2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

අළු පාට හැන්දෑව
කවියක්ය
මනරම්
රැඳේනම්
නුඹ
ඇසිල්ලක්
මා
ළඟින්...

කියවමුද
කවි පොතක්
අසා ඉන්නට
කුරුල්ලන්ට
ආසයි
උනුත්
කවිවලට....

හොයාගත්තොත්
තත්ත්පරයක්
එනවද
ඉර
අවරගිර ගිලෙන
අවසාන
මොහොතේ

ඉර
ගිලී
සඳ
නැගෙන
හැටි
බලන්න
මාත් එක්ක