

මේ සතියේත් දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රබල ලෙස සාකච්ඡා කෙරුණේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමේ ප්‍රශ්නය ගැනයි. අගෝස්තු මස 05දාට නියමිතව තිබූ එ.ජා.ප. ප්‍රමුඛ පක්ෂ විසින් නිර්මාණය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධානය සඳහා වන ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය දින නියමයක් නැතිව කල් දැමීමට සිදු වූයේද පක්ෂය අභ්‍යන්තරයේ හටගෙන තිබෙන බල අරගලය හේතුවෙනි. කෙසේ වෙතත් මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව එ.ජා.ප. නායක රනිල් පැවසූ අතර අගෝස්තු 31ට පෙර සන්ධාන ගිවිසුම් අත්සන් කරන වග ද කීය.

ඒ අතර කොළඹ හා අවට තදාසන්න නගරවල සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට වූ පෝස්ටර ගිය සඳුදා අලවා තිබෙනු දක්නට ලැබිණි. එසේම කරු ජයසූරිය කතානායකවරයා ද ජනාධිපතිවරණයට සූදානමින් සිටින බව වාර්තා විය. ඔහු ස්ථාන ගණනාවක දී පෝස්ටර සඳහා ඡායාරෑප ලබාගත් බවත් මාධ්‍ය වාර්තා කළේය. ඒ ගැන කරුගේ හිතවතුන් විමසූ කල ජනාධිපතිවරණ කතා ප්‍රතික්ෂේප කළ ඔහු කීවේ ආගමික උත්සවයක සමරු කලාපයක් සඳහා ඡායාරූප ලබාගත් බවය. ඒ සමඟ මාධ්‍යයේ පළ කළ කරු ඉල්ලා අස්වන බවට වූ වාර්තා ද හෙතෙම ප්‍රතික්ෂේප කළේය.

එ.ජා.ප. සන්ධානය ගැන කතා කරන්නට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් මෙන්ම හවුල්කාර පක්ෂ නායකයන් ද රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණෝය. පසුපෙළ මන්ත්‍රීන් කිහිප දෙනෙක් පසුගිය ඉරිදා රනිල් හමුවී කියා තිබුණේ පක්ෂ අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය අත්සන් කිරීම යෝග්‍ය බවයි. ඒ ගැන සජිත් රනිල් දෙදෙනා සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබිණි.

හවුල්කාර පක්ෂවලින් එන රාජිත, චම්පික වැනි අය අපේක්ෂකයන් නොකර ගත යුතු බව චමින්ද විජේසිරි හා හේෂාන් විතානගේ යන මන්ත්‍රීවරු රනිල්ට කීහ. එවැන්නක් සිදුවන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත් වන බවද හේෂාන් සහ චමින්ද කී විට රනිල් වික්‍රමසිංහ මහතා කීවේ “නැහැ නැහැ එහෙම පොදු අපේක්ෂකයෙක් එන්නේ නැහැ” කියාය. මෙම කතාබහට හෙක්ටර් අප්පුහාමි, රෝහිණී විජේරත්න, තුසිත විජේමාන්න, මුජිබර් රහුමාන්, විජේපාල හෙට්ටිආරච්චි, තුෂාර ඉඳුනිල් ආදී මන්ත්‍රීහු එක් වූහ.

ඒ අතරතුර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් කීවේ එ.ජා.ප. පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා නම්කර සන්ධාන ගිවිසුම අත්සන් කළ යුතු බවය. තමන්ට අපේක්ෂකයා නොදැන ගිවිසුමකට යා නොහැකි බව රවුෆ්ගේ මතය විය. එසේම ජනාධිපතිවරණය ගැන පොහොට්ටුව සමඟත් ශ්‍රිලනිපය සමඟත් සාකච්ඡා කරන ලෙස පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනා ඉදිරිපත් වූ බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා මහජන කොංග්‍රස නායක රිෂාඩ් බදියුදීන් මහතා ද කීවේ එ.ජා.පය සිය අපේක්ෂකයා නම් කළ පසු සන්ධාන ගතවීම ගැන සාකච්ඡා කළ හැක කියායි. මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් යන නායකයන් ද එ.ජා.ප. අපේක්ෂකයා නම් කළ යුතු බව සඳහන් කළ බැවින් ඒ ගැන තීරණයක් නොගෙන සන්ධානය ගොඩනැගීම අපහසු තත්ත්වයට පත්වීම නිසා අගෝස්තු මස 05දා සන්ධානය පිහිටුවීම කල් දමන්නට එ.ජා.ප. නායකයා තීරණය කළේය.

පසුගිය සඳුදා සවස එ.ජා.පයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙම රැස්වීම අපේක්ෂක ප්‍රශ්නය හේතුවෙන් උණුසුම් වනු ඇතැයි සිතුවද එවන් උණුසුමක් දක්නට නොලැබිණි. රැස්වීම ආරම්භයේ දී චම්පික රණවක අමාත්‍යවරයා චමින්ද විජේසිරි හා හේෂාන් විතානගේ මන්ත්‍රීවරුන් තම පක්ෂය ත්‍රීවිල් පක්ෂයක් ලෙස හඳුන්වමින් අසාධාරණ ලෙස විවේචනය කර ඇතැයි කීය. 2015 ආණ්ඩුව පිහිටුවීමට මුල්වී ක්‍රියා කළ තමන්ලාට එලෙස කතා කිරීම අයෝග්‍ය බව චම්පික රණවක අමාත්‍යවරයා කීය. එහෙත් සභාවේ සිටි චමින්ද විජේසිරි හෝ හේෂාන් විතානගේ මන්ත්‍රීවරු චම්පික රණවක අමාත්‍යවරයාට ඒ ගැන උත්තර දෙන්නට ගියේ නැත. ඒ අතර එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතින් බහුතරයකගේ අදහස වූයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා වෙනම මුණගැසී සාකච්ඡා කර පක්ෂය නොබෙදා ජනාධිපති අපේක්ෂකත්වය ගැන තීරණයක් ගත යුතු බවකි.

අනතුරුව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා භික්ෂූන් වහන්සේලා ගැන එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් සභාව අවධානය දැක්වීය. බෞද්ධ කටයුතු අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා කීවේ මෙය වැරදි ක්‍රියාවක් බැවින් රන්ජන් වහා මේවා නතර කළ යුතු වගයි. මේ ගැන මැති ඇමැතින් රුසක් අදහස් දැක්වූ අතර රන්ජන්ගේ ක්‍රියා කලාපය ගැන විමසීමට පත් කළ මැති ඇමැති කමිටුව විසින් වහා මේ ගැන පියවරක් ගත යුතු යැයි මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේය.

නවීන් දිසානායක අමාත්‍යවරයා ඊළඟට මතු කළේ එ.ජා.පයේ සභාපති කබීර් හෂීම් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ගෝඨාභයගේ නිවෙසට පැමිණීම පිළිබඳ කතාවයි. ඒ ගැන සභාවට කරුණු දැක්වූ කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසුවේ තමන් රෝගාතුරව අසනීප තත්ත්වයෙන් සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ සුවදුක් විමසීමට පැමිණි බැවින් ඔහු අසනීප තත්ත්වයට පත්වූ පසු සුවදුක් විමසීමට ගිය බව සත්‍යයක් බවයි. සාගල රත්නායක මහත්මයා ද ඒ වෙලාවේ ගෝඨාභය බලන්නට ගොස් ඔහු සමඟ කතාබස් කරමින් සිටි වගද කබීර් මතක් කළේය. එවිට සාගල රත්නායක අමාත්‍යවරයා කියා සිටියේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලන්නට ගියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් අනතුරැව බවයි. එවිට පසුපෙළ මන්ත්‍රීන් ගණනාවක් කියා සිටියේ දෙන්නා එකට අහුවුණේ නැත්නම් දෙන්නාම මේ ගැන අපට කියන්නේ නැත කියායි.

ඉන් අනතුරැව චතුර සේනාරත්න මන්‍ත්‍රීවරයා අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ තමන්ලාගේ හවුල්කාර පක්ෂයට ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 50කට වැඩි පිරිසක් සිටින බවය. ඒ නිසා එ.ජා.පයේ හවුල්කාර පක්ෂයක් ලෙස ශක්තිමත්ව ඉදිරියට යාම තම අරමුණ බවත් චතුර කීය. එහෙත් තමන්ගේ පක්ෂවලට ත්‍රීවිල් පක්ෂ ලෙස අපහාස උපහාස කරන්නට යමෙක් සැරසෙන්නේ නම් ඒ අයට පාඩමක් ඉගැන්වීම සඳහා තමන්ට වෙනම සන්ධානයක් හැදීමට ද හැකියාව ඇතැයි චතුර සේනාරත්න කීය. එහෙත් චතුර සේනාරත්නගේ ඒ කතාවට උත්තර දෙන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පෞද්ගලික හා රහසිගත සාකච්ඡාවක් ගිය අඟහරුවාදා රාත්‍රී කොළඹ දී පවත්වා ඇත. මෙම කතාබහේ තේමාව වී තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයයි. මේ සාකච්ඡාව ආරම්භ වීමට පෙර අසල්වැසි බලවත් රටකින් ද එ.ජා.ප. නායකයන් වෙත ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන කිසියම් සංඥාවක් ලැබී තිබුණු බව දැනගන්නට තිබිණි.

සාකච්ඡාව ආරම්භයේදීම සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයාට කියා තිබුණේ තමන් ජනාධිපතිවරණයට සූදානම් බවයි. එසේම සුළු පක්ෂ ගණනාවක සහාය ද තමන්ට ඇති බවයි. එහෙත් අග්‍රාමාත්‍යවරයා එය පිළිගෙන නැත. පක්ෂයේ හා මේ කණ්ඩායමේත් කෘත්‍යාධිකාරියේත් බහුතර බලය මෙන්ම සුළු ජාතික පක්ෂ බහුතරය ද තමන්ට සහාය දෙන බව රනිල් පවසා තිබේ. දෙමළ සන්ධානය ද උදව් දෙන්නේ තමන්ට බව ඔහු කියා ඇත. ඒ නිසා තමන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එ.ජා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ජනපති තරගයට එන ලෙස තමන්ටද කියා ඇතැයි සජිත් ඊළඟට කීය. “ඔහොම කියන තවත් පිරිසක් පක්ෂය තුළ ඉන්නවා. චම්පික, කරු, රාජිත ඒ අයත් කියන්නෙ එයාලටත් පක්ෂයේ ඇතැම් අය ඡන්දය ඉල්ලන්න කියන බව” යැයි රනිල් පෙන්වා දුන්නේය. “පක්ෂ සපෝට් එක විතරක් මදි. ජනතා සහායත් ඕන. ඒ වගේ වැඩ කර පළපුරුද්ද ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් තිබිය යුතුයි. ඒ සියල්ල මට තියෙන නිසා මම ඡන්දයට ලෑස්තියි” රනිල් තවදුරටත් කීය. ඉන් අනතුරුව පොදු අපේක්ෂකයකුට අවස්ථාවක් නැති බව සජිත් පෙන්වා දුනි. “ඔව් අපි පොදු අපේක්ෂකයෙක් දාල පාඩම් ඉගෙන ගෙන තියෙනවනේ. ඒක නිසා පක්ෂයෙන් කෙනෙක් එන්න ඕන. හැම පැත්තම බලලයි තීන්දුවක් ගන්න ඕන”.. රනිල් නැවතත් කීය. මේ හේතු නිසා තමන් මැතිවරණයට තරග කරන බව නැවතත් රනිල් කීය. සජිත් ද කීවේ තමන්ට පෙරට තැබූ පය පිටුපසට ගත නොහැකි බවයි. එවිට රනිල් කියා ඇත්තේ පක්ෂ නායකයා ලෙස තමන් තරගයට එන නිසා මේ ගැන එක එක පාර්ශ්ව ලවා බලපෑම් කිරීමෙන් වළකින හැටියටයි.

කෙසේ හෝ මේ ආකාරයට දෙදෙනා අතර වූ කතාබහ විනාඩි 15කට පමණ සීමා වූ බව කියැවේ. ඉන් අනතුරුව සජිත් හිතවාදීන් මුණගැසී මේ ගැන ගත යුතු පියවර ගැන දීර්ඝව සාකච්ඡා කළ අතර සජිත්ගේ සහායට එ.ජා.පයෙන් රට පුරා ජනරැලි ගණනාවක් පැවැත්වීමට තීන්දු කෙරිණි. එහි පළමු රැලිය ලබන සඳුදා 12දා බදුල්ලේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දැන්වූ බව සජිත් හිතවාදීහු පවසති.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුව ගිය අඟහරුවාදා දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. සභාව ආරම්භයේදීම අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මන්ත්‍රීතුමාට ශෝකය පළ කරනු ලැබීය. අනතුරුව කතාබහට ගනු ලැබුවේ අමාත්‍ය රවි කරුණානායක මැති සභාවට ඉදිරිපත් කර තිබූ නව විදුලිබල පනතයි. වාසුදේව නානායක්කාර මහතා ඒ ගැන අදහස් දක්වමින් මේ පනත විශාල හානියක් බව පෙන්වා දුන්නේය. මෙය සම්මත වුවහොත් විදුලි පාරිභෝගික ජනතාවට විශාල හානියක් සිදුවන බව කී වාසු, ඇමැතිට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය නැතිව හිතුමතේ ජාතික අවශ්‍යතා ගැන කියමින් විදුලිය මිලට ගන්නට අවසර ලැබීම භයානක යැයි ද පෙන්වා දුන්නේය.

ඇමැතිලා හිතුමතේ වැඩි මිලට විදුලිය ගෙන එහි බර පාරිභෝගිකයා මත පටවන්නට සැරසෙන වග ද වාසු පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව කතා කළේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාය. මහින්දානන්ද කීවේ මෙම පනතට විදුලිබල වෘත්තීය සංගම් ද දැඩි විරෝධය දක්වා ඇති වගය. තනිකරම රවි කරුණානායක අමාත්‍යවරයා විදුලිය මිලදී ගැනීමේ බලය හිතුමතේ තමන් අතට ගන්නට කළ උප්පරවැට්ටියක් ලෙස ද මෙම පනත ගැන හඳුන්වා දෙනු ලැබීය. නීතියට මෙන්ම ජනතා අයිතීන්ට ද පටහැනි මෙම පනත වහා පරාජය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද විදුලිබල පනතේ ඇති ආදීනව පෙන්වා දෙමින් කරැණු දැක්වූහ. මෙමගින් මහජන උපයෝගීතා කොමිසම බල රහිත කර තිබීම විශාල වරදක් බව ඒ දෙදෙනාම අවධාරණය කළහ. අනතුරුව මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කීවේ ඇතැම් පොලිස් නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නීතියට පටහැනිව මර්දනකාරී ලෙස ක්‍රියා කරන බවයි. විපක්ෂය ඊළඟ ආණ්ඩුව ලෙස බලයට පත් වූ විට මෙලෙස වැරදි කරන නිලධාරීන් නීතිය හමුවට පමුණුවන බවත් ඔවුන් කළ වැරදි නිවැරදි කරන බවටත් ප්‍රතිඥාවක් දෙන ලෙස ඔහු ඉල්ලීය. මහින්ද රාජපක්ෂ මහතා එය අනුමත කරමින් අදහස් දැක්වීය.

මහින්ද යාපා අබේවර්ධන හා එස්.බී. දිසානායක යන මහත්වරු සුළු අපනයන බෝග හා කුරුඳුවල මිල බැසීම ගැන කතා කරමින් වගාකරුවන් ඉතාමත් අසරණ තත්ත්වයට පත් කර ඇතැයි පෙන්වා දුන්හ. එක්තරා ඇමැතිවරයෙක් හා ඔහුගේ පුත්‍රයාගේ ක්‍රියා කලාපය නිසා ගම්මිරිස් වගාකරුවන් නැත්තටම නැතිවූ බව මහින්ද යාපා පෙන්වා දුන්නේය. එවිට මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඒ ගැන සභාව කල් තැබීමේ විවාදයක් ලබාගන්නා හැටියටයි. අතුරලියේ රතන හිමි අදහස් දක්වමින් මඩකලපු ෂරියා සරසවිය විවෘත කරන බවට හිස්බුල්ලා ප්‍රකාශයක් කර ඇතැයි කීය. විපක්ෂය බලයට පත් වූ පසු මෙය රජයට ගත යුතු යැයි තමන් යෝජනා කරන වගද උන්වහන්සේ කීහ. ඒ ගැන සභාව එකඟත්වය පළ කළේය. මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීවේ මේ රජය මුදල් පනත වෙනස් කර එහි දුර්වල තැන්වලින් රිංගා ගොස් මෙවැනි වැඩවලට විදේශ මුදල් ගෙන්වා ගැනීමට ඉඩ සලසා ඇති බවය. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා විපක්ෂ මන්ත්‍රීවරැන්ට ආරාධනයක් කළේය. ඒ මේ ආණ්ඩුවේ ගතවූ සිව් වසරේ ක්‍රියා කලාපය ගැන නිදහස් කලා සන්ධානයේ සුදත් රෝහණ විසින් අධ්‍යක්ෂණය කළ විනාඩි 30 කෙටි චිත්‍රපටය නරඹන හැටියටය. 2015 සිට පාස්කු ප්‍රහාරය දක්වා ආණ්ඩුවේ කියුම් කෙරුම් මෙම සිනමාපටයට ඇතුළත් විය. සියල්ලෝම සතුටින් එම සිනමාපටය නරඹා සුදත් රෝහණට ස්තූති කළේය. මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේ එම සිනමාපටයට තමන් උතුරේ ජනතාව වෙනුවෙන් කළ සංවර්ධන කටයුතු ගැන ද තොරතුරු ඇතුළත් කරන හැටියටයි.

මේ සතියේ රටේම අවධානය දිනූ තවත් දේශපාලන සාකච්ඡාවක් සිදුවිය. ඉන් පළමු සාකච්ඡාව සිදු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතරය. ජනාධිපති නිවෙසේ පසුගිය අඟහරුවාදා රාත්‍රී 9.30ට ආරම්භ වූ කතාබහ හමාර වූයේ රාත්‍රී 11.30ට ආසන්න වෙද්දීය. මෙම සාකච්ඡාවේ දී දෙපක්ෂය එක්ව මැතිවරණයට තරග කිරීම ගැන නායක දෙපළ එකඟතාවකට පත් වී තිබිණි. මෛත්‍රීපාල සිරිසේන මහතා තුන්වැනි අපේක්ෂකයකු ලෙස තරග නොකරන බවට මහින්දට සිග්නල් එකක් දුන් බව දැනගන්නට ඇත. මෙහිදී ජනාධිපතිවරයා වැඩිපුරම සාකච්ඡා කර ඇත්තේ තමන් සමඟ සිටින මන්ත්‍රීන් පොහොට්ටුව සමඟ එක් වුවහොත් ඔවුන්ට හිමිවන තත්ත්වය, ලැබෙන ආසන, මැතිවරණ අවස්ථාව ආදිය ගැන කතා කිරීමටයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට කියා ඇත්තේ “මම නොදන්න අය නොවෙයිනේ. ඒගොල්ලො මගේ ආණ්ඩුවෙත් ඉඳපු අය. මම ඒ සියලුම දෙනා බලාගන්නම්. මම බැසිල්ට ඒ ගැන උපදෙස් දීලයි තියෙන්නෙ. එයා එක්ක ඔබතුමාගෙ මන්ත්‍රීවරුන්ට කතා කරන්න කියන්න. ඒ මට්ටමෙන් බේරගන්න බැරි ප්‍රශ්නයක් තිබුණොත් මට කියන්න. මම මැදිහත්වෙලා ප්‍රශ්නය විසඳන්නම්* යනුවෙනි. ජනාධිපතිවරයා ඒ ගැන සෑහීමට පත්ව තිබිණි. ඔහු ඉදිරි ආණ්ඩුවකදී තමන්ට හිමිවන තත්ත්වය ගැන මෙම කතාබහේ දී කිසිදු සාකච්ඡාවක් නොකිරීම ගැන ද සඳහන් කරනු වටී.

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවධාරණයෙන් කියා ඇත්තේ දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡාව සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන හැටියටයි. එමගින් දෙපක්ෂයට එක්ව තරග කිරීමට අදාළ පසුබිම සැකසිය හැකි බවද ජනාධිපතිවරයා කීය. මහින්ද රාජපක්ෂ මහතා ඊට එකඟ විය. ඉන් අනතුරුව දෙදෙනා බොහෝ වේලා ජනාධිපතිවරයාගේ කාම්බෝජ සංචාරය ගැන සරල ලෙස කතාබහ කරමින් සිටියෝය.

සුපිලිපන් දේශයක් සහ සංස්කෘතියක් සඳහා වන ජාතික සමුළුවක් පසුගියදා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ප්‍රමුඛ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රභූවරු ගණනාවක් ඊට එක්වූහ. මෙම සමුළුව අමතා කතා කළ අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත නිකායේ මහනායක ත්‍රිකුණාමලේ ආනන්ද නාහිමියෝ දේශපාලනයට එන පුද්ගලයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කළ අතර දේශපාලනයට පිවිසීමට පෙර අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතු යැයි ද කීහ. මෙය අසා සිටි රනිල්ට මෙන්ම මහින්දට ද සිනහ පහළ විය. පසුගිය දිනවල එ.ජා.ප. ජනාධිපති අපේක්ෂක පදවිය පතන කෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්නයක් මතු වූ නිසා මේ දෙදෙනාටම එකවර සිනහ පහළ වූ බව පෙනුණි. අනතුරුව මහින්ද රනිල් දෙසට හැරී “වෙන මොනව නැතත් ඒක නම් ඔයාට හොඳට ඇහුණා නේද?” කියා කියද්දී රනිල් සිනාසුණා මිස පිළිතුරු දෙන්නට ගියේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රගතිශීලී කඳවුරේ සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඔවුන් නියෝජනය කරන අපේක්ෂකයා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බව කියැවුණත් ජ.වි.පෙ. ප්‍රධානීන් ඒ බව ඍජුවම සනාථ කරන්නේ නැත. ඔවුන් කියන්නේ සෙසු පක්ෂවලින් අපේක්ෂයන් ප්‍රකාශයට පත් කර හමාර වූ විගස තම අපේක්ෂකයා හඳුන්වා දෙන බවයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ගම් මට්ටමේ සම්මන්ත්‍රණ තබමින් ජනතාව දැනුවත් කරමින් සිටී.

ඉදිරියේ දී ශ්‍රිලනිපය ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැන සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව පසුගියදා රැස් විය. දයාසිරි ජයසේකර පක්ෂ මහ ලේකම්වරයා එහිදී කියා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසියම් පක්ෂයක් සමඟ සන්ධාන ගතවනවා නම් සන්ධාන ගතවිය යුත්තේ පක්ෂ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බවයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු බලය පෙන්විය යුතු වගත් දයාසිරි ජයසේකර මහතා කියා ඇත. එහෙත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අදහස පිළිගෙන නැත. භූමියේ තිබෙන දේශපාලන තත්ත්වය තේරුම් ගන්නා ලෙස කියා ඇති නිමල් සිරිපාල මහතා පොහොට්ටුව අද සමාජයේ බලවත්ම පක්ෂයක් බවට පත්ව තිබීම අමතක කරන්න එපා යැයි ද දයාසිරිට කීය. එම නිසා අපි අපේ තරම දැන වැඩ කරමු යැයි ඔහු යෝජනා කර තිබේ.

කෙසේ හෝ අද දින පැවැත්වෙන පොහොට්ටුවේ මංගල රැලියට ශ්‍රීලනිප මන්ත්‍රීන් සහභාගි නොවන බව දයාසිරි මාධ්‍යයට කියා තිබිණි. පොහොට්ටුවෙන් එම කණ්ඩායමේ සිටින මන්ත්‍රීන් 22ටම ආරාධනා පත්‍ර යවමින් පොහොට්ටු රැස්වීමට පැමිණෙන ලෙස කියා ඇත. දයාසිරි ඇතුළු කිහිප දෙනෙක් ඊට සහභාගි නොවෙතත් එස්.බී., ඩිලාන්, නිමල් සිරිපාල ඇතුළු බොහෝ දෙනෙක් ඊට සහභාගි වන බව දන්වා තිබිණි.

ලිට්රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිත කළ බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ප්‍රමුඛ විත්තිකරුවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළේය. ගාමිණී සෙනරත් මහතා ප්‍රමුඛ චූදිතයන්ට එල්ල වූ චෝදනා 24ම ඔප්පු කිරීමට කිසිදු නීතිමය පදනමක් නැතැයි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් විය.

පසුගියදා රජය පිහිටුවන ලද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වූ මුල්ම නඩුව මෙය බැවින් ගාමිණීගේ නඩු තීන්දුවට සවන් දීමට මැති ඇමැති පිරිසක් ද දහසකට ආසන්න ජනකායක් ද අධිකරණ භූමියට එක්රැස්ව සිටියහ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අරුන්දික ප්‍රනාන්දු, යෝෂිත රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් උසාවි ශාලාවේ රැඳී සිටියදී පැය 2කට ආසන්න කාලයක් පිටු 80කින් යුත් නඩු තීන්දුව කියවමින් විත්තිකරුවන් නිදහස් කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිපුරම සාකච්ඡා කර ඇත්තේ තමන් සමඟ සිටින මන්ත්‍රීන් පොහොට්ටුව සමඟ එක් වුවහොත් ඔවුන්ට හිමිවන තත්ත්වය, ලැබෙන ආසන, මැතිවරණ අවස්ථාව ආදිය ගැන කතා කිරීමටයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට කියා ඇත්තේ “මම නොදන්න අය නොවෙයිනේ. ඒගොල්ලො මගේ ආණ්ඩුවෙත් ඉඳපු අය. මම ඒ සියලුම දෙනා බලාගන්නම්. මම බැසිල්ට ඒ ගැන උපදෙස් දීලයි තියෙන්නෙ. එයා එක්ක ඔබතුමාගෙ මන්ත්‍රීවරුන්ට කතා කරන්න කියන්න. ඒ මට්ටමෙන් බේරගන්න බැරි ප්‍රශ්නයක් තිබුණොත් මට කියන්න. මම මැදිහත්වෙලා ප්‍රශ්නය විසඳන්නම්” යනුවෙනි. ජනාධිපතිවරයා ඒ ගැන සෑහීමට පත්ව තිබිණි. ඔහු ඉදිරි ආණ්ඩුවකදී තමන්ට හිමිවන තත්ත්වය ගැන මෙම කතාබහේ දී කිසිදු සාකච්ඡාවක් නොකිරීම ගැන ද සඳහන් කරනු වටී.
මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවධාරණයෙන් කියා ඇත්තේ දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡාව සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන හැටියටයි. එමගින් දෙපක්ෂයට එක්ව තරග කිරීමට අදාළ පසුබිම සැකසිය හැකි බවද ජනාධිපතිවරයා කීය. මහින්ද රාජපක්ෂ මහතා ඊට එකඟ විය. ඉන් අනතුරුව දෙදෙනා බොහෝ වේලා ජනාධිපතිවරයාගේ කාම්බෝජ සංචාරය ගැන සරල ලෙස කතාබහ කරමින් සිටියෝය.

සුපිලිපන් දේශයක් සහ සංස්කෘතියක් සඳහා වන ජාතික සමුළුවක් පසුගියදා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ප්‍රමුඛ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රභූවරු ගණනාවක් ඊට එක්වූහ. මෙම සමුළුව අමතා කතා කළ අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත නිකායේ මහනායක ත්‍රිකුණාමලේ ආනන්ද නාහිමියෝ දේශපාලනයට එන පුද්ගලයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කළ අතර දේශපාලනයට පිවිසීමට පෙර අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළ යුතු යැයි ද කීහ. මෙය අසා සිටි රනිල්ට මෙන්ම මහින්දට ද සිනහ පහළ විය. පසුගිය දිනවල එ.ජා.ප. ජනාධිපති අපේක්ෂක පදවිය පතන කෙනකුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්නයක් මතු වූ නිසා මේ දෙදෙනාටම එකවර සිනහ පහළ වූ බව පෙනුණි. අනතුරුව මහින්ද රනිල් දෙසට හැරී “වෙන මොනව නැතත් ඒක නම් ඔයාට හොඳට ඇහුණා නේද?” කියා කියද්දී රනිල් සිනාසුණා මිස පිළිතුරු දෙන්නට ගියේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රගතිශීලී කඳවුරේ සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ඔවුන් නියෝජනය කරන අපේක්ෂකයා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා බව කියැවුණත් ජ.වි.පෙ. ප්‍රධානීන් ඒ බව ඍජුවම සනාථ කරන්නේ නැත. ඔවුන් කියන්නේ සෙසු පක්ෂවලින් අපේක්ෂයන් ප්‍රකාශයට පත් කර හමාර වූ විගස තම අපේක්ෂකයා හඳුන්වා දෙන බවයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ගම් මට්ටමේ සම්මන්ත්‍රණ තබමින් ජනතාව දැනුවත් කරමින් සිටී.

ඉදිරියේ දී ශ්‍රිලනිපය ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැන සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව පසුගියදා රැස් විය. දයාසිරි ජයසේකර පක්ෂ මහ ලේකම්වරයා එහිදී කියා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසියම් පක්ෂයක් සමඟ සන්ධාන ගතවනවා නම් සන්ධාන ගතවිය යුත්තේ පක්ෂ අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බවයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු බලය පෙන්විය යුතු වගත් දයාසිරි ජයසේකර මහතා කියා ඇත. එහෙත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අදහස පිළිගෙන නැත. භූමියේ තිබෙන දේශපාලන තත්ත්වය තේරැම් ගන්නා ලෙස කියා ඇති නිමල් සිරිපාල මහතා පොහොට්ටුව අද සමාජයේ බලවත්ම පක්ෂයක් බවට පත්ව තිබීම අමතක කරන්න එපා යැයි ද දයාසිරිට කීය. එම නිසා අපි අපේ තරම දැන වැඩ කරමු යැයි ඔහු යෝජනා කර තිබේ.

කෙසේ හෝ අද දින 11දා පැවැත්වෙන පොහොට්ටුවේ මංගල රැලියට ශ්‍රීලනිප මන්ත්‍රීන් සහභාගි නොවන බව දයාසිරි මාධ්‍යයට කියා තිබිණි. පොහොට්ටුවෙන් එම කණ්ඩායමේ සිටින මන්ත්‍රීන් 22ටම ආරාධනා පත්‍ර යවමින් පොහොට්ටු රැස්වීමට පැමිණෙන ලෙස කියා ඇත. දයාසිරි ඇතුළු කිහිප දෙනෙක් ඊට සහභාගි නොවෙතත් එස්.බී., ඩිලාන්, නිමල් සිරිපාල ඇතුළු බොහෝ දෙනෙක් ඊට සහභාගි වන බව දන්වා තිබිණි.

ලිට්රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිත කළ බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ප්‍රමුඛ විත්තිකරැවන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළේය. ගාමිණී සෙනරත් මහතා ප්‍රමුඛ චූදිතයන්ට එල්ල වූ චෝදනා 24ම ඔප්පු කිරීමට කිසිදු නීතිමය පදනමක් නැතැයි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් විය.

පසුගියදා රජය පිහිටුවන ලද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වූ මුල්ම නඩුව මෙය බැවින් ගාමිණීගේ නඩු තීන්දුවට සවන් දීමට මැති ඇමැති පිරිසක් ද දහසකට ආසන්න ජනකායක් ද අධිකරණ භූමියට එක්රැස්ව සිටියහ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අරුන්දික ප්‍රනාන්දු, යෝෂිත රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් උසාවි ශාලාවේ රැඳී සිටියදී පැය 2කට ආසන්න කාලයක් පිටු 80කින් යුත් නඩු තීන්දුව කියවමින් විත්තිකරුවන් නිදහස් කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

► ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00