2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

නින්ද හරි දුරයි හැම රැය
ඇස් පිහාටු අග රිදවන
සෙමින් ඇවිත් මඟහැර යන
හීන හැංගිලා අහසක

අළු පාටින් හැඬුම්බරව
ඉකිගසා හඬන තරුවක
දුක කියන්නෙ ඉතින් කාට
පිට ගම් ගොස් සඳත් තනිව

මහ පොළොවට හිනා ගඟක්
අහස හඬන දා තනිවම
කවුද ඇහුවෙ දුකේ තරම
පපුව පලාගෙන මතුවෙන

හෙටත් ඇවිත් කතා කරයි
තව දවසක් හැඬුම් එක්ක
හොයන්නෙ මම ජීවිතයක්
ආදරයක් අරන් වඩින

කාත් කවුරුවත් නැති දා
නාඩන්නේ කවුරුන්ද ලොව
නිරුදක කතරත් හඬනවා
ගිනිදන හිත රිදුනු දාට