2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ටෙලි ස්ටාර් 2018

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

පුංචි තිරයේ ඔබ නිතර දකින,ඔබ ආදරේ කරන නළු නිළියන්ගේ රංගන හැකියාවන්ට අමතරව නර්තන හැකියාවන් විදහා දක්වන රසවත් ගී ප්‍රසංගයක් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වුණා.

"ටෙලි ස්ටාර් 2018" ලෙස නම් කර තිබූ මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ශාන්ත සොයිසා විසින්. මෙහි නර්තන වින්‍යාසය චන්දන වික්‍රමසිංහයන් විසින්ද සංගීත අධ්‍යක්ෂණය මනෝජ් පීරිස් විසින් ද මෙහෙය වනු ලැබුවා.. ටෙලි ස්ටාර්  2018 ප්‍රසංගයේ තරු විසිතුරු වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

 Romesh Dhanushka Silva