2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

පාට පාට වතුර විදින සුන්දර උද්‍යානය

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 206

අපි RELAX. එයා BUSY. එයා කීවේ ඇයට. ඇය කීවේ දියත උද්‍යාන කුමරියට. හැන්දෑවට එයා හරිම BUSY. ඒත් මේ ඉරිදා අපි ඔයත් එක්ක යන්නෙ එයාව බලන්න. ඔයා ඉන්නෙ කොළඹ නම් අද walk 111 අපිත් එක්ක ඔයා අද යන්නෙ ඔයා හුඟක් හුරුපුරුදු තැනකට. ඒත් ඇවිදින්න කොළඹ එන කෙනෙකුට නිවාඩුවකට කොළඹ ඉන්න නෑදෑයෙක්ගෙ ගෙදරට යාළුවෙක්ගෙ ගෙදරට ආව කෙනෙක්ට නිදහසේ විවේකයෙන් කාලය ගෙවන්න, නිවීහැනහිල්ලේ යාළුවෙක් එක්ක පොඩි CHAT එකක් දාගෙන ඉන්න පුළුවන් තැනකට, නැත්නම් යාළුවොත් එක්ක FIT එකේ ඉන්න පුළුවන් තැනකට. GIRL FRIEND, BOY FRIEND එක්ක නිදහසේ ඉන්න පුළුවන් තැනකට FAMILY එකත් එක්ක ගිහින් හොඳට ENJOY කරන්න පුළුවන් තැනකට  ඔයා එක්ක යන්න ඕන කියලා අපි හිතුවා... යමුද ඔයත් අපිත් එක්ක දියත PARK....

රාජගිරියේ ඉඳන් එනකොට හමුවෙන නිල් පාට පාලම, පොල්දූව පාලම පහුකරද්දිම පාර දෙපැත්තට බෙදෙනවා. එක පාරක්  පාර්ලිමේන්තුව දෙසට, අනිත් පාර බත්තරමුල්ල දෙසට. බත්තරමුල්ල දෙසට විහිදෙන පාරේ පාලම ඉවරවෙනවත් එක්කම තමා දියත උද්‍යානය හමුවෙන්නෙ. එන හැම අමුත්තෙක්ම පිළිගන්න යන තැනම තියෙන්නෙ තට්ටු තට්ටු වෙන්න හැදුණ ලස්සන දිය පොකුණක්. අහස සිඹින්න තරම් උඩකට නොවිහිදුණත් ඒ පොකුණෙන් ඉහළ නගින වතුර මල හුඟක් ලස්සනයි. ඔයාට මතකනම් අද දියත PARK තියෙන මෙතන මුලින්ම තිබුණේ මඩ වගුරක්. ඒ මඩ වගුර මේ තරම් ලස්සන උද්‍යානයක් කළේ කොළඹ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.

ඇවිදින්න, ලස්සන විඳින්න, නිදහසේ හැන්දෑවක් ගත කරන්න වගේම පොඩි SHOPPING TOUR එකකටත් දියත උද්‍යානය කදිම තැනක්. අපි SHOPPING කරනවා කියන්නෙ BUISNESS කරන අයටත් දවස ෂා වෙනවා කියන එකනෙ. දියත උද්‍යානය ඇත්තටම විශේෂයෙන්ම සුළු පරිමාණයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිටපු හුඟ දෙනෙකුට ලොකු අත්වැලක් වුණා. එක එක දවසට එක එක දේවල් මෙහි විකුණන්න තියෙනවා. ඇඳුම් පළතුරු, මල් පිපෙන සහ නොපිපෙන විසිතුරු පැළ වර්ග ආදී හුඟක් දේවල් මෙහි විකුණන්න තියෙනවා. කොළඹම ඉන්න අය වගේම කොළඹට එන අයත් හුඟ දෙනෙක් දියත උද්‍යානයට ඇවිදින්න එනවා. විශේෂයෙන් සති අන්තයේදි පොඩි SHOPPING පාරක් දාලා කාලා බීලා නිදහසේ ඉඳලා යන්න එනවා. හුඟක් අය විසිතුරු පැළ වගේම පළතුරු පැළත් අරන් යනවා. පුංචි දඟයන්ට හිතේ හැටියට සෙල්ලම් කරන්න, ඔන්චිලි පදින්න පුංචි උද්‍යානයක් වගේම ලස්සන AQUARIAM එකකුත් මෙහි තියෙනවා. ඒ වගේම හිතුණ හිතුණ දෙයක් කන්න පුළුවන් කියලා හිතෙන තරමට කෑම වර්ග ගොඩගහපු FOOD AREA එකකුත් තියෙනවා. ඒ ඉසව්වටනම් ගොඩවෙද්දීම නැහැපුඬු සිඹගන්නෙ කෝපි සුවඳ සහ කෑම සුවඳ.

PLATE එකකට දෙන කෑම එක අරන් ගිහින් කතා කර කර ENJOY කරන ගමන් නිදහසේ කන්න වෙනමම අලංකාර සිමෙන්ති මේස සහ පුටු පිරුණු උද්‍යානය හවසට හිස් නොවෙන සති අන්තයක් නැති තරම්. ඒ වගේම හුඟක් අය PRE SHOOT වලට වගේම WEDDING PHOTO ගන්නත් දියත උද්‍යානයට එනවා. ඒ වගේම ඇඟ වැඩි කට්ටිය, ඇඟ හැඩ කරගන්න කැමති කට්ටිය, උදේට හවසට ඇවිදින්න ව්‍යායාම කරන්න දියත උද්‍යානයේ JOGGING PATH එනවා. කොළ පාටට දිලිසෙන හිත නිවන පරිසරයක සුදු වැලි විසුල මාවත් මැද්දෙන් ඉදිවුණු ඒ JOGGING PATH එකේ උදේ හවස ඇවිදින්න ඇත්තටම දැනෙන්නෙ ප්‍රිය හැඟීමක්. දියත උද්‍යානයේ එක සීමාවක් වෙන්නෙ දියවන්නා වැවයි. වැස්ස දවසට ඒ වැවේ වතුර උද්‍යානයේ කෙළවරින් දිවෙන පාර මට්ටමටම එනවා. හැන්දෑවට ඉර බැහැගෙන යද්දී ඒ වතුර රන් කෙන්ඳෙන් හැඩ දැමූ චංචල සිතුවමක් වගේ. රාත්‍රියට මුළු උද්‍යානයම අලංකාරවත් වෙන්නෙ නොයෙක් පැහැයෙන් දිලිසෙන විදුලි බුබුළුවලින් නික්මෙන ආලෝක ධාරාවන්ගෙන්. දවසක ඔයත් ඔයා ආදරේ කරන කෙනෙක් එක්ක දියත PARK යන්න. ගිහින් හැන්දෑවක් ගත කරලා එන්න. එන සතියෙත් අපි යමු කොහේ හරි හිත මිතුරු හිතත් තුරුලු කරගෙන ඇවිදලා එන්න.

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi