2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

කේබල් එකක් දිගේ රූන් ගහලා පහළට

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 196

කිතුල්ගල ගියොත් ගිහින් එන්න නියම තැනක්

මතකයි නේද ගිය ඉරිදා අපි ඔයාව හිත හිරි වට්ටන සීතල මැද්දෙන් නකල්ස් කඳු යායෙන් යායට එක්ක ගියා. ඒ සීතලේ මතකයත් වින්දනීයයි. සීතලට, මහ වැස්සට, හිත කිති කවන සුළඟට හිත කොච්චර ආදරේ වුණත්, ගඟක ඇලක දොලක බැහැලා අයිස් තරම් සීතල වතුරෙ සුව විඳින්න කොච්චර ආසා වුණත් වතුර එක්ක හැම දැඟලිල්කදීම හිත ටිකක් ගැස්සෙනවා නේද? පුංචි බයක් හිතට එනවා නේද? ඒ අපිට.. ඒත් පුරුදුකාරයන්ටනම් ඇලක දොලක ගඟක විතරක් නෙවෙයි මහ මුහුදෙත් වතුර එක්ක ඕන දැඟලිල්ලක් ඔට්ටුයි... මතකද දවසක්දා අපි ඔයාව කිතුල්ගල TEAM 39 එක්ක WATER RAFTING එක්ක ගියා... කැනියොනින් එක්ක ගියා.... රවීගේ TEAM 39 එක්ක බයක් නැතුව කැලණි ගඟේ මේ ඕන සෙල්ලකමකට යන්න පුළුවන්. විධිමත්ව ඒ හැමදේකටම අදාළ පුහුණුව ලබපු මධුෂ්, වාසනා ඇතුළු TEAM එකක්ම රවී එක්ක ඉන්න නිසා. TEAM 39 එක්ක අද අපි ඔයාව එක්ක යන්න හදන්නේ WATER RAFTING වත් කැනියොනින්වත් නෙවෙයි... TEAM 39 එක්ක WATER RAFTING ගිහින් කැනියොනින් ගිහින් සරලව කියනවනම් ගඟ දිගේ රූටමින් පනිමින් උඩ ඉඳන් පහලට යමින් විඳින අත්දැකීම් අතරට තවත් අලුත්ම අත්දැකීමක් එක්කරන්න ඔන්න රවී දැන් සූදානම්.. 

එකවරම හිත ටිකක් ගැස්සුනත් ඒ බය එකවරක් ඒ අත්දැකීම විඳගත්තට පස්සෙ නැතිවෙලා යනවා. කේබල් එකක් දිගේ පහලට රූන් ගාලා එල්ලිලා යන්න තමා ඔයාට තියන්නේ. කේබල් එක වගේම ඒ කේබල් එකට ඔයාව සම්බන්ධ කරන උපකරණත් ඉහළම ප්‍රමිතියකින් යුත් උපකරණ නිසාත්, ඒ වගේම ඔයාව කේබල් එකේ ලිස්සලා යද්දී කිසිම හේතුවක් උඩ ඔයාව බිම නොවැටෙන්න ආධාර කිහිපයකින්ම කේබල් එකට සම්බන්ධ කරන නිසාත් ආරක්ෂාව ගැන මොහොතකටවත් වද නොවී ඔයාට ඇහිපිය ගහන වේගයෙන් කේබල් එක දිගේ උඩ ඉඳන් පල්ලෙහාට යන්න පුළුවන්. FLYER එකක නැත්නම් කේබල් කාර් එකක යනවට වඩා මේ අත්දැකීම හුඟක් වෙනස්... පාඩුවේ සැපපහසුවට ඉඳගෙන වටපිටාව බල බල යන්න බෑ.. කකුල් දෙක ඉස්සරහට දිගු කරගෙන BALANCE එකේ යන්න ඕන... හැබැයි ROLER COASTER එකක යද්දී අපි ඉන්න ආසනයේ මැදින්  යකඩ බටයක් හරහට දාලා ආරක්ෂාව තහවුරු කරලා තිබුණත්  TRACK දෙකක් දිගේ ඔළුවත් පහළට හැරවෙන්න යන වේගයේදී හිතට දැනෙන බය තරම් බයක්නම් කේබල් එක දිගේ පහළට රූරා වැටෙද්දී දැනෙන්නෙ නෑ.... මොකෝ කියන්නේ? ඔයත් යන්න එනවද රවීගේ කේබල් එක දිගේ උඩ ඉඳන් පහලට කිතුල්ගලින් ගලා යන කැලණි ගඟ ළඟට එනකම් ගඟේ ලස්සනත් බලලම එන්න. කිතුල්ගල ගියොත් WATER RAFTING යන්න හිතුණත් ඒත් එක්ක තවත් අත්දැකීම් හුඟක් විඳගන්න ඔයාට පුළුවන් TEAM 39 එක්ක. විශ්වසනීය ආරක්‍ෂිත ඒ වගේම මිත්‍රශීලී සේවාවක් එක්ක ඔයාට ගෙවන මුදලට වඩා කීප ගුණයකින්ම වැඩි වටිනාකමක් දෙන වින්දනීය අත්දැකීම් ගොන්නක්ම දෙන්න TEAM 39 ඕන වෙලාවක ok.

ඉතින් ලෑස්තිවෙලා ඉන්න එන ඉරිදාත් walk 111 එක්ක අපි කොහේ හරි ගිහින් එමු.

► Text -Saara / Pic-  Channa Kassapa Koralearachchi