2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

කියාදෙන්න මට ආපසු හැරෙන්න 
මේ දුර පාරෙන් තනි මංසලකට 
ඇරඹුම අද්දර රහසේ ඉකිලන 
කඳුළ මගේමයි හෙටත් මගේ සඳ 

දැවි දැවි මියැදෙන  තනි ආකාසෙක 
සුසුම්සරයි සුළඟක් වී ආවේ...
ප්‍රේම තඩාගේ කැකුළු දරන්නට 
මගේම වැස්සක් කවදද වැස්සේ...

සඳ ඇවිදින් කළුවර උදුරද්දී 
මගෙ තනි හිතමයි ඔච්චම් වින්දේ 
කුස මඬලේ කිරි සිහිනෙක සුවඳයි 
හැම රෑ කෙළවර කොහෙද ඉගිලුණේ