2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ඇත්තටම නැචුරල් මෙයා

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

චිත්‍රපටයක් රූගත කරන දර්ශන තලයක කලාතුරකින් ලැබුණු විවේකී අවස්ථාවක කලා අධ්‍යක්ෂකවරයකුගේ ජංගම දුරකථනයේ තිබුණු ඉතාම ලස්සන ඡායාරූපයක් දැකලා කාගෙත් ඇස් උඩ ගියා. අපේ පරිසරයේ විචිත්‍ර බව අපූරුවට විදහා පෑ ඒ පින්තූරය දිහා පැය ගාණක් වුණත් බලන් ඉන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි.

මේක ඇඳපු එකක් වගේ නේද? හරිම නැචුරල් එක්කෙනෙක් කිව්වලු. 
නැහැ මේක ෆොටෝ එකක්. මගේ හොඳම යාළුවෙකුගේ කැමරාවෙන් අරගෙන මට එව්වේ
හානේ මේක ඇත්තටම නැචුරල් මෙයා.. එතන හිටිය තව කෙනෙක් එහෙම කිව්වම කට්ටියම එක පාරටම හිනා ගියාලු.
ඇත්තටම නැචුරල්.

 

උපන්දින පටලැවිල්ල

කලා ලොවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් පහුගිය දවසක උදේ පාන්දරින්ම ජනප්‍රිය නළුවෙකුට කෝල් එකක් දෙනවා.
මචං ගුඩ් මෝනිං. ඔයාට පුළුවන් නම් කියන්න මගේ උපන්දිනේ අද නම් යාළුවන්ට කේක් දෙන්න ඕන මමද? නැත්නම් මගේ යාළුවොද මට කේක් දෙන්න ඕනේ? අධ්‍යක්ෂකවරයා නළුවගෙන් අහනවලු.
උපන්දිනය සමරන කෙනාන කේක් දෙන්න ඕනෙ. ඇයි මොකද්ද ප්‍රශ්නේ?

නෑ නෑ අපේ ජනප්‍රිය නිළියක් අපිත් එක්ක මේ දවස්වල වැඩ. එයාගේ උපන් දිනේ අද. ඒත් එයා කියනවා අපිලු එයාට කේක් දෙන්න ඕනෙ.

ආ මං දන්නවා.. අහවලා නේද? මමත් ගිය සතියේ එයාට උපන් දිනේට CARD එකක් තැපැල් කරන්න එයාගේ ගෙදර ඇඩ්‍රස් එක ඉල්ලුවා. මෙන්න මෙයා කියපි මම ගෙදර ඉඳීද දන්නෙ නෑ කියලා. නළුවා කිව්වා.

 

සිස්ටම් වෙනස් කළ නොහැක

රජයේ එක්තරා මාධ්‍ය ආයතනයක හිටපු ප්‍රධානියෙක් පහුගිය දවස්වල සිදු වූ වෙනස්වීමත් සමඟ රාජකාරියෙන් බැහැරව සිටියත් පවතින දේශපාලන අර්බුද ගැන දැඩි විමසිල්ලෙන් හිටියා.
ඔන්න දැන් දින කීපයකට පෙර සිදු වූ අලුත්ම වෙනසත් එක්ක අර ප්‍රධානියාට යළි ජීවය ලැබුණලු.

එයා හිටලු ආයතනයේ  වර්තමාන ලොක්කට කතා කරලා අලුත්ම දේශපාලන වේදිකාවක තොරතුරක් ආවරණය කරන ලෙස ඉල්ලා හිටියලු.
ඔයාද මේකෙ ලොක්කා. නැහැනේ. ඔයා කොහොමද මේ වගේ දෙයක් ඉල්ලා හිටින්නේ? වර්තමාන ප්‍රධානියා ඇහුවලු.
ඔයා ඉතින් මේකට අලුත්නේ. මේක තමයි සිස්ටම් එක. මේ සිස්ටම් එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

 

► Text - Mithra