2018 ජුලි 21 වන සෙනසුරාදා

වතුර මැද හෝටලේ WET WATER RESORT

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 353

නිදහසේ හුස්මක් ගන්න පුළුවන් කියලා හිතුණා ඒ ගම්බද සිරියාව ඇස් අස්සෙ තැවරෙන්න පටන් ගත්තම. බැලූ බැලූ අත කොළ පැහැයෙන් දිලිසෙන ගස්.. ගස් අස්සෙන් එහෙට මෙහෙට කැරකෙන සීතල සුළඟ.. කොළඹ දැනෙන දාහය කෝ.. නෑ දැනුණේ... අපි හිටියේ ඒ ගිනිදන නගරයෙන් හුඟක් ඈතක නෙවෙයි... ඒත් එහෙමයි කියලා හිතාගන්නත් බැරි තරමට මා නිවන සිසිලසක් මට දැනුණා... යමු.. එන්න... ගම්පහ ජා ඇල පාරේ අපූරු නවාතැනකට... WET WATER RESORT... BANQUETS/ ACCOMMODATION/ RESTAURANT AND BAR/ SPECIAL EVENTS මෙන්න මේ විදිහට තමයි WET WATER RESORT ගැන එයාලා INTRODUCTION එකක් දෙන්නේ... NO 136/D, LUMBINI UYANA, JA -ELA ROAD, AMBANWITA, GAMPAHA හරිටම ඔයාට ලිපිනය කීවොත් WET WATER RESORT ADDRESS එන්නෙ එහෙමයි.

භුමි ප්‍රමාණයෙන් අක්කර නවයක තරම් භූමි වපසරියක විහිදුණු WET WATER RESORT පරිසර හිතකාමී තේමාවන්ට මුල් තැනක් දෙමින් ඉදිකළ හෝටලයක් බව ඒත්තු ගන්වන්න පුළුවන් සාක්ෂි එමටයි. පාට පාට පිපෙන මල්වලට වඩා උද්‍යාන අලංකරණයේදී නිමැවුම්කරුවන් මුල් තැනක් දීලා තියෙන්නේ කොළ පාට ගහ කොළට.. ඒ වගේම හරිම ක්‍රමවත් පාරිසරික ක්‍රමවේදයන්ට මුල් තැනක් දෙමින් තමයි කුණු කසළ බැහැර කිරීමේ ක්‍රම සකස් කරලා තියෙන්නේ... වසර දහයක් පුරා කීර්ති නාමය මුදුනතක ඔසවා තියන්න WET WATER RESORT සමත් වෙන්න එක හේතුවක් තමයි ඒ ‍භෞතික ගුණාංග. 

අනිත් කාරණය තමයි WET WATER RESORT හරිම මිත්‍රශීලී සහ ඉක්මන් සේවාවක් තමයි තමන් ළඟට එන කවර තරාතිරමක වුණත් කෙනකුට ලබාදෙන්නේ... හැත්තෑ පහකට ආසන්න සමස්ත කාර්ය මණ්ඩලයේ  ආරක්ෂක නිලධාරීන්ගේ සිට ඉහළම පුටුව දක්වා හැම කෙනෙක්ගෙන්ම ඒ සුහදශීලී සේවාව ඔයාට ලැබෙනවා. ලක්ෂ්මන් කෝට්ටගේ සහ අජිත් කෝට්ටගේ තමයි WET WATER RESORT සභාපතීත්වය දරන්නේ. තිසුරි කෝට්ටගේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස තනතුර හොබවද්දී දුෂ්‍යන්ත ගුණවර්ධන තමයි RESIDENT MANAGER විදිහට ලොකු වගකීමක් දරන්නේ. වසර 35ක සේවා පලපුරුද්දක් සහිත දුෂ්‍යන්ත ගුණවර්ධන ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකම සේවා පළපුරුද්ද ලද්දෙක්. ඒ වගේම මාලදිවයින සහ ඉතාලියේත් සේවා අත්දැකීම් ලැබූවෙක්. ජර්මනියේදීත් හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධව පුහුණුව ලැබුවෙක්. කළමනාකාරණයේදී මෙන්ම ඒ ප්‍රවීණත්වය ඔහුගේ සුහදශීලී කතාබහේදී වගේම පිළිගැනීමේදීත් පිළිබිඹු වෙනවා.

WET WATER RESORT දැක්ක ගමන් නම් හිතෙන්නේ අපිට මෙහෙ WEDDING එකක් BIRTHDAY PARTY එකක් GET TOGETHER PARTY එකක් ගන්න තියා හිතන්නවත් බැරි වෙයි වගේ හැඟීමක්. අපේ පොකට් එකට ඔරොත්තු දෙන එකක් නෑ වගේ හැඟීමක්. නෑ ඒක එහෙම නෙවෙයි කියලා ඔන්න අපි නෙවෙයි RESIDENT MANAGER දුෂ්‍යන්ත ගුණවර්ධනම ඔයාට කියනවා හුඟක් වගකීමෙන්.

හෝටලයේ කාමර බජට් සෙමි ලක්ෂරි සහ ලක්ෂරි කියන CATEGORY තුන යටතේ තියෙන්නේ. පුංචි දරුවන්ට වෙන් වෙච්ච වෙනම AREA එකක් තියෙනවා. එතන එක විශේෂත්වයක් තමයි පළතුරු උද්‍යානයක වගේ පළතුරු ගස් තියෙනවා. දරුවන්ට ඒ ඕන දෙයක් කන්න නිදහස තියෙනවා. හොඳ නිදහස් නාන තටාකයක් තියෙනවා. WEDDING HALL තුනක් අපිට තියෙනවා. ලොකු HALL එකේ 350ක් ඊළඟ එකේ 175ක් අනිත් එකේ 80ක් වගේ සංඛ්‍යාවකට ඉඩ තියෙනවා. හැබැයි අපි හිතමුකෝ 1200 ක සංඛ්‍යාවක් එන උත්සවයක් කියලා. අපිට ඒ සංඛ්‍යාවට හරියන්නත් ඉඩ පහසුකම් හදලා දෙන්න පුළුවන්. BIRTHDAY PARTY නම් දැන් හුඟක් අය ඉල්ලන්නේ GARDEN FUNCTION එකක්. ඒක ඇත්තටම හරි සුන්දර අත්දැකීමක්. අපේ GARDEN හතරක් තියෙනවා. 400ක්, 120ක්, 80ක්, 50ක් වගේ පිරිසකට ඒ ඒ  GARDENවල ඉඩ තියෙනවා. GARDEN FUNCTIONවලදී අපි GARDENවලට වෙනම අයකිරීමක් නෑ. පුංචි දරැවන්ගේ සහ TEENAGERS ලගේ FUNCTIONවලදී අපි එයාලා වෙනුවෙන් හැමවිටම විශේෂ දෙයක් දෙනවා. ඒ වගේම ලොකු පිරිසක් එකතු වෙන BIRTHDAY PARTY එකකදීනම් අපි BIRTHDAY CAKE එකත් FREE දෙනවා. කොහොමත් අපි BIRTHDAY PARTYයකදී SURPRISE BIRTHDAY CAKE එකක් දෙනවා. අපේ CHEFF ගේ CAKE SUPERB කියන ප්‍රතිචාරය අපිට FUNCTION එකක් අවසානයේදී ලැබෙන අනිත් ප්‍රතිචාරත් එක්ක නොවැරදීම ලැබෙන ප්‍රතිචාරයක්. අනිත් එක අපි CUSTOMER ගේ BUDGET එක අනුව PACKAGE එකක් හදලා දෙන අවස්ථාත් තියෙනවා. WEDDING වලදීත් අපි SUPPORTING SERVICES එකතුවුණු PACKAGE ලබාදෙනවා. ඇත්තටම අපි ලබාදෙන දේවල් ඇතුළෙ තව හැංගිච්ච හුඟක් ප්‍රතිලාභ CUSTOMERS ලට ලැබෙනවා. SUPERB BAR එකකුත් අපිට තියෙනවා. තමන්ගේ BUDGET එකට අනුව අවශ්‍ය හැම දෙයකදීම අපි අපේ CUSTOMERS ලට ඇහුම්කන් දෙන්න සූදානම්.

ලබාදෙන සේවාව ගැන වගේම WET WATER RESORT ආවොත් විඳින්න දකින්න තියෙන දේවල්, එක් එක් ආරට පිසූ රසවත් ආහාර පාන, නවතින්න නෙවෙයි රසට කාලා යන්න හිතුණොත් තියෙන BUFFET එක ගැන මට හිතෙන්නේ අපි කියපු දේවල්වලට වඩා නොකියපු දේවල් වැඩියි. ඉතින් අමුතුම රහකට හදවතටම දැනෙන විවේකයක් විඳින්න හිතුණොත් රසට කාලා බීලා නැවතිල්ලේ නවතින්න හිතුණොත්  එහෙනම් ඔයත් ගිහින් එන්න WET WATER RESORT. ලබන සතියෙත් අපි එනවා ඔයත් එක්ක නිදහසේ කොහේ හරි ඇවිදින්න යන්න. 

► Pic - Channa Kassapa Koralearachchi