2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

සිරි ලංකාවේ ’හාල්’ රස්තලා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 304

ඕ මයි රස්තා පීපල්.. යූ නෝ අද ස්ටෝරිය crazy රස්තලා ගැන. ඕයේ.. මේක පට්ට ට්‍රෙන්ඩ් එකක්. සිරි ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම තදට සැරට පැතිරුණු සීන් එකක්. බොබ්මාලී රස්තමාන්, රතු කහ කොළ හීන එක්ක ගංජා සුරුට්ටු, කොන්ඩ වවපු රැවුල්කාරයෝ මවා ගනින් බ්‍රෝලා සිස්ලා සීන් එකට එන්ටර් වෙන්න කලින්. ඕ.. යේ මෙන්න මගේ රස්තා ඔයාලට හැමෝටම අද Y Trend එක. ජය ශ්‍රී..! 

අපේ සිරි ලංකාව වගේම දූපතක් ඈත ජැමෙයිකා දේශය. එහේ තමා මේ ට්‍රෙන්ඩ් එකේ උපත.  Reggae සංගීතයේ රජ්ජුරුවෝ ඒ කියන්නේ බොබ්මාලි තමා රස්තා සීන් එක World Trend එකක් වෙන්න හේතුව. මුලින්ම මේ කතාව වර්තාමනෙන් පටන් ගමුකෝ. අතීතය හා යථාර්ථයයි පසුවට. ආ යූ රෙඩී මයි රස්තා පීපල්.... 

රස්තලා නම් ගංජා, ගංජා නම් රස්තා. ඔන්න අද අපේ රටේ රස්තා කියන Trend එකේ සරලම කතාව. But මේ trend එක මුළු රට පුරාම පැතිරිලා තියනවා එක එක මට්ටම්වලින්. ඒත් Tourism හොඳටම තියන beach Side එකේ තමයි මේක සැරටම තියෙන්නේ. විශේෂයෙන්ම Beach Boys ලා අතර. Reggae Music රටේ බටහිර වෙරළකරයේ තාමත් Top Hit එකක්. හික්කඩුව, බෙන්තර, මොරගල්ල, කළුවාමෝදර එක පැත්තකින් අනික් පැත්තෙන් ගල්කිස්ස මීගමුව ලයින් එක. මෙහේ රස්තලා රෙගේ තාලෙන් තමා නැළවෙන්නේ. කොල්ලෝ අතරේ එක එක මට්ටමේන් මේ Trend එක තියනවා.

ලංකවේ රස්තා සීන් එක දෙයාකාරයි. මේ සීන් එකේ උපරිමට ගියපු සෙට් එකක් ඉන්නවා බීච් ලයින් එකේ. හැබැයි අතලොස්සයි. රස්තා කොන්ඩයක් වවලා රැවුල් වවලා සෙරෙප්පු දාන්නේ නැතුව කොළ කහ රතු ගැජට් එල්ලගෙන රස්තා රෙද්දක් වගේ එකක් ඇඳලා මෙයලා ඉන්නේ. බොබ්මාලී  ජීවත් වෙලා ඉන්න කාලේම තමා රස්තා සංස්කෘතික ව්‍යාප්ත වුණේ. සංචාරකයෝ හරහා අපේ රටටත් ආවේ. ඒ නිසා සීන් එක අවුරුදු විස්සක් තිහක් පරණයි.

අපේ කතාවට අදාළ රස්තා Y Trend එක නම්  ඊට වඩා නෝමල්. ඇච්චා පැච්චා කාලේ ඉඳන් අපේ කොල්ලො රස්තා සීන් එකේ ඉන්නවා. අතේ දාන රස්තා පටි, රස්තා කැප්, රස්තා මාල නූතන අපේ රස්තා උප සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන්නේ. මේ ඔක්කොම Marketing තමා ඉතින්. ඔය පළාත්වල හිච්චි කොල්ලොන්ට ස්කූල් යන කාලේ ඉදන් තමා රස්තා උණ හැදෙන්නේ. හේතුව සමාජ වටපිටාව. Class යන කොට රස්තා පටි අතේ බඳිනවා. මාල දානවා. රෙගේ ගහනවා. ඔය වගේ පොඩි පොඩි ආතල් තමා ගන්නේ. පස්සේ ටුවරිසම් ලයින් එකට වැටුණොත් ඔන්න රස්තා උණ දරුණුවටම හැදෙනවා. ගංජා සුරුට්ටුව එක්ක මේ රස්සා උපසංස්කෘතිය මහා බැඳීමක් තියනවා. නිකන් ගංජා ගහන ඔක්කොම සිරිලංකන් රස්තලා වගේ. අපේ ත්‍රීවිල් අයියලා අතරත් සීන් එක තියනවා. දැකලා ඇතිනේ වීල්වල බොබ්මාලීගේ ස්ටිකර් ගහලා තියෙන්නේ. වෙනම පාරිභාෂික වචන සෙට් එකකුත් මෙයාලා පාවිච්චි කරනවා. දුම දාන ටෝක් සහෝදරයාගේ ප්‍රේමය. කොටින්ම අපේ සංස්කෘතික සමාජෙට මෙයාලා රස්තියාදුකාරයෝ. 

හැබයි මෙහෙම දෙයකුත් තියනවා. අර කිව්වාත් වගේ රටේ හැමෝටම මේ රස්තා සීන් එක ගෝචර නෑ. ඒ වගේම වර්තමානයේ තියෙන්නේ ශ්‍රී ලංකන් රස්තා ට්‍රෙන්ඩ් එකේ නැගීමකට වඩා බසීමක්. 90 දශ‍ෙක තමා ලංකාවේ මේක තදටම තිබ්බේ. රෙගී Music එක්ක බැදුණු මේ ට්‍රෙන්ඩ් එකේ බැසීම මුල තමා DJ Music, Hip pop වගේ Music වල නැගීම.  එහෙම කිව්වට රස්තා නැත්තටම නැතිවෙලා නෑ. රස්තා Mix වෙලා කිව්වොත් හරි. ලෝකේ වටේම රස්තලා ඉන්නවා ගැනු පිරිමි වයස එයාලට අදාළ නෑ. ඒක වෙනම සංස්කෘතික්නේ. ලංකාවේ නම් තාරැණ්‍යයේ Boys ලා තමා රස්තා උප සංස්කෘතිකට ලයින් වෙන්නේ.

Ok..... සීන් එක පැදිළියිනේ මයි රස්සා පීපල්.... දැන් බහිමු රියල් story ට. ගංජා, රස්තා, රතු, කහ, කොළ, රෙගේ මේ මොනවාද? රස්තා ෆාරියන් කියන්නේ ජැමෙයිකා දේශයේ තාමත් අදහන ආගමක්. රස්තාවරුන් බිහිවන්නේ මේ ආගම එක්ක. සීන් එක සරලව කියනවා නම් මේ ආගමේ ක්‍රිස්තියානි ආගම එක්ක යම් සම්බන්ධයක් තියන කල්ලන් හදාගත ආගමක්. 1930 ගණන්වල ආරම්භ වුණේ. ගංජා ගහලා භාවනා කරාම දෙවියන් වහන්සේ සමීප වෙන්න පුළුවන් කියලා රියල් රස්තා ෆාරියන්වරු විශ්වාස කරනවා. මෙයාලා නිර්මාංශිකයි. ඒ වගේම ස්වභාවිකත්වයට උපරිමයෙන් ගරු කරනවා. රස්තලාගේ කොන්ඩේ එහෙම වන්නේ සෙරෙප්පු දාන්නේ නැත්තේ එයාලා Natural පොරවල් නිසා. දෙවියන් දීපූ ශරීර කපන්නේ කොටන්නේ නෑ. Operation නෑ. අපේ උන්ට නම් ඒක පැශන් එකක් ආතල් එකක්නේ. ඒත් එයාලගේ දිව්‍ය නියමයෙන් මෝක්ෂය රැඳුණු ස්වර්ණ භූමිය පොරොන්දු දේශය ඉතියෝපියාව. මේවා මෙහෙම කියන කොට නිකන් ගංජා ගහලා වගේ තමා. කොහොම වුණත් අමෙරිකානු වහල්ලු විදිහට අප්‍රිකාවෙන් බලෙන් අරගෙන ආපූ කළු ජාතිකයන්ට සිද්ධ වුණ අසාධාරණත් එක්ක මේ කතන්දර එකින් එකට බැඳිලා තියෙන්නේ. ඒක වෙන ලියන්න ඕනා දිග Storyක්.

බොබ්මාලි කියන අසහාය ගායකයාගේ ආගම තමා මේ රස්තා ෆාරියන් දහම. ඔහු ගීයෙන් කරපු විප්ලව එක්ක රස්තා ලෝකේ පුරා උප සංස්කෘතිකයක් වුණා. ලංකාවටත් මේක ආවේ අර කිව්වා වගේ ටුවරිසම් එක්ක. රස්තා පීපල්ස් අවුල් ගන්න එපා රෙගේ මියුසික් ඇහුවා කියලා. මලක් ගැහුවා කියලා රස්තා වෙන්නේ නෑ. ආ යූ අන්ඩස්ටෑන්ඩ් බ්‍රෝ? රියල් රස්තා කෙනෙක් වෙන්නේ ගහට කොළට සමාජෙට මිනිස්සුට ආදරය කරන්න ඕනා.

කතාවේ අවසාන අදියර. කවුරැ කොහොම කොයි විදිහට කිව්වත් රස්තලා රජ වෙනවා. මතක සිංදුව. රස්තා තාරුණ්‍ය බිලිගන්න සංස්කෘතියක් කියන එක සාධාරණ නෑ. But රස්තා සීන් එකෙන් ජීවිතය අල කරගන්න එපා. එක තමා කියන්න තියෙන්නේ. මේකයි අපේ උන් නිතර World Trend වලින් අපේ කරගන්නේ හොඳ දේවල් හලලා නරක ටික.  රස්තා ෆාරියන්ලාගෙන් බොබ්මාලීගේ අපි ඉගෙන ගන්න කොච්චර පාඩම් තියනවාද? ඒත් අපේ උන් ඉගෙන ගත්තේ මොනවාද?  සොරි මයි රස්තා පීපල්... තනි ඇහැට ඇඬෙනවා. සී යූ ලේර්ට.

 

► Text - Nisal   /   Pic – Internet