2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

No කොන්දේසි ආදරේ නම් ආදරේ....

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං
හෙලෝ හෙලෝ මොනවද හිත හිතා ඉන්නේ?
කවදා හරි කිසිවෙක්ට පරිපූර්ණත්වය හම්බවෙන්නෙ නැහැ, කිසිවෙක්ට මහපොළොව හම්බනොවෙද්දී තව කෙනෙක්ට අහස් තලය හම්බවෙන්නේ නැහැ...

කවි පද ගෙතුවා කියලා හොරකම් කරගෙන ගිය මගේ හදවත මට නැහැනේ හමුවෙන්නේ?
ඔයා මාව හමුවෙන්න කැමතියිද?
ඒක අහන්නත් දෙයක්ද නේද?

මේ ආදරය කරන දෙන්නෙක්ගේ කතාබහක්. එකිනෙකා පරයමින් ඉහළ අහස අල්ලන්න හදන ගොඩනැගිලිවලින් සමන්විත තට්ටු ගොඩනැගිලි තියෙන නගරයක තමයි ඒ සිද්ධිය වෙන්නේ. මේ නගරයේ ඉන්න තරැණ හදවත් දෙකක් තියෙන මැදිවියේ දෙන්නෙක් ආදරය කරන හැටි තමයි ඒ මම ඔබට කිව්වේ. ඒ දෙන්නගේ නම් දෙකත් කියලම ඉන්නම්කෝ. අමර් සහ තාරා, ඒ දෙන්නා තමයි ඔය දැන් කතා කර කර හිටියේ. 
මේ ඊට දවස් කිහිපයකට පස්සේ සිදුවීමක්. 

අද අපේ කතාවේ නායකයා යුරෝපීය ඇඳුමින් සැරසුණු කඩවසම් පෙනුමක් තියෙන කොණ්ඩය සහ රැවුල බාගයකටත් වඩා සුදු පැහැවෙලා තියෙන අමර් එයාගේ දුව සප්නාත් එක්ක මේ වෙලාවේ ඉන්නේ ගොඩාක් ලස්සන පිළිවෙලට හදලා තියෙන ශාලාවක් ඇතුළේ. මේක වෙඩින් හෝල් එකක්.

සප්නා - ඩැඩා 
අමර්  - ඉට් ඉස් ෆෝර් යූ
සප්නා - යුවර් මෑඩ් 

අමර් - මෙතන ඔයාගේ ඩිස්ප්ලේ එක තියේවි. මෙතන ලොකූ මහෝගනීවලින් හදපු ටේබල් එකක් තියෙනවා. 
සප්නා - බ්ලැක් එකක්..

සප්නා තමන්ගේ තාත්තත් එක්ක කතාබහ කරලා ඉවරවෙලා යන්නේ තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ව හමුවෙන්න. දෙන්නත් එක්ක මේ වෙනකොට විවාහවෙන දවසට දාන මංගල මුදු තෝරමිනුයි ඉන්නේ. 

සප්නා - ඔයා කොයි වගේ එකකටද කැමති?
දේව් - ඔයාම කියන්න.. ඒකට මම කැමතියි

සප්නා - මේක ගනිමු. මේක සිම්පල් එකක්. ඒත් ඒකෙ මොනවදෝ දෙයක්... මොකක්දෝ විශේෂත්වයක් තියෙනවා වගේ දැනෙනවා.
ඒ දෙන්නා තමන්ගේ විවාහයට මංගල මුදු තෝරමින් සිටියදී දේව්ගේ අම්මා සහ සප්නාගේ තාත්තා නගරයේ තවත් තැනක හමුවෙලා දේව මන්දිරයකට ගිහිල්ලා වන්දනාමාන කරලා එළියට එනකොට ඒ දෙන්නව තරුණයන් කිහිපදෙනෙක් විසින් ෆොටෝ ගන්නවා. ඒ ෆොටෝ නගරයේ තියෙන පුවත්පත්වල පවා පළවෙනවා. තාරාට ඇයගේ නෑයන්ගේ දෝෂාරෝපණයට ලක්වෙන්න සිද්ධවෙනවා.
ඔයා අපිට ලජ්ජා කරනවා. මිනිස්සු අහනවා අම්මයි පුතයි දෙන්නම එකම මංගල පෝරුවක නැඟලා එකම දවසේ විවාහ වෙනවද කියලා?
තාරා අඬනවා. තාරාගෙන් ඇයගේ පුතා දේව් සහ ලේලිය සප්නාත් තරහ ගෙන ප්‍රශ්න කරනවා. මේ ගංඟාවක් අසල සිදුවීමක්. මෙතන තියෙන බැම්මක් මත වාඩිවෙලා සප්නා සහ දේව් ගලා යන වතුරට කකුල් දාගෙන සොලවමින් කතා කරමින් ඉන්නවා. 

සප්නා - අම්මා ගැන හිතලා බලන්න
දේව් - මම හිතලා තියෙන්නේ

සප්නා ඒ දෙන්නගේ ප්‍රේමය ගැන දකින්නේ වෙනම විදියකට. ඒත් දේව් එහෙම නැහැ. ඔහු ඉන්නේ කේන්තියෙන් දුකෙන්. ඒත් සප්නානම් එහෙම නැහැ. තමන්ගේ ප්‍රේමවන්තයා එක්ක කතා කළ තැනටම ඇවිල්ලා ඔහුත් එක්ක හිටියා වගේම ගංඟාවට කකුල් දමාගෙන සොලවමින් ඇය තමන්ගේ තාත්තත් එක්ක කතා කරමින් ඉන්නවා.
සප්නා  - ඩැඩා ඔයා එයා ගැන සීරියස්ද ඉන්නේ?
අමර් - ඇක්චුවලි මීට් හර්.. තාරා ශෙට්ටි.. එයා කෑම රහට උයනවා. මට රහට කෑම හදලා දෙනවා.

අමර් තාරාව ලෝකෙටම හොරෙන් හමුවෙමින් ආදරය බෙදාහදා ගන්නවා. මෙන්න මේ වැඩිහිටියෝ දෙන්නාගේ ආදරය යා කරන්න ගිහිල්ලා වෙන දේවල් සහ ඒ ආදරයේ තියෙන සුන්දරත්වය ගැන තමයි 2018 දෙසැම්බර් 16 වැනිදා ඉඳලා තිරගතවෙන වන්ස් අගේන් (Once Again) කියන හින්දී සිනමාපටයෙන් කියන්නේ. මේ සිනමාපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කන්වල් සෙතී විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ ලෙයිස් බග්දා, සන්ජේ ගුලාටී, මාධව් රෝයි කපූර්, ආර්නෝ ක‍්‍රිමර්, ඇලන් මැකැලෙක්ස් සහ අජේ රායි කියන කට්ටිය විසින්. ඒ වගේම වන්ස් අගේන් කියන මේ හින්දී සිනමාපටයේ දෙබස් ලියලා තියෙන්නේ අජිත්පාල් සිං. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ චරිතවලට පණපොවලා තියෙන ඔවුන් ගැනයි.
වන්ස් අගේන් හින්දී සිනමාපටයේ අමර්ගේ චරිතයට පණපොවලා තියෙන්නේ ඔබ හින්දී සිනමාපටවලින් දැකලා තියෙන කෙනෙක්. ඔහු සිනමාවේ රූපවාහිනියේ සහ වේදිකාවෙත් තමන්ගේ දක්ෂතා පෙන්වන කෙනෙක්. 1997 වසරේදී ඔහු නැෂනල් අවෝර්ඩ් එක The Last Vision සිනමාපටය වෙනුවෙන් ලබාගැනීමට සමත් වෙනවා. ඊට අමතරව ඔහු මෙන්න මේ සිනමාපටවලත් ඔබට අපිට දකින්න ලැබුණා. Byomkesh Bakshy (2015), Meghna Gulzar’s Talvar (2015) ඔහු නමින් නීරජ් කබී. ඔහු තමයි මේ සිනමාපටයේ අමර්ගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ තාරා ගැනයි. ඇය මෙන්න මේ සිනමාපටවලින් තමයි අපිට දකින්න පුළුවන් වුණේ. Satya (1998), Gandhi, My Father (2007), Monsoon Wedding (2001), ඇය නමින් ශෙෆාලී. 1997 වසරේදී ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක් වන හර්ෂ් ඡායා එක්ක විවාහ වුණු ශෙෆාලී 2001දී දික්කසාද වුණා. ඊට පස්සේ ඇය විපුල් අමෘත්ලාල් ශාහ් එක්ක විවාහවෙලා දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදියටයි සැබෑ ජීවිතයේදී රංගනයේ යෙදෙන්නේ. මේ කියන විපුල් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමයි මෙන්න මේ Aankhen, Waqt - A Race Against Time කියන හින්දී සිනමාපට අධ්‍යක්ෂණය කළේ. අමර්ගේ සුරෑපී දියණිය සප්නාගේ චරිතයට පණපොවන්නේ මෙන්න මේ සිනමාපටවලින් දැකලා තියෙන ඇයයි.

Anwar 2007,No Smoking 2007, Hijack 2008, Tahaan 2008, Agyaat 2009, Thanks Maa 2010, Kshay 2011 Chhaya, Qissa 2015, Tu Hai Mera Sunday 2018
1985 ජනවාරි 17 වැනිදා ඉන්දියාවේ ජාර්ඛන්ඩ්වල ජම්ෂේල්පූර්වල ඉපදුණු ඇය මේ වෙද්දීනම් ජීවත්වෙන්නේ ඉන්දියාවේ මුම්බායිවලයි. 2007 වසරේ පටන් හින්දී සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍ය නිළියක් විදියටත් ප‍්‍රසිද්ධවෙලා ඉන්න රසිකා දුගල් විවාහවෙලා ඉන්නේ මුකුල් චඩ්ඩා සමගිනුයි. ඇය තමයි අන්ස් අගේන් සිනමාපටයේ සප්නාගේ චරිතයට පණ පොවන්නේ. මේ සිනමාපටයේ දේව්ගේ චරිතයට පණපොවන්නේ නළුවෙක් අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම පිටපත් රචකයෙක්ද වන ප‍්‍රියන්ෂු පෑන්යුලී විසිනුයි. ඔහු මෙන්න මේ සිනමාපටවලටත් අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායකවෙලා තියෙනවා.

Bhavesh Joshi Superhero (2018), Do, ke teen? (2017), Bawdi (2012)
මේ සිනමාපටයේ බිදිතා බැග්, භග්වන් තිය්වාරී, නරේන්ද්‍ර ජෙට්ලී කියන කට්ටියත් විවිධ චරිත හැඩකරන්න එකතුවෙලා තියෙනවා. මේ සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල පද මාලාවන් කරලා තියෙන්නෙ ආකාෂ් තිවාරී සහ තල්වින් සිං විසින් වන අතර ඒ ගී පද හැඩකරන්න සප්ත ස්වරයෙන් නාද රටා මවලා තියෙන්නේ හෝල්ම් තද්දිකේන්. ඒ පද සහ සප්ත ස්වරයට පණ දෙන්න මන බඳින තමන්ගේ හඬ මුසුකරලා තියෙන්නේ මගර් අලී, පීටර් ඇන්ඩර්සන්, ජටානිල් බැනජී, හම්සිකා අයියර්, නිලද්‍රී කුමාර්, සොනාලී රාතෝඩ් සහ සමුයා ශිවගන්ගා.

 

► Translation — Chandana Waravitage