2018 ජුනි 16 වන සෙනසුරාදා

සිඳු තෙර

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

සඳ ඇවිත් දවසක 
අහසට නෙවෙයි 
මගේ ගෙපැලට 

හිරිකඩ බාන සීතලේ 
සීතල නිය තුඩු 
හදවතට අනිද්දී 
ලේ වීසි වෙනකම් 
ඉවසුවේම මම 
සඳට දුක කියනකම් 

ඒත් අහසක්ම තියෙද්දී 
සඳ නවතීද 
ගෙපැලක 
ඇවිත් නැවතී යනු මිසක 

දිගම දිග හුස්මක් කෙළවර 
සුළඟටම දියවෙමි 
සඳට දුක නොකියාම 
මගේ නෙත් වසාගමි