2019 ජනවාරි 05 වන සෙනසුරාදා

දිවෙන් Feel-But අවදානම්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:31 272

අපේ අම්මලා පොඩි කාලේ ඉඳන් කියන්නේ කොළ කන්න පුරුදු වෙන්න කියලා. ඇස් පෙනීම වැඩිවෙනවලුණේ. අද අපේ Y Trend එකත් කොළ කෑම. But my සුදෝ මේ කොළේ කන්න පුරුදු වුණොත් ඇස් පෙනීම කෙසේ වෙතත් life එකම අන්ධකාරේ.

Stamps, සිංහලෙන් කිව්වොත් මත් මුද්දර. සැර Feeling එකක්. මේක දරුණු Y Trend එකක් වීගෙන එන්නෙ. අවදානමට පෙර සූදානම කියලා කාටත් දැනගන්න අපි Story Line කරනවා. මේකට මුද්දර කිව්වට ලංකාවේ හම්බවෙන ඒවානම් සයිස් එකෙන් ස්මෝල්. මේකේ තියෙන්නේ අම්ලයක්. කඩදාසි තවරලා තමා Stamps හදන්නේ. අමෙරිකාවේ බොහොම දරුණුවට වෙන සෙල්ලමක් මේ සීන් එක.  

ඔන්න අපි මේ Feeling එක ගැන එක්ස්ප්ලේන් කරන්නම්. මේවා ගැන දැනගැනීම වැදගත්, අත්හදා බැලීම ඩේන්ජරස්. සීන් එක Bad Trip හා Good Trip කියලා දෙයාකාරයි. මෙහෙමයි..  ඔන්න අපි හිතමුකෝ ෆීලින්කාරයෙක් කොළයක් දාගත්තා දිව යටට. එතනින් පස්සේ Feel වෙන දේ හොඳ හෝ නරක වෙන්න පුළුවන්.

ඒ වෙලාවේ දකින, අහන දේ තමයි උත්තේජනය වෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ Music Feeling  වුණොත් ඒක තමයි අපට දෙන්නේ. මතකනේ Party සීන් එක ගැන අපි දවසක් කිව්වා. වෙන දෙයක් ෆීල් වුණොත් එහෙමයි. හානියක් නැතිව මේ ෆීලින් එක  ඇතුළේ ඉන්නවා කියන්නේ පොඩි සංචාරයක් වගේ කේස් එකක්. එතකොට ඒක good  trip එකක්. 

ෆීලින් එක අවුල් ගියොත් trip එක bad වෙනවා. එතකොට මනස වෙනම ගමනක් යන්නේ. ඒක කාංසාව එක්ක ඇතිවන මානසික අවපීඩන තත්ත්වයක්. බෑඩ් ට්‍රිප් කියන්නේ ඇඟපත තුවාල කරගෙන අරහෙන් මෙහෙන් පැනලා, ප්‍රශ්න ඇතිකරගන්න එක නෙවෙයි, ඒක දැනෙන විදිහ.

ගුඩ් ට්‍රිප් එකකදී දැනෙන්නේ බැලන්ස් ගතියක්. ඒ වගේම නිකම් Visual එකක් බලනවා වගේ සීන් එකක්ලු දැනෙන්නේ. නිකම් slow ගතියක්.. Flashback ඇතිවෙන ගතියක්. වේට් එක වගේ සීන් ගොඩක් තියෙනවා. එක එක stamps වල Feeling වෙනස්. පැය 2 තුනක් 12ක්  ෆීලින් එක තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේක නිසා කට වේලෙනවා. මුහුණ වෙනස් වෙනවා. තමන් සෙට්වෙන ෆීලින් එකේ ඔහේ යනවා. ඒක සංචාරයක්ම තමා. කොටින්ම මේක පිස්සුවක් බ්‍රෝ... හැබැයි ආයේ පාරක් ටුවර් එකක් යන්න ආස හිතෙනවා. 

මේක තමා සීන් කෝන් එක. බ්‍රෝ.. ලංකාවේ Party සංස්කෘතිය එක්කයි මේකෙ ව්‍යාප්තිය සිද්ධ වුණේ. අපි මුලින්ම කිව්වා දැන් මේක ලොකු Y Trend එකක් වෙන්න යන්නේ කියලා. ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් බඩු ගන්නේ කට්ටියක් එකතුවෙලා. Party එකකදී, එහෙම නැත්නම් වෙන Fashion එකකදී ගැන්සි එක එකතුවෙලා සල්ලි දාලා අරගෙන බෙදාගන්නවා. මුල් කාලයේ ඕවා පාටි ඩ්‍රග්ස්. ඒත් දැන් සීන් එක වෙනස් වෙලා. වැඩි කාලයක් නෙවෙයි, අවුරුද්දක් දෙකක් ඇතුළතයි කේස් එක අවුල් වුණේ.

අද වෙනකොට කොල්ලෝ පාටි සීන් එකට අමතරව කිහිපදෙනෙක් එකතුවෙලා මේ ෆීලින් එක ගන්න පුරැදුවෙලා තියෙනවා. වයස 15, 16 ඉඳන් උඩට Boys ලා Grails ලා ෆීල්ඩ් එකේ ඉන්නවා. Party වලදී ටැබා දානවා වගේ ෆීලින් එක මියුසික් එක්ක විතරමයි සෙට්වෙන්නේ. ඒත් Stamps වෙනස්.  USA වල Stamps අද විශාල මත්උවදුරක්.  සිරි ලංකාවේත් නුදුරේම ඒක වෙන්න පුළුවන්. 
වැඩේට බජාර් එකේ කියන්නේ කොළ කනවා කියලා.

සාමාන්‍යයෙන් රුපියල් දෙතුන් දාහක් වියදම් කරලා හතර දෙනෙක්ට වගේ මේ ෆීලින් එකට set වෙන්න පුළුවන්. පාටිවල දාන ෆීලින් අතර මේ කොළ ඕන තරම් තියෙනවා. නීතියට මේවා හසුකරගන්න පහසු නෑ. කොටින්ම අන්තර්ජාලේ තියෙන විදිහට මත්ද්‍රව්‍ය අල්ලන්න පුරුදු කරපු Dog ලාටත් මේවා හොයාගන්න බැරිලු. ඒ නිසා ව්‍යාප්තිය වැඩී... තත්ත්වය full සීරියස්.

දැන් සීන් එක පට්ට වගේ  කියලා හිතුණොත් බ්‍රෝ මේ ටික දැනගන්න. USA වල මත්ද්‍රව්‍ය පිළිබඳ නියෝජිත ආයතනයට අනුව මේක ලැයිස්තු අංක එකේ ඩ්‍රග්ස් වර්ගයක්. අනික පිළිගත් වෛද්‍ය ප්‍රතිකාරයක් මේකට නෑ. මොළයේ අන්තර් ක්‍රියාකාරීත්වය මේ අම්ලය හරහා වෙනස්වීමයි සිද්ධවෙන්නෙ. අහලා තියෙනවානම් කෑමට පිස්සු හැදෙන හතු විශේෂ... ඒත් මේ වගේ සීන් එකක්. ස්නායු පද්ධතියටත් මේ හරහා බලපෑම් වෙනවා.

සරල ඔක්කාරය, ආහාර අරුචිය නිදාගැනීමේ දුෂ්කරතා, ආලෝකයට නිරාවරණය වීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. බරපතළව ගත්තොත් ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම, සීනි මට්ටම ඉහළ යාම,  හෘද ස්පන්දනය වේගවත් කිරීම, අධික රුධිර පීඩනය  වගේ ශාරීරික බලපෑම් මේකෙන් ඇතිවෙනවා කියලා දැනගන්න. බ්‍රෝ.. වැඩේ වැරදුණොත් කූරිය ගහන්න වෙන්නේ. ඒ වගේම කාංසාව, හීන්නෝමාදය ආදී විශාල මානසික රෝග ප්‍රමාණයක් මෙයින් ඇතිවෙන්න පුළුවන්. වැඩේ අතිශය බරපතළයි නේද? තාවකාලික පිස්සුවක් හදාගෙන ආතල් එකක් ගන්න ගිහින් සදාකාලික පිස්සෙක් වෙන්නත් බැරි නෑ.

ඒත් Y Trend අපි තාරුණ්‍යය ඇතුළේ Real Trip යන නිසා මේ සීන් එක ගැන බොක්කෙන්මයි රටට කියන්නේ. මත්ද්‍රව්‍ය ගැන තාරුණ්‍යය දැනුම්වත් නෑ.. ඒකයි කරලා බලන්න යන්නෙ. ඒ නිසයි අපි ඉඳලා හිටලා Back Y Trend එකක් අරගෙන එන්නේ. කොළ කන සීන් එකෙන් පට්ට විනාශයක් වෙන්න පුළුවන්. Week end එකේ බෝතලයක් ගහනවා වෙනුවට කොළයක් කන එක හෙට අනිද්දට Normal වෙයි කියලා බයත් හිතෙනවා.

ඒත් වගකිවයුතු ලොකු තැන්වල Big Boss ලා මේවා දන්නේ නෑ. සමාජයට බැහැලා බලන්න වෙනවා යථාර්ථය දැනගන්නනම්. ඇබ්බැහිවීම්වලට ආදේශන ප්‍රතිකාර තියෙනවා කියලත් මතක් කරන්න ඕන. කොහොම වුණත් අද අපේ Y Trend එක ගෙනාවේ අතිශයින්ම දැනුම්වත්වීම සඳහා පමණයි. කොළ කෑම අනතුරු සහිතයි.. පිරිස් සමාජය දැනුම්වත් කරන්න.

 

► Text - Nisal   /   Pic – Internet