2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඉක්කාවක් - දඟ මල්ලක් - ගෝරි ගොඩක්...

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

ඉක්කයි මමයි ගාළු ගිහින් ඉක්කා දමලා මම ආවා ඉක්කාවක් හැදුනම අපිට එහෙම කිව්වම හරි යනවා කියලා තියෙනවා. ඔබටත් එහෙම මතකයක් තියෙනවද? නැත්නම් අපිව බය කරනවා. එතකොටත් ඉක්කාව නවතිනවා. ඔබ බලනවා ඇති ඇයි මේ ඉක්කාව ගැන කතා කරන්නේ කියලා නේද? ඒ ගැන කියන්න කලින් මම ඔයාලට පොඩි කතාවක් කියලම ඉන්නම්...

 

දඟකාර කොල්ලෙක් එයාගේ දික්කසාද වුණු අම්මයි, මල්ලිලා දෙන්නෙක් එක්ක ජීවත් වෙනවා. එයා පාසල් පන්ති කාමරේදී දඟ වැඩ කරලා ගුරුවරුන්වත් ගොඩාක් අපහසුතාවට පත් කරන දඟ මල්ලක්. කොහොම හරි එයා එහෙම හැසිරෙන්නේ දෙමවුපියන් දික්කසාද වුණු නිසාවෙන් පත්වුණු මානසික අසමතුලිතතාවයෙන් කියලා ගුරුවරුන් දැන ගන්නවා. එක්තරා දවසක එයාට තමන්ගේ සැඟවුණු දක්ෂතා පෙන්නන්න අවස්ථාවකුත් ලැබෙනවා. කතාවේ ඉතුරු ටික මම ඔබට කියන්නේ නැහැ. ඒකට ඔබට තව ටික දවසක් ඉවසගෙන ඉන්න වෙනවා. හරියටම දවස කියනවනම් ඔබට ඉක්කාව සනීප කර ගන්න නැත්නම් මේ ඉක්කාව නමින් හඳුන්වන හිච්කී හින්දි සිනමාපටය නැරඹීමට 2018 මාර්තු 23 වෙනකම් බලන් ඉන්න වෙනවා.

මේ සුන්දර සිනමාපටය හින්දි සිනමාලෝලී ඔබට තිළිණ කරන්නේ යාශ් රාජ් ෆිල්ම්ස්වලින්. හිච්කී සිනාමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හින්දි සිනාමාවේ සිටින දක්ෂ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන සිද්ධාර්ත් පී මල්හෝත‍්‍රා සිද්ධාර්ත් පී මල්හෝත‍්‍රා සහ අන්කුර් චවුද්‍රි විසින් නිර්මාණය කළ මේ සිනමාපටය හදන්න බර පැන දරලා තියෙන්නේ මනීෂ් ශර්මා සහ ආදිත්‍ය චොප්රා ඒ වගේම මේ සිනමාපටයෙහි තිර රචනය ලියා තියෙන්නේ අන්කුර් චවුද්‍රි, ගනේෂ් පණ්ඩිත් කියන දෙන්නා. ඒ වගේම 2008 දී හොලිවුඩ් සිනමාපටයක් වන ක්ලාස් කියන සිනමාපටයේ අනූරූපකයක් විදිහටයි මේ සිනමාපටය තිරගත වෙන්නේ.

හිච්කී සිනමාපටයෙහි නේනා මාතුර් කියලා චරිතයක් තියෙනවා. මේ නේනා මාතුර්ගේ චරිතයට පණ පොවන්නේ හින්දි සිනමාවේ ඉන්න ජනප‍්‍රියම නිළියක්. ඇය කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරියක් වගේම එක් දරු මවක්. ඇය විවාහ වුණේ 2014 දී. විවාහ වුණේ කාත් එක්කද කියලා මේ ටික කියවද්දිම ඔබට මතක් වෙයි.  1978 මාර්තු 21 වැනිදා ඉන්දියාවේ මහරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයෙහි මුම්බයි නගරයේදී තමයි ඇය ඉපදිලා තියෙන්නේ. ෆිල්ම් ෆෙයාර් සම්මාන 07ක් ඇතුළුව සම්මාන රාශියක්ම ඇය විසින් දිනාගෙනත් තියෙනවා. 1996 වර්ෂයේදී බියේර් පූල් කියන සිනමාපටයෙන් සිනමාවට ප‍්‍රවිෂ්ට වුණු ඇය 1998 වසරේදී අති සාර්ථකත්වයට පත් වුණු කුච් කුච් හෝතා හේ සිනමාපටයෙන් හින්දි සිනමාවට අත්පොත් තැබුවා. ඉන් අනතුරුව මෙන්න මේ කියන සිනමාපටවලත් ඇය චරිතවලට පණ පෙව්වා. 

Kuch Kuch Hota Hai (1998), (2004) Hum Tum, Yuva, Veer-Zaara, Black (2005), Kabhi Alvida Naa Kehna (2006), No One Killed Jessica (2011), Talaash, The Answer Lies Within (2012), Mardaani (2014), Chori Chori Chupke Chupke – (2001), Dil Jo Pyar Karega, (2002) - Mujhse Dosti Karoge, (2003) Chalte Chalte

ඒ ෆිල්ම්ස් ටික ගැන කිව්ව ගමන් වටකුරු මුහුණක් තියෙන ඒ සිනමා නිළියව ඔබට මතක් වෙන්න ඇති නේද? තව දෙයක් කියන්නම්කෝ. ඇය විවාහවෙලා ඉන්නේ සිනමාපට හදන කෙනෙක් එක්ක. එයාගේ නම ආදිත්‍ය චොප්රා. ආදිත්‍ය චොප්රාගේ ප‍්‍රිය බිරිය රාණි මුඛර්ජී ගැන තමයි අපි ඔබට මෙතෙක් වෙලා කිව්වේ. ඉතින් රාණි තමයි මේ සිනමාපටයෙහි නයිනා මාතුර්ගේ චරිතයට පණ පොවන්නේ. රාණිට අමතරව මේ සිනමාපටයෙහි අතිෂ්ගේ චරිතයට හර්ෂ් මයර් පණ පොවලා තියෙනවා. හිච්කී සිනමාපටය හැඩ කරන්න ඒක සංගීතවත් කරලා තියෙන්නේ ජස්ලීන් රෝයල්, හිතෙෂ් සොනික් කියන සංගීතවේදීන් දෙන්නයි. මේ සිනමාපටයෙහි අවසාන රූප රාමුව 2017 ජුනි 05 වැනිදා වෙනකොට රූ ගත කරලා නම් ඉවර වුණා. වෙනස්ම සිනමාපටයක් නරඹන්න ඔබට වැඩි කාලයක් නම් තවත් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් ඉක්කාව හොඳ කරගන්න සිනමා ශාලවට යද්දී බොන්න වතුර එකකුත් අරන් යන්න නම් අමතක කරන්න එපා.

► Translation — Chandana waravitage