2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

හරි ගියොත් ස්මාර්ට් අල වුණොත් චාටර්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 394

ටැටූ පාරක් ගහන්න හිතේ තියෙනවා ආසාවක් පැලෙන්න. ඒත් මේ සමාජේ විසයි බං අපට. දුරාචාරේ සූදුව සුරාව කියලා ටොපික් දාලා. සදාචාර විරෝධී කියලා ටැටූවලට කාඩ් ගහන රටක් බ්‍රෝ මේක  කියාගන්න බැරිව අද රටේ කෙල්ලෝ කොල්ලන්ගේ හාට් එකේ පොපියන හැඟීමක් තමා ඔය අකුරු කළේ.

අද අපේ Story Line එක තමා Tattoo පිස්සුව. ටැටූ  ට්‍රෙන්ඩ් එක අද ඊයේ පටන්ගත්ත සීන් එකක් නෙවෙයි. ළාවට History ය ගැන කිව්වොත් ඕක මායාවරුන්ගෙ ශිෂ්ටාචාරයටත් කලින් තිබුණාලු. ලෝකේ විවිධ සංස්කෘතීන්වල ඔය එක එක රෑප තමන්ගේ ශරීරයේ ඇඳගන්න සීන් එක තිබ්බා. 1700 ගණන්වල නව ලෝකය සොයාගිය දේශගවේශකයෝ ලෝකේ විවිධ රටවල සංස්කෘතීන්ගේ ටැටූ ව්‍යාප්තියට මූලික වුණාලු. ඒත් මේක World Youth trend එකක් වුණේ මීට දශක තුන හතරකට උඩදී. අපරදිග රටාවට මේ ට්‍රෙන්ඩ් එක නිර්මාණය වෙලා පස්සේ පෙරදිගට ආවා. ඒත් ඊට කලින් පෙරදිග ටැටූ කලාව තිබ්බා.

අද අපි ස්ටෝරිය ස්ටාර්ට් කළේ සදාචාර සීන් එකෙන්. ඒක මෙහෙමයි. මුල් කාලීනව ටැටූ ගැහුවේ තද පොරවල්. නිකම් අපරාධකාරයෝ, මැරයෝ වගේ Under World ඩයල් මේ ටැටූ සීන් එකේ හිටියා. ටැටූ එකක් ගහලා ඉන්න පොරක් දිහා ඇම‍ෙරිකන්කාරයෝ යුරෝපාකාරයෝ මීට දශක තුන හතරකට උඩදී බැලුවේ ඔය වගේ අප්සෙට් ආකල්පයකින්. ලංකාවේ ඕක දරුණුවටම තිබ්බා. පච්ච සිරාලා, හිතුමතේලා එහෙම පච්ච ගහලා හිටියේ. ආයෙත් අහලා මරුවා සමඟ වාසේ, &අම්මා බුදු වේවා* ඔන්න ඒ කාලේ හිට් ටැටූ. බුලත් කහටවලින් ඉඳිකටුවෙන් තමා පච්ච ගැහුවේ. ඒ කාලේ මහඋළු ගෙදර පච්ච සීන් එක සැරට තිබ්බලු. ඒවා පුතා අතීත කතානේ. දැන් බහිමුකෝ දැන් කාලේ සීන් එකට. 

රුපියල් දෙකේ චුයින්ගම් එක ඇතුළේ තිබුණු ටැටූ එක මතකනේ. ඒ ලඳ බොළඳ බාලවියේ. ඔය කාලේ තමා Tattoo  ගැන  ආසාව කොල්ලොන්ගේ හිතේ පැළවුණේ. පස්සේ පෑනෙන් පැටික්නම්වලින් ගැහුවා ටැටූ, සමහර වෙලාවට ගෙදරට, ටීචර්ස්ලාට මාට්ටූ. මේක පිස්සුවක් වෙලා තිබ්බේ බාල කාලේ ඉස්කෝලේ. අදත් එහෙම්මම තමා. English Film මුත් ලංකාවේ Tattoo Y Trend එකේ ආරම්භයට ලොකුවට බලපෑවා. කොහොම හරි දෙකට පස්සේ 2000න් පස්සේ ලෝකේ මේ ට්‍රෙන්ඩ් එක පට්ට විදිහට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට Europe වල USA වල තවදුරටත් ටැටූ කියන්නේ සදාචාර විරෝධී දෙයක් වුණේ නෑ. සීන් එක නෝමල් වෙලා තිබ්බේ.

දැන් ලංකාවේ අවුරුදු 18ත් 30ත් අතර ඕනම කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගේ හිතේ Tattoo එකක් ගහන ආසාවක් තියෙන්න පුළුවන්. ඒත් අපිට තියෙන්නේ cultural society එකක්නේ. මව්පියෝ වැඩිහිටියෝ බහුතරය ටැටූ විරෝධී. පිළිගත්ත තැනකට යනකොට, ජොබ් එකකට යනකොට, පොලිස් කේස්වලදී ඇඟේ ටැටූ තිබුණොත් ඒ කොල්ලව සමාජේ දකින්නේ රස්තියාදුකාරයෙක් විදිහට. ඒක තාමත් එහෙමයි. ඒත් දැන් ටික ටික සිටුවේෂන් එක change වෙන්න පටන් අරගෙන තියෙනවා නාගරික පැතිවල.

දැන් කොල්ලොන්ගේ විතරක් නෙවෙයි, ලංකාවේ කෙල්ලන් අතරත් Tattoo හීනේ තියෙනවා. එයාලා මේ Fashion එකට ඉන්ට්‍රස්ට්. ඒත් පොෂ් සීන් එකේ ඉන්න girl කෙනෙක්ට විතරයි ටැටූ එකක් ගහගන්න පුළුවන් සිරි ලංකාවේ. සාමාන්‍ය  කෙල්ලෙක් ටැටූ එකක් ගැහුවොත් සාම්ප්‍රදායික සමාජේට ඒ කෙල්ල බඩුවක්, නළඟනක් වගේ තමා පේන්නේ. ඇත්තම සීන් එක. ඒත් දැන් කෙල්ලෝ ටැටූ ගහනවා. පාටි ගර්ස්ලා එහෙම මේ ලයින් එකේ ඉන්නවා. පොඩි සෙක්සි සීන් එකකුත් නැත්තේම නෑ ඉතින්. ගෑනු ළමෝ ටැටූවලින් Fashion කරනවා වගේම  නිදහස් ලෝකයට ප්‍රදර්ශනය කරන්න උත්සාහ කරනවා. පුංචි කුරුල්ලෝ කිහිප දෙනෙක්, තරැ කිහිපයක් වගේ ටැටූ ගැන ගෑනු ළමයින්ට තියෙන්නෙ අහිංසක හීන.
ටැටූ වර්ග ගත්තම දැන් අම්බානෙට තියෙනවා. ඒක පට්ට දිග මාතෘකාවක්. සාම්ප්‍රදායික ලක්ෂණ තියෙන ටැටූ වගේම දියසායම් සිත්තම් වගේ පේන ටැටූ තමා දැන් හිට් එකේ තියෙන්නේ. අපි Tattoo ප්‍රභේද පැහැදිලි කරන්න යන්නෙ නෑ. කොහොම වුණත් ටැටූ ගහන එක Art එකක්. ඒකට වෙනම Artist ලා ඉන්නවා. ගාණනම් සැරයි. New Technology එක නිසා වේදනාකාරී බව අඩුයි. Tattoo Shop එකක් දැන් හැම Town එකකම වගේ තියෙනවා. තේරෙනවානේ හේතුව, මේක ලොකූ Y Trend එකක් බ්‍රෝ.

ටැටූ එකක් ගහනවා කියන්නේ ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. ඒකේ පොඩි risk එකක් තියෙනවා. මේකෙදී ඉන්පෝට් දේවල් කිහිපයක් බලමුකෝ. මේ ටැටූ ගහන නොගහන කාගෙත් දැනගැනීම පිණිසයි. 
Frist Think ටෑටූ එක ගහන කෙනාගේ experience එක. ටැටූ එක ගහන්න ඕන හම උඩ. ගැඹුරට නෙවෙයි. වැඩේ අවුල් ගියොත් ටැටූ එක Emboss වෙලා හැඩය වර්ණය වෙනස් වෙන්න ගන්නවා. එහෙම වුණොත් ටැටූ එක අලවෙලා සීන් එක චාටර් වෙනවා.  ටැටූ  ගහන්න ගන්න Colours  ගැනත් සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්. හොඳම වර්ණ පාවිච්චි කරන්න ඕන. සෞඛ්‍යාරක්ෂිත නැති ඇලජික් වෙන Ink එකක් පාවිච්චි කළොත් බිග් පොබ්ලම් තමා. Colours ලංකාවේ හමට ගැලපෙන එකක් වෙන්නත් ඕන. ඒ වගේම තව දෙයක්, ටැටූ එක ගැහුවාම ඒක පරිස්සම් කරගන්න එක වෙනමම සීන් එකක්.

ටැටූ එකක් ගහන කොල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ මොනවද? පළවැනි දේ ඒක අපි කලින් කිව්වා වගේම Fashion එකක්. ඒ වගේ ටැටූ එකකින් පෞරුෂය සංකේතවත් වෙනවා. තමන් දරන ආකල්ප මතවාද ටැටූවලින් ප්‍රදර්ශනය කරන්න සමහර තරුණයෝ උත්සාහ කරනවා. ඒ වගේම නිදහස්කාමීත්වය, රැඩිකල් ගති ලක්ෂණ ටැටූ එකකින් ප්‍රදර්ශනය කරවනවා වෙලාවකට. ඒ වගේම සැමරුම් මතක ඒ අතරට එකතු වෙනවා. තව දෙයක්, සමහර ටැටූවලින් ඒ පුද්ගලයාව කියවගන්න පුළුවන්. 
දැන් Tattoo Story අවසාන අදියර. අපි කතාව වෙනස් කරමුකෝ. ටැටූ එකක් කොටද්දී හම තුවාලවෙලා විෂබීජ ඇතුළුවෙලා ලොකු තුවාලයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක වටේ ඉදිමිලා විශාල සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්. මේ ටැටූවල තියෙන නරක පැත්ත ගැන. දැන් ගහපු ගමන් ලස්සනට පෙනුණට වයසට යද්දී හම රැලි වැටුණම ඒ ටැටූ එක කැත වෙන්නත් පුළුවන්. ඒක ලෝක ස්වභාවය. අද වයසට ගිය ඒ කාලේ තද පොරවල් කොටපු පච්ච දැකලා ඇතිනේ. අනිත් එක  වයසින් මුහුකුරා යද්දී  හිතන පතන විදිහ, ආස කරන දේවල් වෙනස් වෙනවා. ඒත් තරුණ කාලේ ආසාවට කොටාගත්ත ටැටූ ඒ කාලෙට ආයෙත් මකන එක අමාරු වැඩක්. තරුණ කාලේ තියෙන පිස්සුවට ටැටූ ගහගෙන පස්සේ ඒ ගැන හිත හිත පසුතැවෙන්න වුණොත් කොහොමද? මේ කතාව කීවේ දෙපැත්ත බැලන්ස් කරන්න. අවුල් ගන්න කාරියක් නෑ ටැටූ ලෝලීන් බ්‍රෝ.

කොහොම වුණත් ටැටූ කියන්නේ මහා නරක භයානක Trend එකක් නෙවෙයි. හැමදේකම හොඳ නරක තියෙනවානේ. ඒ හැටි. ආස අය කොටාගන්න. අකමැති අයට දැනගන්න ඔන්න අපි Story කිව්වා. ලබන සතියේ හම්බවෙමු අලුත් Y Trend එකකින්. එහෙනම් ටටා...

► Text - Nisal   /   Pic – Internet