2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

හොකී.... කවුද වීරයා

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

 
තපන් දාස් කියන්නේ ඉන්දියාවේ හොකී කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයෙක්. තපන් දාස් එක්ක ඔහුගේ කණ්ඩායමේ තව  අමුතු අමුතු දක්ෂතා තියෙන කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් සම්රත්, රගුබීර් ප‍්‍රතාප් සිං, ඉම්තියාස් ශාහ සහ හිම්මත් සිං ගැන නොකියම බැහැ. මේ කට්ටිය හොකී ක‍්‍රීඩා කරන්න හදන්නේ සුදු ජාතික කණ්ඩායමක් එක්කයි. ආසියාතික රටක තපන් දාස් ඇතුළු කණඩායමක් යුරෝපීය රටක් එක්ක කොහොම හොකී ගහයිද? ඔවුන්ට මොනවද වෙන්නේ? මේ හැම දෙයක්ම දැනගන්න තවම කල් වැඩියි. මොකද මේ හැම ප‍්‍රශ්නයටම උත්තර හොයාගන්න 2018 අගෝස්තු 15 වැනිදා වෙනකම් ඉන්න වෙනවා. ඒ වෙන කිසිදෙයක් හින්දා නෙවෙයි 2018 අගෝස්තු 15 වැනිදා තමයි හොකී ක‍්‍රිඩාව ගැන ඇතුළත් ගෝල්ඩ් කියන හින්දි සිනමාපටය තිරගත වෙන්නේ. රීමා කග්තී අධ්‍යක්ෂණය කරලා තියෙන ගෝල්ඩ් හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ රිටේශ් සිධ්වානී සහ ජනප‍්‍රිය නළුවෙක්, පිටපත් රචකයෙක් සහ ගායකයෙක් වන ෆර්හාන් අඛ්තර්. ෆර්හාන්ගේ තාත්තා ජාවේද් අඛ්තර් විසින් දෙබස් ලියලා තියෙන ගෝල්ඩ් සිනමාපටය තිර රචනය කරලා තියෙන්නේ රාජේශ් දේව‍රාජ්. ගෝල්ඩ් සිනමාපටයේ කතාව ගොඩ නගලා තියෙන්නේ රීමා කාග්තී සහ රාජේශ් දේවරාජ් විසිනුයි. සචින් සහ ජිගර් විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන ගෝල්ඩ් හින්දි සිනමාපටය 1936 වසරේදී නිදහස දිනාගැනීමෙන් අනතුරුව ගෝල්ඩ් මෙඩල් එකක සිහිනය හොකී ක‍්‍රීඩාවෙන් ලබා ගන්න කතා පුවත තමයි කියැවෙන්නේ. 
 
ඉන්දියානු හොකී කණඩායමේ නායකයා විදියට ඒ තරග නියෝජනය කළ තමන් දාස්ගේ චරිතයට පණ පොවන කෙනා ගැන ඔබව දැනුම්වත් කරන්නයි මේ සූදානම. 1967 සැප්තැම්බර් 09 වැනිදා රාජීව් හරි  ඕම් භාට්යා යන නමෙන් ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ අම් රිත්සර්වලදී ඉපදුණු මොහු දැනට ජීවත්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බයි නගරයේ වන අතර ඔහු කැනේඩියන් පුරවැසි භාවය තියෙන කෙනෙක්. සිනමා නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් සහ ආත්මාරක්ෂක සටන් ශිල්පය නොමිළයේ පවා ඉන්දියාවේ තරුණියන් උදෙසා ඉගැන්වීමේ යෙදෙන කෙනෙක් විදිහට තමයි මොහු ප‍්‍රචලිත වෙලා තියෙන්නේ. 1991 වරෂයේ සිට හින්දි සිනමාව හා එකතුවෙලා ඉන්න මොහු මෙන්න මේ හින්දි සිනමාපටවල විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා. 
 
Khiladi ,Mohra (1994), Main Khiladi Tu Anari (1994), Sapoot (1996)Angaaray (1998). Sangharsh (1999) Jaanwar (1999). Dhadkan (2000), Andaaz (2003)  Namastey London (2007); Waqt (2005) Bhool Bhulaiyaa (2007);Hera Pheri (2000), Mujhse Shaadi Karogi (2004), Garam Masala (2005), Bhagam Bhag (2006)  Singh Is Kinng (2008) Housefull 2 (2012)  Rowdy Rathore (2012) OMG (2012), Special 26 (2012), Holiday (2014)  Gabbar Is Back (2015)Airlift (2016), Housefull 3 (2016), Rustom (2016), Jolly LLB 2 (2017)  Toilet: Ek Prem Katha Dil To Pagal Hai (1997)Andaaz (2003)Khakee (2004)Garam Masala (2005)Namastey London (2007)Heyy Babyy (2007)PADMAN (2018)
 
2017 වසරේදී නැශනල් ෆිල්ම් අවෝර්ඩ් සහ 2009 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුව ඔහු ෆිල්ම් ෆෙයාර් සමාන දෙකක් ඇතුළු සම්මාන කිහිපයක්ම තමන් සතු කර ගෙන තියෙන අතර ඔහු දරුවන් දෙන්නෙක්ගේ පියෙක් ද වෙනවා. ඔහු වෙන කවුරුවත් නෙවෙයි ජනප‍්‍රිය හින්දි සිනමා නළු රාජේශ් ඛන්නාගේ බෑනා 2001 දී විවාහ කරගත් හින්දි සිනමාවේ ජනප‍්‍රිය නිළියෙක් වන ට්වින්කල් ඛන්නාගේ ස්වාමිපුරුෂයා ආක්ෂය කුමාර්. ඩිම්පල් කපාඩියා ආක්ෂයගේ නැන්දම්මා කියන එක ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නොවුණත් ඔන්න එයත් සටහන් කළා. ආක්ෂය කුමාර් තමයි ගෝල්ඩ් හින්දි සිනමාපටයේ හොකී කණ්ඩායමේ නායකයා තපන් දාස්ගේ චරිතයට පණ පොවන්නේ. ඔහුගේ සහායකයා කවුද දන්නවද? ඔහුගේ සහායකයා සම්රත් කියන්නේ කවුද කියලා ඔබට කියන්න කලින් මධුරි ඩික්ෂිත් විවාහයෙන් පස්සේ රංගනයෙන් දායක වුණු පළමුවැනි හින්දි සිනමාපටය වන ආජා නච්ලේ හින්දි සිනමාපටයේ කොණ්ඩය රැවුල වවලා ඉන්න චණ්ඩියාගේ චරිතය නිරූපණය කළ තරුණයාව ඔබට මතකයිද? මතක නැත්නම් මෙන්න මේ සිනමා පටවලත් ඔහු විවිධ චරිතවලට පණ පොවලා තියෙනවා.
 
A Tale of Three Cities (2005) Rang De Basanti (2006), Laaga Chunari Mein Daag (2007), Aaja Nachle (2007)  Bachna Ae Haseeno (2008). Lamhaa (2010)2012,Luv Shuv Tey Chicken Khurana.2014,Kaun Kitne Paani Mein.
 
 
1978 ඔක්තෝම්බර් 18 වැනිදා ඉපදිලා තියෙන ඔහු 2005 පටන් හින්දි සිනමාව නියෝජනය කරන අතර ඔහු විවාහවෙලා ඉන්නේ නෙයිනා බච්චන් එක්ක. ඔහු නමින් කුනාල් කපූර්. කුනාල්ගේ බිරිඳ නයිනා භච්චන් අමිතාබ් භච්චන්ගේ ලේලියක් වෙනවා. ඊගාවට කියන්න හදන්නේ ඉන්දියාවේ නිදහසින් ඔලිම්පික් උළෙල නියෝජනය කරලා හොකී ක‍්‍රීඩාවෙන් ගෝල්ඩ් මෙඩල් එකක් ගත්ත ටීම් එකේ හිටිය රඝුබීර් ප‍්‍රතාප් සිංගේ චරිතයට පණ දෙන කෙනා ගැනයි. 1979 ජුනි 05 වැනිදා ඉන්දියාවේ දිල්ලිවල ඉපදිලා තියෙන ඔහු 2001 පටන් හින්දි සිනමාව නියෝජනය කරන කෙනෙක්. නමින් අමිත් සාධ් වන ඔහු මෙන්න මේ සිනමාපටවලත් විවිධ චරිත සඳහා රංගනයෙන් දායක වෙලා තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙනවා. 
 
2010 Phoonk 2 2013, Kai Po Che 2015, Guddu Rangeela Guddu 2016, Sultan, 2017-Running Shaadi
 
ඉම්තියාස් ශාහගේ චරිතයට විනීත් කුමාර් සිං සහ හිම්මත් සිංගේ චරිතයට සනී කවුෂාල් පණ දෙන අතර තපන් දාස්ගේ බිරිඳ මොනොබිනා දාස්ගේ චරිතයට පණ පොවන ඇය ගැනයි දැන් ඔයාලට කියන්න හදන්නේ. 2007 පටන් හින්දි සිනමාව නියෝජනය කරන ඇය 1985 සැප්තැම්බර් 28 වැනිදා ඉන්දියාවේ බටහිර බෙන්ගාලයේ කෝච් බෙහාර්වල උපත ලබලා තියෙන අතර 2015 දී ඇය ටෙලිවිෂන් ස්ටයිල් අවෝර්ඩ් එක තමන්ගේ කර ගන්න දස්කම් දක්වලා තියෙනවා. දිල්ලි විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදරලා තියෙන ඇය මොන් කියන නමිනුත් හැමෝම දන්නවා. ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක රංගනයෙන් දායකවෙලා නමක් දිනාගෙන ඉන්න ඇය නමින් මවුනි රෝයී. ආක්ෂය ඇතුළු මේ සිනමාපටයේ හොකී ක‍්‍රීඩා කරන කට්ටියට ඉන්දියාවේ හොකී ජාතික කණ්ඩායම නියෝජනය කළ නායකයෙක් වන සන්දීප් සිං විසින් පුහුණුවීම් පවා ලබා දීලා තමයි මේ සිනමාපටයේ රෑගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ. 
 
ආර්කෝ ප‍්‍රාවෝ විසින් ගෝල්ඩ් හින්දි සිනමාපටයේ ගීත සප්ත ස්වරයෙන් හැඩ කරන්න තමන්ගේ දායකත්වය දීලා තියෙන අතර ඒ ගේය පද ආක්ෂය කුමාර්, ජාවේද් අඛ්තර් සහ ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී අතින් ලියැවිලා තියෙන අතර ඒවාට පණ දෙන්න තමන්ගේ සුන්දර හඬ දීලා තියෙන්නේ ආර්කෝ ප‍්‍රාවෝ මුඛර්ජී, යසීර් දේසායී, තනීෂ් බාග්චී, මොනාලී තාකූර් සහ ශාශා තිරුපති. අගෝස්තු 15 වැනිදා ඉන්දියාවේ නිදහස් දිනයේදී තිරගත වන මේ ගෝල්ඩ් හින්දි සිනමාපටය එංගලන්තයේ යෝක්ෂියර් සහ මිඩ්ලන්ඩ්ස් ප‍්‍රාන්තයන්වලත් බ‍්‍රැඩ්ෆෝර්ඩ්, ඩොන්කැස්ටර්, රොතර්හෑම් සහ ඉන්දියාවේ පංජාබයේ අම්රිත්සර් සහජාපටියාවලත්, මුම්බයිවලදීත් ෂූටිං කරලා තියෙන අතර 2018 පෙබරවාරි 05 වැනිදා ගෝල්ඩ් හින්දි සිනමාපටයහි ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරලා තියෙන බව තමයි ඉන්දියානු මාධ්‍යවලත් වාර්තා කරලා තියෙන්නේ. ඉන්දියාවේ නිදහස් දිනය සමරන ගමන් ඔන්න නිදහස් දිනයටත් අදාළ වෙන හින්දි සිනමාපටයක් අපිටත් රස විඳින්න ආක්ෂය කුමාර් ඇතුළු පිරිස අපිට සූදානම් කරලා දීලා තියෙනවා. ඉන්දියාවේ නිදහස් දිනයටත් සුභ පතන ගමන් ලබන සතියේ තවත් අලුත්ම අලුත් හින්දි සිනමාපටයක් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. 
 
► Translation — Chandana Waravitage