2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

එක අරුංගලයක් දැම්මේ බැරි අයලු....

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:31 969

කරාබු දාලා කිට මරලා පොර වගේ බහින Sri Lankans Boys රටේ තොටේ එමට. බිකෝස් ඒක World Trend එකක්. ඒ වගේ සුප්පා Fashion එකක්. සාමාන්‍යයෙන් ඉස්සර Sri Lankan Grails ලා කන් දෙකට කරාබු දෙකයි දැම්මේ ඉස්සර. ඒත් දැන් කෙල්ලෝ එක කනට දානවා කරාබු දෙක තුනක්. නැත්නම් ඊටත් වැඩියෙන්. ඒකත් දැන් ලෝකේ තියෙන පට්ට Fashion එකක්. කොටින්ම නෝමල් සීන් එකක්.

අපේ රටේ ඉස්සර කාලේ හැම කෙල්ලෙක්ම කරාබු දැම්මාට මෙන්න දැන් ඒකත් වෙනස් වෙලා. කරාබු දාන්නේම නැති Grailsලත් ඉන්නවා. ඒ අයත් එන්න එන්නම වැඩිවෙනවා. ඒකත් අමුතුම සීන් එකක්. සිංහල අය කනට කඩුක්කන් දැම්මා. දමිළ හින්දු සංස්කෘතියත් එක්ක නහයටත් දැම්මා. ඒත් අද වෙනකොට නහය, කන විතරක් නෙවෙයි ඇහිබැම දිව වගේම ශරීරයේ තව තව තැන් විදලා කරාබු දාන අය ලෝකේ වගේම සිරිලංකාවේත් ඉන්නවා ඕසෙට. මේ ඔක්කෝම කරාබු එක්ක බැඳුන Y Trend තමා බ්‍රෝ.

කාලයක් කොල්ලෙක් තනි කරාබුවක් දාන එක අපේ රටේ රස්තියාදු සීන් එකක්. එකනෙ අර කොණ්ඩේ දිගට වවලා කරාබුවක් දාලා අණ්ඩ දැමූ කලිසම ඇඳි මගේ පෙම්වතා කියලා සින්දුවකුත් තියෙන්නේ. ඒත් ඔය කරාබු, තනි කරාබු සීන් එකට ඉස්සර බටහිර ඇත්තෝ දීලා තියෙන්නේ වෙන්ම අර්ථයක්. ලිංගික ළැදියාවන් වෙනස්වුන ඒ වගේම ලිංගික දුර්වලතා ඇති අය හඳුනගන්න තමයි ඒ කාලේ තනි කරාබුව දාලා තියෙන්නේ.

කොහොම හරි සිරිලක්වාසී පුරුෂයො නම් කරාබු සීන් එකට උරුමකම් කියන්නේ රජ කාලේ ඉඳලා. අපේ රජ මැතිවරුත් දැම්මලුනේ කරාබු. කන් විදීමේ මංගල්ලය හෙමත් තිබිලා තියෙනවා. හැම සංස්කෘතික අනන්‍ය වෙච්ච චාරිත්‍ර විධි වගේම ඇඳුම් පැළඳුම් ආයිත්තම් තියෙනවානේ. ඉතින් කන ඇතුළු ශරීරයේ විවිධ තැන් විදීම චාරිත්‍රයක් වෙද්දී කරාබු ලෝකයේ ප්‍රකට ආභරණයක් වුණේ මේ සංස්කෘතික කාරණාව නිසා. පස්සේ ඉතින් Fashion එක්ක Trend එකක් වුණා.

අද සිරි ලංකාවේ ගොඩක් කොල්ලෝ කන විදින්න කැමතියි. ආසයි බයයි ගෙදරින් බර බර ගොඩයි. ඉතින් නාගරිකව මේක Fashion එකක් වුණාට සාම්ප්‍රදායක් ලෙස සමාජේ ඉන්න ගොඩක් අය කොල්ලෙක් කන විදිනවාට කැමැති නෑ. ඉතින් ගොඩක් දෙමාපියෝ මේකට අකමැතියි. ඒත් කොල්ලෝ මේ වැඩේ කරනවා. දෙහි කට්ටකින් කරාබුවකින් කන විදගන්නේ යාළුවෙක්ට කියලා. විදින්න බැරිම අය දානවා මැග්නට්. ඔය පාටිවලට යන කොටහෙම දාගෙන යන්නේ ගොඩක් දෙනා මැග්නට් කරාබු. ඇත්තටම සාමාන්‍ය කොල්ලෙක්ගේ කරාබු දැමීමේ ආසාවට සමාජ වාරණ ගොඩයි. පවුල්වල වැඩිහිටියෝ බණිනවා නෝන්ඩි කරනවා. එක එක සීන්. හැබැයි Music කරන කොල්ලෝ Beach Boy ලා අතර මේක සාමාන්‍ය දෙයක්.

දැන් කරාබුයි කෙල්ලොයි ගැන කතා කරමුකෝ. කරාබු කියන්නේ කාන්තා ආභරණයක්. ඒක තමා සමාජ මතය. අනාදිමත් කාලයක ඉඳන් කරාබු දැම්මා. හැට්ට වර්ණය රන් රිදී මුතු මැණික් එක්ක කරාබුවල වටිනාකම අඩු වැඩි වුණානේ. අදත් කෝටි ප්‍රකෝටි ගණන්වල ඉඳලා රුපියල් හත් අටසීයටත් කරාබු තියනවා. ඉතින් කාන්තාවන්ගේ පොහොසත්කම් කරාබු දෙකෙන් යම් පමණකට නිරූපණය වෙනවා. තවත් පැත්තකින් කරාබු කියන්නේ ස්ත්‍රීත්වයේ සලකුණක්. දැන් මේ කෙල්ලෝ කරාබු එකට වඩා වර්තමානයේදී දාන්නේ ඇයි? ඒක අප්‍රිකානු ඉන්දියානු සංස්කෘතික ආභාෂයත් එක්ක ආපු දෙයක්. ලංකාවේ මෑතකාලීනව ආරම්භ වුණාට කරාබු කිහිපයක් පළඳින එක ලෝකේ විවිධ සංස්කෘතීන්වල ලක්ෂණයක්. ලංකාවට මේ ආභාෂය එන්නේ ඉන්දියාව හරහා. කොහොම වුණත් ලංකාවේ කරාබු දෙක තුනක් දැම්ම අය දිහා සමාජය විවිධ අර්ථයෙන් බලනවා. ඒ හැටි. කරාබු නොදාන  ගෑනු ළමෝ එහෙම කරන්නේ ඇයිද? සමහරුන්ට කරාබු දාන්න බෑ ආසාත්මිකතා ඇතිවෙනවා. ඒ වගේම රැඩිකල් අදහස් තියෙන තද ගති පැවතුම් තියන සමහර ගෑනු ළමයි කරාබු දාන්නේ නෑ. කරාබු නොදා සිටීම ස්ත්‍රිය භුක්ති විඳින නිදහසේ සංකේතයක් කියලත් වෙලාවකට හිතන්න පුළුවන්.

කන් නාසය විදීමට අමතරව සිරුරේ තවත් තැන් විදීම අද සිද්ධවෙනවා. මේක ලෝකේ දරුණු ලෙස ව්‍යාප්ත වුණ ටිකක් භයානක Trend එකක්. ඇස කන නාසය දිව සර්වාංගය විදගන්නවා. බටහිර අ‍ෙමරිකානු රොක්, හිපි සංස්කෘතීන් ඇතුළේ තමා මේක තියෙන්නේ. දිව තොල් ආදියේ කරාබු විශාල ප්‍රමාණයක් පළඳිනවා. කොටින්ම දැක්කම බය හිතෙන තරම්. ඒ වගේම හයි ෆීලීන් ඩ්‍රග්ස්, මේ වගේ විෂම කරාබු පළඳින්නන් නූතන උප සංස්කෘතීන් ඇතුළේ භාවිත වෙනවා. කරාබු දාන්නේ ආතල්කාරයෝ ෆන්කාරයෝ කියන අදහස අපේ රටේත් තියෙනවානේ. ඔව් ඒක යම් සත්‍යතාවක් තියෙනවා මේ බටහිර සංස්කෘතින් දිහා බැලුවාම. අප්‍රිකානු ගෝත්‍රික සමාජවලින් තමා මේ විකෘති කරාබු සංස්කෘතික ආභාෂය ලැබිලා තියෙන්නේ. මේ පිස්සු නිසා ආසාත්මිකතා සහ විවිධ රෝග වැළඳිලා මිනිස්සු මැරිලත් තියනවා. කොහොම වුණත් ලංකාවේ අධික ලෙස සිරුර සිදුරු කරගෙන ආභරණ පැළඳීමේ සංස්කෘතිය ඒ විදිහටම නෑ. ඒත් මෑතක ඉඳලා ඒවායෙහි ආභාෂය ගත්ත පිරිස් අපේ රටෙත් දැකගන්න පුළුවන්.

කරාබු දැමීමේ සෞඛ්‍ය ආරක්ෂිත බව අපි කතා කරන්න ඕනා. මොකද ආභරණ මිනිසුන්ගේ සිරැරේ ස්වභාවිකත්වය අතික්‍රමණය කරනවනේ. පොඩි ළමයින්ගේ කන් විදීමේදී නම් වෛද්‍ය උපදෙස් ගන්නවා. නමුත් මේක Y Trend එකක් වුණාම සෞඛ්‍ය ගැන ගොඩක් දෙනා වැඩිය හිතන්නේ නෑ. කොහොම වුණත් දැන් කන් විදීමට උපකරණ භාවිතා වෙනවා. ඒත් අවදානමක් ගන්නේ නැතිව වෛද්‍ය උපදෙස් පිට කන් විදීම සිදුකරන එක වැදගත්. චර්ම රෝග වගේම සමාජ රෝගත් මේ හරහා වැළඳෙන්න පුළුවන්. ලෝකේ එක්ක අනුගතවෙන එක වැරදි නෑ ඒත් ඒකේන් සමහර වෙලාවෙ විශාල හානි වෙන්න පුළුවන්. ඉතින් මේ Trend එකත් එක්ක ඒ ටිකත් හිතේ තියාගෙන වැඩ කරොතින් හොඳයි.

 

► Text - Nisal   /   Pic – Internet