2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මුතු මැණික් යුද්ධයක්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 85
 
මේ සිද්ධිය වෙන්නේ ඉන්දියාවේ 1975 අවුරුද්දේදි. මේක ඵෙතිහාසික කතාවක් වුණත් ලස්සන කරන්න එක එක කොටස් අලුතෙන් නිර්මාණාත්මක විදිහට වෙනස් කරලනම් තියෙනවා. අද අපේ කතාවේ නායකයා අසාද්. අසාද් කියන්නේ මැදිවියේ පුද්ගලයෙක්. තව විදියකට කියනවානම් ඉන්දියාවේ ධනය මුතු මැණික් වගේ වටිනා දේවල් ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යට නැව්වලින් අරගෙන යද්දී ඒවා තමන්ගේ කල්ලියත් එක්ක පැහර ගන්නේ මෙන්න මේ ආසාද් තමයි. ඔහුගේ කණ්ඩායම කඩු හරඹ පාලා දුනු ශිල්පය උපයෝගී කරගෙන තමයි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් තමන්ගේ රටෙන් කොල්ල කාගෙන යන ධන සම්පත් ආපහු කොල්ලකාලා තමන්ගේ රටට අරගන්නේ. ආසාද්ගෙන් බේරිලා ඉන්දියාවේ සම්පත් කොල්ලකාගෙන තමන්ගේ රටට අරගෙන යන්න බැරි වෙන නිසා බ්‍රිතාන්‍ය ජාතිකයන් ආසාද්ගෙන් බේරෙන්න ක‍්‍රමයක් හොයනවා. ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ ඉන්දියානු ජාතිකයෙක්ම වන ෆිරන්ගී මල්ලාහ් කියන තරුණයාවයි. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහාය දෙන්න යන ෆිරන්ගී මල්ලාහ් සහ ආසාද් අතර කොයි වගේ දෙයක් සිද්ධ වෙයිද? එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අරමුණ සාර්ථක වෙයිද? 
 
මෙන්න මේ වගේ හිතට එන හැම ප‍්‍රශ්නයකටම උත්තරය දැනගන්න අපිට ඉන්දියානු රුපියල් කෝටි 300ක් වියදම් කරලා හදලා තියෙන 2018 නොවැම්බර් 08 වැනිදා තිරගතවෙන තග්ස් ඔෆ් හින්දුස්ථාන් කියන හින්දි සිනමාපටය නරඹන්නම වෙනවා. අජය සහ අතුල් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන තග්ස් ඔෆ් හින්දුස්ථාන් හින්දි සිනමාපටයේ තිර රචනය විජේයි ක‍්‍රිෂ්ණා ආචාර්යා. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විජෙයි ක‍්‍රිෂ්ණා ආචාර්යාමයි. තග්ස් ඔෆ් හින්දුස්ථාන් හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ යාශ් රාජ් ෆිල්ම්ස් ආයතනය වෙනුවෙන් ආදිත්‍ය චොප්රා. 
 
දැන් ඔබට කියන්න හදන්නේ තග්ස් ඔෆ් හින්දුස්ථාන් හින්දි සිනමාපටයේ චරිතවලට පණ පොවන ඔබ අප ආදරය කරනා ඒ ශිල්පීන් ගැනයි. මේ සිනමාපටයේ ඛුදාබක්ෂ් ආසාද් එහෙම නැත්නම් අණදෙන නිලධාරියා විදියට තමන්ගේ කණ්ඩායමට අණ දෙන ඒ මැරවරයා ගැන තමයි ඔබට මුලින්ම කියන්න අවශ්‍යම කියලා අපි හිතනවා. මොකද ඔහු තමයි මේ සිනමාපටයේ ප‍්‍රධානම චරිතයත්. මේ සිනමාපටයේ අසාද්ගේ චරිතයට පණ දෙන්නේ දැනට හින්දි සිනමාවේ සිටින හැමදෙනාගෙම ගෞරවයට සහ ආදරයට පාත‍්‍ර වෙන කෙනෙක්. 1942 ඔක්තෝම්බර් 11 වැනිදා ඔහු උත්ත‍්‍ර ප‍්‍රදේශ්වල ඉපදිලා තියෙන අතර දැනට ඔහු ජීවත් වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවල ජූහූවල ජල්සා කියන ප‍්‍රදේශයේ. ඇන්ග‍්‍රි යන්ග් මෑන්, ශහේන්ශාහ් ඔෆ් බොලිවුඩ්, ස්ටාර් ඔෆ් ද මිලේනියම් සහ බිග් බී යන ආදරණීය නාමයන්ගෙන් හඳුන්වන ඔහු නෙයිනතාල්හි ශර්වුඩ් කොලේජ් එකෙන් සහ කිරොරි මාල් කොලේජ් එකෙන් සහ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු හදාරලා තියෙනවා. 1969 වර්ෂයේ පටන් හින්දි සිනමා කර්මාන්තයේ නළුවෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක්, රූපවාහිනී වැඩසටහන් ඉදීරිපත් කරන්නෙක් සහ රචකයෙක් විදිහට කටයුතු කරන ඔහු මෙන්න මේ සිනමාපට ගැන කිව්වම නම් ඔබට අපට අමතක කළ නොහැකි වෙන විදියට ඒ සිනමාපටයන්හි චරිතයන්ට ජීවමාන විදියට පණ දුන්නා.
 
 
1971 Anand, 1973Zanjeer, 1975 Deewaar, Sholay1978, Don, Trishul, 1980Shaan, 1983 Coolie, 1990Agneepath, 1991 Hum Tiger, 2000 Mohabbatein, 2005 Black, 2009 Paa, 2015 Piku.
සිනමාපටයන් විශාල ප‍්‍රමාණයකින් තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙන ඔහු රංගනයෙන් දායක වුණු සිනමාපටයන්හි නම් කියන්න ගියොතින් මේ පිටුව ඒකට ඉඩ මදි වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම ඔහු ගැන කියන්නම්. ෆිල්ම්ෆෙයාර් සමාන ඇතුළු විවිධ සිනමා සම්මාන උළෙලවලින් විශාල සම්මාන ප‍්‍රමාණයක් තමන්ගේ නමට වෙන් කර ගන්න සමත්කම් දක්වලා තියෙන ඔහුට 2015 වසරේදී පද්ම විභූෂණ සම්මානයෙනුත්, 2001 වසරේදී පද්ම භූෂණ සම්මානයෙනුත්, 1984 වසරේදී පද්ම ශ‍්‍රී සමානයෙනුත් ඉන්දියානු රජයෙන් පිරිනමා තියෙන අතර 1973 දී ජෙයා බහදුරිව විවාහ කර ගත ඔහු අභිෂේක් භච්චන්ගේ පියාණන් වන අතර ඵෙශ්වර්යා රායිගේ මාමණ්ඩියයි. ආරාධ්‍යා භච්චන්ගේ සීයා වන අමිතාබ් භච්චන් තමයි මෙන්න මේ තග්ස් ඔෆ් හින්දුස්ථාන් හින්දි සිනමාපටයේ ආසාද්ගේ චරිතයට පණ පොවන්නේ. ආසාද් එක්ක හරි හරියට රංගනයෙන් මේ සිනමාපටය හැඩ කරන්න ෆිරන්ගී මල්ලාහ්ගේ චරිතයට පණ පොවන්නේ 1965 මර්හු 14 වැනිදා ඉන්දියාවේ මහාරෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවල ඉපදුණු 1984 ඉඳන් හින්දි සිනමාවේ නළුවෙක්, සිනමාපට නිෂ්පාකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියටත් ජනප‍්‍රිය 1986 වසරේදී රීනා දත්තා එක්ක විවාහ වෙලා ඇයව 2002 දී දික්කසාද කරලා 2005 දී කිරන් රා ඕ විවාහා කරගත්ත දැනට දරුවන් තුන් දෙනෙක්ගේ පියෙක් ද වන මෙන්න මේ සිනමාපටවලින් තමන්ගේ අනන්‍යතාව අපි අතරට ගෙනාව ඔහුයි.
 
Yaadon Ki Baaraat (1973), Holi (1984), Qayamat Se Qayamat Tak (1988), Raakh (1989), Dil (1990), Raja Hindustani (1996), Sarfarosh (1999), Earth (1998), Lagaan (2001), Taare Zameen Par (2007), Ghajini (2008), 3 Idiots (2009), Dhoom 3 (2013), PK (2014), Dangal (2016), Secret Superstar (2017)
 
ෆිම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මාන උළෙලවලින් විවිධ සම්මානයන් තමන්ගේ නමට ලියා ගන්නට සමත්වෙලා තියෙන ඔහු 2003 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් හා 2010 වසරේදී පද්ම භූෂණ සම්මානයෙන් ද ඉන්දියානු රජයෙන් ඔහුට පිදුම් ලබන අතර ඔහුගේ උපන් නාමය මොහම්මද් ආමීර් හුසේන් ඛාන් වුණත් අපි හැමෝම ඔහුව දන්නේ ආමීර් ඛාන් නමිනුයි. අමීර් ඛාන් තයි තග් ඔෆ් හින්දුස්ථාන් හින්දි සිනමාපටයේ ෆිරන්ගී මල්ලාහ්ගේ චරිතයට පණ පොවන්නේ. ඊ ගාවට කියන්න හදන්නේ නර්තන ශිල්පිනියක් විදියට මේ සිනමාපටයේ දක්ෂතා ඉදිරිපත් කරම සුරෙයියා ගැනයි. මෙන්න මේ සිනමාපටවල ඇය අපිට ඇයගේ සුන්දර රංගනයන් සහ සුන්දර රූ සපුවෙන් අපිව අමන්දානන්දයට පත් කළා. බලන්නකො ඇයව මතක් වෙනවද කියලා මෙන්න මේ සින්මාපටයන්හි නම් කියවලා බැලුවම...
 
Maine Pyaar Kyun Kiya? (2005), Namastey London (2007), New York (2009), Ajab Prem Ki Ghazab Kahani (2009), Raajneeti (2010),  Zindagi Na Milegi Dobara (2011), Mere Brother Ki Dulhan (2011), Ek Tha Tiger (2012), Dhoom 3 (2013), 2005 Sarkar, 2006 Humko Deewana Kar Gaye, 2007 Namastey London. 
 
1983 ජූලි 16 වැනිදා හොන්ග්කොන්ග්වලදී ඉපදිලා තියෙන ඇය බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් වන අතර දැනට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරේ. 2003 වසරේ පටන් හින්දි සිනමාවට සම්බන්ධව සිටින ඇය නිළියක් වගේම නිරෑපණ ශිල්පිනියක් ද වෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සම්මාන තමන්ගේ නමට සමත් කම් දක්වූ මේ අපූරූ රංගන ශිල්පිනියගේ මන බඳින නර්තනයෙන් නම් ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. කපූර් ෆැමිලි එකේ ජනප‍්‍රිය සිනමා නළුවෙක් වන රන්බීර් කපූර්ගේ ආදරවන්තිය විදිහට හැමෝම දන්න කත‍්‍රිනා කයිෆ් තමයි මේ සිනමාපටයේ සුරෙයියාගේ චරිතයට පණ පොවන්නේ. කත‍්‍රිනාට අමතරව මේ සිනමාපටයේ ෆාතිමා සනා ශෙයික්, ලියිඩ් ඔව්න් වගේම මොහම්මද් සීස්නා, රෝහිත් රෝයි, සත්‍යදේව් කන්චර්නා වගේම අබ්දුල් ක්වාදාරි අමින් කියන සිනමා නළු නිළියනුත් මේ සිනමාපටයේ විවිධ චරිතයන්ට පණ පොවන්නේ මේ සිනමාපටය හැඩ කරන්නයි.
 
තග්ස් ඔෆ් හින්දුස්ථාන් හින්දි සිනමාපටයේ තියෙන සුන්දර ගීතවල පද ගලපලා තියෙන්නේ අමිතාබ් භටාචාර්යා වන අතර ඒවා හැඩ කරන්න සප්ත ස්වරයෙන් වැඩ දාල තියෙන්නේ අජේ - අතුල් සහ ශන්කර් - ඒශාන් - කියන කට්ටිය වන අතර මේ සප්ත ස්වරයෙන් හැඩ කරන ලද වචනයන්ට පණ දෙන්න ඒවා ජීවමාන කරන්න තමන්ගේ සුන්දර හඬින් ඒවායේ හැඩය තවත් සුන්දර කරලා තියෙන්නේ සුඛ්වින්දර් සිං, විශාල් දඩ්ලානී, ෂ්‍රෙයා ඝෝෂාල්, සහ සුනීධි චවුහාන් විසිනුයි. මේ සිනමාපටයේ රූගත කිරීම තායිලන්තය, රාජස්ථාන්වල ජාඕද්පූර් ඇතුළු ස්ථාන රාශියකදී සිදු කරලා තියෙනවා කියලා තමයි ඉන්දියාවේ සිනමා සඟරා කිහිපයකම කියලා තිබුණේ. 
 
► Translation — Chandana Waravitage