2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

මම අාශ්‍රය කළේම කාෙල්ලෝ

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 252

මේ දවස්වල පියුමිගේ හොඳම කාලය වගෙයි...?
ඔව්නේ... ඔව්නේ... මේ දවස්වල මම රඟපාන ටෙලි නාට්‍ය පහක් විකාශනය වෙනවා. ඉතින් ටෙලි නාට්‍ය පහේම ෂූටිං එහෙමත් තියෙනවා. “මේ මමයි, “මල් හතයි, “මෙඩි නිසා, “පැහැසරා කියන නාට්‍යවල මම මේ දවස්වල එක දිගට ෂූටිං.

වැඩියෙන්ම පියුමිව බොහෝ දෙනා හඳුනාගත්තේ කෑ ගහන, විහිළු කරන, දඟලන චරිතයක් විදිහටනේ. ඇත්ත ජීවිතෙත් ඔය වගේ දඟලන, කෑ ගහන කෙනෙක්ද...?
මට ඉතින් අයියලා තුන්දෙනෙක්. පුංචි කාලේ ඉඳන් මම ඒ තුන්දෙනත් එක්ක හැඳුනේ කොල්ලෙක් වගෙයි. සමහරදාට අම්මා පවා කියනවා අම්මට පුත්තුම හතර දෙනෙක් කියලා. ගෙදර ඉද්දීත් මම තුන්දෙනා එක්ක කෑ ගහලා දඟලලා තමයි හිටියේ. අහල පහළ අය මම ගෙදර ඉන්නකොට දන්නවා. ඒ තරමට ගෙදර ඉන්න දවස්වල මම කෑ ගහනවා. සින්දු කියනවා. දඟලනවා. මම ජීවිතේ කිසිම දෙයක් ලොකුවට හිතාගෙන ඉන්න චරිතයක් නෙමේ. ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්න දහා බලලා ලොකුවට දුක්වෙන, අඬන චරිතයකුත් නෙමේ. මම හරිම සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරන කෙනෙක්.

පියුමි ඉගෙනගත්ත ඉස්කෝලවලත් ඔගේ වගේ කෑ ගහන චරිතයක් කියලයි ආරංචිය...?
එහෙමද... එහෙම ආරංචි වුණාද...? හැබැයි ඒ කතාවනම් ඇත්ත. මම ඉස්කෝල තුනකින් ඉගෙන ගත්තා. මුලින්ම මම ඉගෙන ගත්තේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ. ඊට පස්සේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කොළඹ ගෝතමී බාලිකාවෙන් ඉගෙන ගත්තා. ඉස්කෝලේදීනම් මම හරියට කොල්ලෙක් වගේ. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යායෙයි දෙකම මිශ්‍ර පාසලක්. ඉතින් මට වැඩිපුරම හිටියේ කොල්ලෝ යාළුවෝ තමයි. මම ආශ්‍රය කළේම කොල්ලෝ. මම කෙල්ලෝ ආශ්‍රය කළේම නැහැ. ගෝතමී විද්‍යාලයට ආවට පස්සේ තමයි මම යාළුවො විදියට කෙල්ලෝ ආශ්‍රය කළේ. පුංචි කාලේ ඉඳන්ම මම කොටටම කොණ්ඩය කැපුවා. O/L පන්තියට ආවට පස්සේ තමයි මම කොණ්ඩේ වවන්න පවා පටන් ගත්තේ.

පියුමිගේ ජීවිතේම දැන් මල් හතයි නේද...?
ඕ... ඔව්... ජීවිතේ හොඳයි. සතුටුයි. මායි සුනෙතුයි සතුටින් ජීවන් වෙනවා. එයා මගේ රැකියාව තේරුම් අරගෙන ඉන්නවා. මම එයාගේ රැකියාව තේරුම් අරගෙන ඉන්නවා. සමහර වෙලාවට දෙන්නම ගොඩාක් කාර්යයබහුල වෙන වෙලාවෙල් තියෙනවා. ඒත්... කවදාවත් සුනෙත් මට “දැන් රඟපෑවා ඇති - ගෙදර නවතින්න කියලා කවදාවත් කියන්නේ නෑ. එයා මට මගේ වැඩවලට පවා උදවු කරනවා. ඉතින් අපි දෙන්නට විවේකයක් එහෙම ලැබුණාම ඔය කොහේ හරි ඇවිදින්න යනවා.

පියුමිගේ ජීවිතේත් මල් හතයි වගේ හිරු එකේ විකාශනය වන මල් හතයි පියුමිට අමතක වෙන්නේ නැතිවැති නේද...?
අනේ... ඔව්... “මල් හතයි ටෙලි නාට්‍යයේ ඒ සෙට්එකට යනකොටත් මට මල් හතයිම තමයි. මාව දැක්ක ගමන් සෙට් එකේම කියන්නේ “ක්‍යා බාත් හේ කියලයි. සෙට් එකේ අයත් මාත් එක්ක දැන් කතා කරන්නේ හින්දි වචන දාලයි. ඇත්තටම මල් හතයි සෙට් එකම හරිම සුන්දර පිරිසක්. අද බොහෝ දෙනා මඟතොටේදී හම්බවුණාමත් මට හින්දි වචන දාලා කතා කරනවා. ඇත්තටම මල් හතයි කණ්ඩයමම මල් හතයිම තමයි.

පසුගිය කාලයේදී පියුමි හරි හරියට නැටුවනේ... අන්තිමේදී ජයග්‍රහණය ලබා ගත්තා. ඉස්කෝලේදීත් ඔහොම නැටුවද...?
මෙහෙමයි... මම ඉස්කෝලේදී ඕලෙවල්වලට කළේ නැටුම් තමයි. හැබැයි ඉස්කෝලේදී මම නැටුම් පීරියඩ් එකේ කළේම අයිස් තමයි. මම හරිම අකමැති දෙයක් තමයි සපත්තු ගලවනඑක. ඉස්කෝලෙදී මම ඇඳුම් පැළඳුම් හරි පිළිවෙළට තියා ගන්නවා. ඉතින් මම සපත්තු ගලවන්න අකමැතියි. ඒ නිසා නැටුම් පීරියඩ් එකේදී නැටුම්වලට මම යන්න හරි කම්මැලියි. කොහොම හරි මේ වැඩසටහනට මට කතා කරද්දී මම ආසාවෙන් බාර ගත්තා. මාත් මට පුළුවන් උපරිමයෙන් පුරුදු පුහුණු වුණා. නැටුවා... අන්තිමට අපේ කණ්ඩායම ජයග්‍රහණය කළා.

පියුමි... මේ ඔයාගේ ජීවිතේ හොඳම කාලයයි... කවුරු හරි එහෙම කිව්වොත්...?
ම්... මාත් ඒක හිතනවා... මම මේ දවස්වල වෙනස්ම චරිත කීපයක් කරනවා. ඒවා එකිනෙකට වෙනස් චරිත. මල් හතයි, මෙඩි සිනා චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි “මේ මමයි කියන ටෙලි නාට්‍යය. ඒකට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි පැහැසරා කියලා කියන්නේ. ඉතින් මේ හැම නිර්මාණයක්ම එකිනෙක වෙනස්. ඉතින් සතුටුයි...

► Text -Jayamali / Pic- Internet