2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

Silk Road Culture Tour – Code of Love

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කළ චිත්‍ර හා සංස්කෘතික ප්‍රදර්ශනයක් කොළඹ ටොරින්ටන් හි පිහිටි චීන - ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත් වුණා. 

“Silk Road Culture Tour – Code of Love” ලෙස නම් කර තිබූ මෙහි විශේෂත්වය වන්නේ චීනයේ ෂන්හායි පළාතේ වෙසෙන චිත්‍ර ශිල්පිනියන් විසින් අඳින ලද චිත්‍ර මේ සඳහා ඉදිරිපත් කොට තිබීමයි. මෙයට අමතරව ඔවුන් විසින් චීන ශ්‍රී ලංකා සංස්කෘතියට ගැලපෙන ලෙස විශේෂයෙන් නිර්මාණය කරන ලද කාන්තා ගවුම් විලාසිතා කීපයක්ද එළිදැක්වුණා. මෙරට වෙසෙන චීන ජාතිකයන් ද ශ්‍රී ලාංකික කලාකාමීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා. 
එහි අවස්ථාවන්වලින් අද අපේ event of the week පිටුව මෙලෙස හැඩවෙනවා. 

► Text & Pic by – Romesh Dhanushka Silva