2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

සැර පොලිස්කාරයයි බලු කෙල්ලයි!

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 103
 
ඒ. සී. පී. සන්ග‍්‍රාම් භලිරා ඕ කියන්නේ අනාථ ළමයෙක් විදියට ඇති දැඩිවෙලා පොලිස් නිලධාරියෙක් වුණු පුද්ගලයෙක්. ඔහු ටික කාලයක් යද්දී දූෂිත, කපටි, අක‍්‍රමිකතා කරන කෲර සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් බවට පත් වෙනවා. ඒ හින්දා ඔහුව වෙනත් ප‍්‍රදේශයකට මාරු කරලා යවනවා. අන්න ඒ ප‍්‍රදේශයේදී සබ් ඉන්ස්පෙක්ටර් සන්ග‍්‍රාම් ඒ පළාතේ ඉන්න ඩොන් එහෙම නැත්නම් පාතාලයේ ප‍්‍රධානියත් එක්ක හිත මිත‍්‍රකමක් ඇති කරගන්නවා. ඒ ගැන තව පොලිස් නිලධාරියෙක් හොයමිනුයි ඉන්නේ. ඒ අතරෙ තමයි සුනඛයන්ට ගොඩාක් ආදරය කරන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සුරංගනාවියක් වගේ ප‍්‍රියා භක්ෂිව මේ දූෂිත සබ් ඉන්ස්පෙක්ටර්වරයාට හමුවෙන්නේ. දැක්ක ගමන් දෙන්නගෙම හිත්වල ආදරය ඇතිවෙන අතර ඊට පස්සේ තමයි හොඳම දේවල් සිද්ධ වෙන්නේ. කතාවේ රහම ටික රස බලන්නම් ඔබට 2018 දෙසැම්බර් 28 වැනිදා වෙනකම් ටිකක් ඉවසලා ඉන්න වෙනවා.
 
 මොකද රෝහිත් ෂෙට්ටි අධ්‍යක්ෂණය කරන කරන් ජොහාර්, හිරූ යාශ් ජොහාර්, රෝහිත් ෂෙට්ටි, අපූර්ව මෙහ්තා කියන කට්ටිය නිෂ්පාදනය කරන සජිද් සහ ෆර්හා ද විසින් දෙබස් ලියලා තියෙන යූනූස් සජාවල් තිර රචනය කරලා තියෙන සිම්බා කියන මේ හින්දි සිනමාපටයේ කතාව තමයි ඔබට අද කිව්වේ. සිම්බා සිනමාපටයේ කතාවේ අයිතිකාරයා වෙන්නේ වක්කාන්තන් වම්සි. ඔහුගේ මේ කතාව 2015 පෙබරවාරි 13 වැනිදා ටෙම්පර් කියන නමින් තෙළිඟු සිනමාපටයක් ලෙසින් ප්‍රේක්ෂකයන්ට මීට පෙරාතුව රස විඳින්න ඉඩ ලැබිලා තියෙන අතර එටෙම්පර් කියන තෙළිඟු සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ පූරි ජගන්නාද්. නිෂ්පාදනය කරලා තියෙන්නේ බන්ඩ්ලා ගනේෂ්. ටෙම්පර් සිනමාපටයේ එන්. ටී. රමා රා ඕ, කාජල් අග‍්‍රාවාල් සහ ප‍්‍රකාෂ් රාජ් කියන නළු නිළියන් තමයි චරිතවලට පණ පොවලා තියෙන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 35ක් වියදම් කරලා හදලා තියෙන ටෙම්පර් සිනමාපටය ඉන්දියානු රැපියල් කෝටි 74.3ක් ආදායමකුත් උපයාගෙන තියෙනවා. අන්න ඒ සිනමාපටය ආභාෂයෙන්  හින්දි සහ මරාතී භාෂාවලින් තමයි සිම්බා කියන හජින්ෂී සිනමාපටය රෝහිත් ෂෙට්ටිගේ අධ්‍යක්ෂණයෙන් දෙසැම්බර් 28 වැනිදා පටන් ලොව පුරා ඉන්දියාවට සමගාමීව තිරගත වෙන්නේ. දන් ඔබට කියන්න හදන්නේ සිම්බා කියන සිනමාපටයේ චරිතවලට පණ දෙන්න ඒ සිනමාපටය හැඩ කරන කට්ටිය ගැනයි. 
 
ඒ සී. පී. සන්ග‍්‍රාම් භලිරා ඕ කියන වංචාකාරී දූෂිත සබ් ඉන්ස්පෙක්ටර්ගේ චරිතයට පණ පොවන ඔහු ගැන මුලින්ම කියලා ඉන්නම්. ඔහු ඔබ ආදරය කරන ඔබ දන්න කෙනෙක්. මෙන්න මේ සිනමාපට ඔබ නරඹලා තියෙනවනම් ඔහු ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේම නැහැ.
 
2010 Band Baaja Baaraat., Lootera (2013), Gunday (2014), Dil Dhadakne Do (2015), Goliyon Ki Raasleela Ram-Leela (2013), Bajirao Mastani (2015), Padmaavat (2018), 2011 Ladies vs Ricky Bahl, 2013 Bombay Talkies, 2014 Finding Fanny, 2014 Kill Dil, 2016 Befikre.
 

 
මතක් වුණාද? නැති වුණත් කලබල වෙන්න එපා ඔහු ගැන හැම තොරතුරක්ම අපි ඔබට කියනවනේ. 1985 ජූලි 06 වැනිදා ඉපදුණු ඔහු ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවල ජීවත් වන අතර 2010 ඉඳන් තමයි හින්දි සිනමාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉන්දියානා යුනිවර්සිටි එකෙන් උසස් අධ්‍යාපනය හදරලා තියෙන ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන ද්විත්වයක් තමන්ගේ නමට වෙන කරගන්න සමත්කම් දක්වලා තියෙනවා. 2018 ඒ කියන්නේ මේ වසරේ තමයි ඔහුගේ ජීවිතයේ හොඳම සම්මානය ලැබුණේ. ඒ ගැන විස්තර තව ටිකකින් කියන්නම්. ඊට කලින් ඔහුගේ අතීතය ගැන ටිකක් කියලා ඉන්නම්. ඔහු ඉපදුණේ සින්ධී පවුලක වන අතර සුන්දර් සිං භවනානි සහ චාන්ද් බුර්කේ මුම්බායි ඉඳන් කරච්චීවලට ජීවත් වෙන්න යනවා. අද වන විට ඒ කරච්චිය පාකිස්තානයට අයත් වුණත් ඒ කාලයේ එයත් අයිති වුණේ ඉන්දියාවටයි. අන්ජු සහ ජග්ජීත් සිං භවනානීගේ පුතා වන මොහුට රිතිකා භවනානී නමින් අක්කා කෙනෙක් ඉන්නවා. ඊට අමතරව ජනප්‍රිය හින්දි නිළියක් වෙන සෝනම් කපූර් සහ සිනමාපට නිෂ්පාදිකාවක් වන රියා කපූර් මොහුගේ ඥති සහෝදරියන් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ පියා ජනප‍්‍රිය සිනමා නළු අනිල් කපූර්ගේ බිරිඳ සුනිතා කපූර් කියන්නේ මෙන්න මේ කියන සිනමා නළුවගේ නැන්දනිය වෙනවා. මොකද ඇය අනිල් කපූර් එක්ක විවාහ වෙන්න කලින් ඇයගේ නම වුණේ සුනිතා සිං භවනානී යන නාමයයි. ඔහු වෙන කිසිවෙක් නෙවෙයි 2018 වසරේදී හින්දි සිනමාවේ ඉන්න සුරූපිනියක් වන දීපිකා පඩුකෝන් එක්ක විවාහ වුණු රන්වීර් සිං භව්නානී හෙවත් අපි දන්න රන්වීර් සිං තමයි මේ සිම්බා හින්දි සිනමාපටයේ දූෂිත පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ සිම්බා සිනමාපටයෙහි දූෂිත පොලිස් නිලධාරියාගේ හිත යන ආදරය කරන ඇය ප‍්‍රියා භක්ෂී ගැනයි. ප‍්‍රියා භක්ෂිගේ චරිතයට පණ පොවන්නේ 1993 සැප්තැම්බර් ඉපදිලා තියෙන අඩි 05 අඟල් 4ක් උස කිලෝග‍්‍රෑම් 52ක් බර ළා දුඹුරු පාට ඇස් දෙකක් තියෙන කොණ්ඩය කළු පැහැති ඉබ‍්‍රාහිම් අලී ඛාන්ගේ සහෝදරිය වන ශර්මිලා තාගෝර්ගේ මිනිබිරිය වන ජනප‍්‍රිය හින්දී සිනමා නළු සායිෆ් අලී ඛාන් සහ සිනමා නිළියක් වන අමි‍්‍රතා සිංගේ දියණිය සාරා අලි ඛාන්. නිව් යෝර්ක් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන අවසන් කරලා ඇය හින්දි සිනමවට සම්බන්ධ වෙනවා. ගෝවා, ලන්ඩන් නිව් යෝර්ක් සහ ඩුබායි තමන් කැමතිම ස්ථාන කියන ඇය කැමතිම නිළිය කියන්නේ නම් කත‍්‍රිනා කයිෆ්වයි. මේ වෙද්දි සාරා ඇසුරු කරන්නේ ඇයගේ තුන්වැනි පේ‍්‍රමවන්තයා කියලා තමයි ඇය ගැන ඉන්දියානු මාධ්‍යවල නම් කියල තියෙන්නේ. තව මේ සිනමාපටයේ ඉන්න ඔබ දන්න ආදරය කරන ජනප‍්‍රිය කෙනෙක් ඉන්නවා. ඔහු ගැනත් නොකියම බැහැ. වික‍්‍රාන්ත් කදම්ගේ චරිතයට තමයි ඔහු පණ පොවන්නේ. මෙන්න මේ සිනමාපටවලින් ඔහු ඔබ අප හමුවට ඇවිල්ලා තියෙනවා.
 
Dabangg2012, Yuva (2004), Athadu (2005), Aashiq Banaya Aapne (2005), Jodhaa Akbar (2008), Dookudu (2011), Shootout at Wadala (2013), Happy New Year (2014), Kung Fu Yoga (2017)
1973 ජූලි 30 ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මෝගාවල ඉපදිලා තියෙන ඔහු 1999 වසරේ පටන් හින්දි සිනමා නළුවෙක් නිරූපණ ශිල්පියෙක් වගේම නිෂ්පාදකයෙක් විදියටත් වැඩ කරනවා. ඔහු හින්දි තෙළිඟු දමිළ කන්නඩා සහ පන්ජාබ් සිනමාපටවලත් දකින්න ඉන්න දක්ෂ නළුවෙක්. 2009 වසරේදී ඔහු හොඳම දුෂ්ඨයාට හිමි සම්මානය, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී තමන්ගේ කර ගන්නවා. ඊට අමතර විවිධ සම්මාන උළෙලවලින් බොහෝ සම්මාන ප‍්‍රමාණයක් තමන්ගේ නමට වෙන කරගන්නත් මේ කියන කෙනා සමත්කම් දක්වලා තියෙනවා. ඔහු වෙන කවුරුවත් නෙවෙයි සෝනූ සූද්. සොඔනූ සූද්ට අමතරව සිම්බා සිනමාපටයේ ව‍්‍රජේශ් හිර්ජී, අශුතෝෂ් රානා, සිද්ධාර්ත් ජදාව් සහ ආරධිත රංගනයක අජේ දේව්ගන් සහ අර්ශාද වර්ශී තමන්ගේ කැමැත්තෙන්ම මේ සිනමා පටයේ චරිතවලට පණ පොවන්න එකතුවෙලා තියෙනවා. 
 
සිම්බා සිනමාපටයේ හැඩ කරන්න එහි තියෙන ගීතවල සුන්දර වචන අමුණලා තියෙන්නේ ආන්නද භක්ෂී,  තනිෂ් බාඝී, අර්ජුන් හර්ජායී, ජුබින් නවුටියාල් සහ බාද ශාහ විසින් වන අතර සප්ත ස්වරයෙන් ඒවා හැඩ කරලා තියෙන්නේ විජූ ශාහ, එස්. තමන්, බාද්ශාහ, තනිෂ්ක් භාගී, ලිජො - ඩී. ජේ චේතාස් ඒවට පණ දෙන්න තමන්ගේ මන බඳින හඬ මුසු කරලා තියෙන්නේ කුමාර් සානූ, සුක‍්‍රිතී කක්කර්, එස්. තමන්, සුඛ්වින්දර් සිං, අමිත් මිෂ‍්‍රා, මොනාලී තාකූර්, අමි‍්‍රත් මාන්, නේහා කක්කර්, බාද්ශාහ සහ බෙනී දයාල්.
 
► Translation — Chandana Waravitage