2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මරණයක් - පොලීසියක් - ලේඛකයෙක් - මායාවක්

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

දේව් කියන්නේ නීති ගරුක පොලිස් නිලධාරියෙක්. මෙන්න මේ දේව්ට එක විට සිද්ධ වෙලාතියෙන ද්විත්ව ඝාතනයක් ගැන පරීක්ෂණ රාජකාරියක් කරන්න සිද්ධ වෙනවා. මේ ඛේදවාචකයට සාක්ෂිකරුවන් වෙන්නේ විචාරකයෙක් සහ ලේඛකයෙක් වන වික‍්‍රම් සහ ගෘහණියක් වන මායායි. සත්‍ය සොයා ගැනීමට වෙර දරන පොලිස් නිලධාරියෙක් ගැන කියැවෙන මෙන්න මේ කතාවේ ඉතුරු ටික දැනගන්න නම් අපිට තව දවස් කිහිපයක් බලන් ඉන්න වෙනවා. රුපියල් කෝටි 20ක් වියදම කරලා රෙඩ් චිලි ආයතනය සහ ධර්මා ප‍්‍රඩක්ෂන් ආයතනය එකතුවෙලා තමයි හදලා තියෙන්නෙ.

මේ සිනමා පටයේ නම ඉෆ්තෙෆාක්. මේ කතාව යාෂ් චොප්රාගේ ඉෆ්තෙෆාක් ඇසුරෙන් තමයි හදලා තියෙන්නේ. මිනිත්තු 106ක  කාල සීමාවක් පුරා දිව යන මේ සිනමාපටය සංගීතවත් කරලා තියෙන්නේ බීටී සහ ටනිෂ්ක් බාග්චි විසිනුයි. අභය චොප්රා විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන මේ ඉෆ්තෙෆාක් සිනමා පටය නිෂ්පාදනය කරලා තියෙන්නේ ශාරුක් ඛාන්, කරන් ජෝහර්, ගෞරි ඛාන්, රේනු රවි චොප්රා, සහ හිරූ යාශ් චොප්රා විසිනුයි. ඒ වගේම මේ ඉෆ්තෙෆාක් සිනමාපටයෙහි තිර රචනය අභය චොප්රා විසින් සිදු කරලා තියෙන අතර මේ සිනමා පටයේ දෙබස් අභය චොප්රා, ශෙවාස් ජේන් සහ නිඛිල් මල්හෝත‍්‍රා විසින් සිදු කරලා තියෙනවා.

මේ සිනමාපටයෙහි වික‍්‍රම් සෙතිගේ චරිතයට පණ පොවන්නේ ඔබ සැවොම දන්න කඩවසම් නළුවෙක්. 1985 ජනවාරි 16 වැනිදා ඉන්දියාවේ දිල්ලිවලදී ඉපදුණු මේ තරුණ නළුවා 2010දී කරන් ජෝහර්ගේ මයි නේම් ඉස් ඛාන් සිනමාපටයෙහි සහාය අධ්‍යකෂවරයෙක් ලෙසින් සිනමවට සම්බන්ධ වී ඇති අතර 2012 වසරෙදී ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් සිනමාපටය හරහා නළුවෙක් ලෙසින් අත් පොත් තැබුවේත් කරන් ජෝහාර්ගේ සිනමාපටයකින්. ඔහු 2012 වසරේදී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය සඳහා ද නිර්දේශ වුණා. මෙන්න මේ සිනමාපටවලත් ඔහු තමන්ගේ හැකියාවන් දකෂතාවයන් පෙන්නුවා. මේ නළුවගේ නම සිද්ධාර්ත් මල්හෝත‍්‍රා 
Student of the Year (2012), Hasee Toh Phasee -  2014 , Ek Villain (2014) , Kapoor & Sons (2016) Brothers 2015 Baar Baar Dekho 2016

මේ සිනමාපටයේ පොලිස් නිලධාරියා දේව් විදියට චරිතය නිරූපණය කරන්නේ 1975 මාර්තු 28 වැනිදා ඉන්දියාවේ මහාරාස්ට‍්‍රා මුම්බායිවලදී ඉපැදුණු නළුවෙක්. මොහුගේ පියා ජනප‍්‍රිය නළුවෙක් වන විනෝද් ඛන්නා වන අතර මව ගීතාංජලි ඛන්නා. ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු සම්මාන උළෙල කිහිපයකින්ම සම්මානයට පාත‍්‍ර වී ඇති මොහු ආක්ෂය ඛන්නා. මෙන්න මේ සිනමාපටයන් ගැන කිව්වමනම් ඔබට ඔහු කිසි විටෙකත් අමතක වෙන්න විදිහක් නෑ.
1997 Himalay Putra, Border (1997),  Mohabbat (1997), Kudrat (1998), Laawaris (1999), Love You Hamesha (1999)  Dahek (1999).1999, Aa Ab Laut Chalen; 2001,  Dil Chahta Hai. 2002, Humraaz; Hulchul (2004) Shaadi Se Pehle (2006), Aap Ki Khatir (2006),[8] Salaam-e-Ishq: A Tribute to Love (2007), Mere Baap Pehle Aap (2008), Gandhi, My Father (2007)[ Naqaab (2007) ] 2008  Race. 
2012, Gali Gali Chor Hai, 2016, Dishoom

ඊළඟට ඔයාලට කියන්න යන්නේ ඉෆ්තෙෆාක් සිනමාපටයේ මායාගේ චරිතයට පණපොවන ඒ සුරූපිනිය ගැනයි. අඩි හය හතක් උස මේ කෙල්ලගේ හිනාවනම් මේ කෙල්ලගේ රූ සපුවත් පරදවනවා. 1987 ජුනි 02 වැනිදා ඉන්දියාවේ මුම්බායිහිදි උපත ලද මේ කෙල්ල උපාධිධාරිනියක්. මෙයා නිළියක් වගේම ගායිකාවක්. මෙයාගේ තාත්තත් හින්දි සින්මාවේ ජනප‍්‍රිය නළුවෙක්. ඔහුගේ නම ශත්තෘගන් සිංහා. මව පූනම්. 2010 දී ඇය තම රංගනය ඉදිරිපත් කළ පළමු සිමාපටය වන දබාංග් සිනමා පටය සඳහා සෝනක්ෂී සිංහා කියන මේ නිළිය හොඳම නැගී එන නිළිය ලෙසින් සම්මානයටත් පාත‍්‍ර වුණා. 

Dabangg(2010),  Rowdy Rathore (2012), Son of Sardaar (2012), Dabangg 2 (2012)  Holiday: A Soldier Is Never Off Duty (2014),  Lootera (2013), Tevar (2015). මේ ඇය රඟපෑ චිත්‍රපට
ඉෆ්තෙෆාක් සිනමාපටයෙහි සුමිහිරිභාවය වැඩි කරන්න එහි තියෙන ඉතා සුන්දර ගීපද වලට පණ පොවලා තියෙන්නේ ජුබින් නවුටිව්වාල්. නිඛිතා ගාංධි, අර්මාන් මලික්, ශ‍්‍රියා ඝෝෂල්, අර්ජිත් සිං, සුනිධි චෞහාන්, බාද්ශාහ, අන්මෝල් මලික්, ශාන්, සහ තුෂාර් ජෝශි යන ගායක ගායිකාවන් විසිනුයි. තව මේ සිනමාපටයෙහි විශාල් දඩ්ලානි එක්ක සෝනක්ෂි සිංහත් ගීතයක් ගායනා කරලා තියෙනවා. ඉතාම රසවත් මේ චිත්‍රපටය අනිවාර් යෙන්ම අලෙවි වාර්තා තබන චිත්‍රපටයක් බවටත් අනාවැකි කිව හැකියි. මේ සිනමාපටය ළඟදීම නරඹන්න ඔන්න ඔබටත් හැකියාව තියෙනවා.

► Translation — Chandana waravitage