2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

අවුරුද්දට ඉස්සර කොළඹ වටේ රවුමක්

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

විහාරමහා දේවි උද්‍යානය සති අන්තයට පොඩි දරුවන්ගේ පාරාදීසයක් කීවොත් හරියටම හරි. පාට පාට පුංචි සමනල්ලු වගේ පොඩ්ඩෝ පොඩ්ඩියෝ දුවනවා පනිනවා කෑගහනවා හිනාවෙනවා. එයාලා සතුට ඉහිරිච්ච එයාලගෙම ලෝකයක. ඒ උද්‍යානයේම තව පැත්තක පොඩ්ඩක් තනි වෙන්න ළඟින් ඉඳගෙන කතා කරන්න එන පෙම්වතුන්.

තම තමන්ගේ ලෝකවල හුදෙකලා වෙච්ච ඒ ඒ අයට ඒ ඒ අයගේ නිදහස සතුට එහෙමම විඳගන්න ඉඩදීලා ඔන්න අපි ආවා ආර්කේඩ් එක ළඟට. ආර්කෙඩ් කියන්නේ අද shopping ඒරියා එකක් විතරක්ම නෙවෙයි. නිදහසේ කොළඹ හුළඟ විඳගන්න රසට දෙයක් කාලා බීලා යාළුවොත් එක්ක පොඩි චැට් එකක් දාලා කාලය ගත කරන්න නියම තැන. එතනින් ඔන්න අපි ගියා දියත උද්‍යානයට. දියත උද්‍යානය කියන්නේ එක පැත්තකින් shopping ඒරියා එකක්. ඒ වගේම ඇවිදින මංතීරුව නිසා කට්ටිය උදේ හවස ව්‍යායාම කරන්නත් දියත උද්‍යානයට එනවා. පුංචි පුංචි දඟ පැටවු දුවන්න පනින්න සෙල්ලම කරන්නත් දියත උද්‍යානයට එන්නේ එහි ඉදිවී ඇති ලස්සන ළමා උද්‍යානය නිසා. ඒ විතරක්ද wedding pre shoot ගන්න පුංචි පුංචි උත්සව celebrate කරන්න කන්න බොන්න මේ හැමදේකටම කට්ටිය දියත් උද්‍යානයට එනවා.

හවස් වරුවේ පොඩි පොඩි shopping පාරකුත් දාලා කොළඹ වටේ ඇවිද්ද අපි ඔන්න ඊළඟට ආවේ බෙල්ලන්විල පන්සල අසල  උද්‍යානයට. බෙල්ලන්විල පන්සලට එහෙම ගිහින් හවසක දෙයක් නිදහසේ කාලා බීලා යන්න මේ පුංචි උද්‍යානය කදිමයි. ඒ වගේම කට්ටිය ශරීර සුවතාවය වෙනුවෙන් ඇවිදින්නත් මෙතෙන්ට එනවා. අපි යද්දී හොඳටම රෑ වෙලා. ඒත් රාත්‍රියේදීත් ඒ උද්‍යානයේ මිනිස්සු හිඟ නෑ. මොකද කියන්නේ යමුද නිදහසේ රවුමක්.

එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. ඊළඟ සතියේ මාතරදී අපි හම්බෙමු එහෙනම්. ඒත් එක්කම සිංහල හින්දු සහයෝගයේ අවුරුද්දටත් හදසර අපේ සුබ පැතුම් ඔයාට.

 

► Text -Saara /  Pic-  Channa Kassapa Koralearachchi