2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ඩී.එස්.චිත්‍රපටය එළිදකී

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

 

මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ ජීවිත කතාව සහ නිදහස වෙනුවෙන් ඔහු සිදු කළ අනුපමේය සේවය පිළිබඳව සෞන්දාර්යාත්මකව නිර්මාණය කර ඇති ‘නිදහසේ පියා චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්ම ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පසුගියදා පැවැත්විණ.

ජනප්‍රිය සිනමා අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංග ලොකුහේවා ගේ නවතම සිනමා සිත්තම ලෙස ඔබ හමුවට තව නොබෝ දිනකින් පැමිණීමට නියමිත නිදහසේ පියා හි ප්‍රධාන භූමිකාව සඳහා පන පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් විසිනි. තුමිඳු දොඩන්තැන්න, බුද්ධදාස විතානාරච්චි, පූජිත ද මෙල්, ජයලාල් රෝහණ, ඩග්ලස් රණසිංහ, ජී.ආර්. පෙරේරා, පාලිත සිල්වා, සාරංග දිසාසේකර, සඳුන් විජේසිරි, සුසන්තා චන්ද්‍රමාලි ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායක වී ඇත. ‘නිදහසේ පියා’ චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්මේ අවස්ථාවන් වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩ වෙනවා.

i Romesh Dhanushka Silva