2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

තරු අැස්-කුරුලු අැහිපිය මෙහෙමත් අාදරයක්

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

දැක්කම හැරිලා බලන්න හිතෙන සුන්දර කෙල්ලෙක් හිටියා. එයාගේ ඇස් තරු කැට වගේ දිලිසෙනවා. ඇත්තටම කියනවනම් එයා බෝනික්කෙක් වගෙයි. ඒත් එයාව දැක්කම අපිට මතක් වෙන්නෙම පුංචි කාලේ අහලා තියෙන සුරංගනා කතාවල්. මොකද මේ කියන ලස්සන කෙල්ල හරියටම සුරංගනාවියක් වගේ ලස්සනයි. එයාගේ කුරුලු ඇහිපිය යට හිඳින්නට ඒ බටිති තොල්පොඩි සිඹින්නට මගේ යැයි ඇය ලොවට කියන්නට ඇය එනතුරා මම මගේ දෑස් රිදෙනකම් බලා ඉන්නවා. අද නැතත් හෙටක මම මියැදෙන්නට ප්‍රථමයෙන් ඇය ඒවී. ඇය එනකම් මම මියනොයා බලා ඉඳීවි. ඔව් ඔබ එනකම් මම බලා ඉන්නවා. තේරා ඉන්තසාර්, 2017 නොවැම්බර් 24 වැනිදා බොලිවුඩයට එකතුවන නවතම සිනමාපටය තමයි තේරා ඉන්තසාර් කියන්නෙ.

ආදර ජවනිකාවලින් පිරිලා තියෙන මේ සුන්දර සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ රාජීව් වාලියා විසින්. තේරා ඉන්තසාර් සුමියුරු කාව්‍යයක් වගේ. සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ අමන් මෙහතා සහ බිජාල් මෙහතා. තේරා ඉන්තසාර් සිනමාපටයේ ලස්සන වැඩිකරන්න එහි දෙබස් ලියලා තියෙන්නෙ අන්වරුල්ලු ඛාන්.

තේරා ඉන්තසාර් සිනමාපටයේ ප්‍රධාන නිළියගේ භූමිකාව නිරූපණය කරන්නෙ කාන්තාවන්ට ඊර්ෂ්‍යා හිතෙන පිරිමින්ගෙ හිත් වශීකරගන්න රූසපුවකට හිමිකම් කියන පංජාබ් ජාතික තරුණියක්. 1981 මැයි 13 වැනිදා කැනඩාවේ දී සික්-පංජාබ් මව්පියන්ට දාව ඉපදුණු ඇය කර්න්ජීත් කෞර් වෝහරාය. ඒ නමින් ඔබ ඇයව දැන නොසිටියද සනී ලියෝන් කියූ සැණින් ඇයව ඔබ නෙතු මානයට පැමිණ ඇයගේ රූසපුව ඔබ ඉදිරියේ දිස්වීම නතර කළ හැකිවෙකු ලොව තුළ නෑ.

2014 වසරේ ගූගල් වලින් වැඩිම පිරිසක් සර්ච් කර ඇත්තේ සනී ලියෝන්වයි. ජිසම්-2, ජැක්පොච්, රාගිනී එම්.එස්.එස්-2 ඇය රඟපා ඇති සිනමාපට වන අතර සනී රංගනයෙන් දායක වුණු අලුත්ම සිනමාපටය තේරා ඉන්තසාර් සිනමාපටය වේ.
රාජ් අෂුගේ සප්ත ස්වරයෙන් හැඩගැන්වී ඇති තේරා ඉන්තසාර් සිනමාපටයෙහි ප්‍රධාන නළුවාගේ භූමිකාවට පණපොවා ඇත්තේ 1967 අගෝස්තු 04 වැනිදා උපත ලද මල්ලිකා අරෝරා ඛාන්ගේ සැමියා සහ සල්මාන් ඛාන්ගේ සොහොයුරෙකු වන අබ්බාස් ඛාන්. නළුවෙක්, නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන අබ්බාස් ඛාන් මල්ලිකා අරෝරා ඛාන් සමඟ 1998 දී විවාහ වී ඇති අතර 2017 දී දික්කසාද වී ඇත. මෙන්න මේ සිනමාපටවලත් අබ්බාස් ඛාන්ගේ රංගනයෙන් හැඩවෙලා තියෙනවා. Daraar – 1996, Pyaar Kiya to Darna Kya – 1998, Pride and Honour – 2004. Helo Brother – 1999, Maa thujse Salaam, Yeh mohabbath Hai – 2002, Fashion – 2008, The Stoneman Murders – 2009, Jai Veern, Kisaan, Prem Kaa game, Dabangg – 2010, Ready – 2011, Dabangg-2 – 2012 

තේරා ඉන්තසාර් සිනමාපටයෙහි ඇති සිත් ඇදගන්නා ගීතවල පද ගලපලා තියෙන්නෙ ශබ්බීර් අහමඩ් විසින්. රාජ් ආශු විසින් සප්ත ස්වරය මුසුකරලා තියෙන ගීතවලට ශ්‍රියා ඝෝෂාල්, ස්වාතී ශර්මා, අර්මාන් මලික්, පායල් දේව්, කනිකා කපූර්, උස්තාද් අහමඩ් හුසේන්, උස්තාද් මොහොමද් හුසේන්, රාජා හසාන්, ජාවේද් අලි, පලක් මුච්චල් කියන ජනප්‍රිය ගායක ගායිකාවන් ඔවුන්ගේ සුමියුරැ හඬ මුසුකරලා තේරා ඉන්තසාර් සිනමාපටයෙහි සුන්දරත්වය තවත් සුන්දර කර තියෙනවා.

Translation — Chandana waravitage