2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

බාෙත්තම ඔබපු ගමන් බෝතලයක් අාවා බාෙන්න තියා කටේ තියන්න බෑ...

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

චන්දන ලියනාරච්චි කියන්නෙත් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කලාකරුවෙක්නෙ. ලංකාවේ විතරක් නෙමේ, පිටරටවලදිත් පවත්වන ප්‍රසංගවලට චන්දනටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින්... එහෙම ඉල්ලුම තියෙන එකේ චන්දනටත් ප්‍රසංග වේදිකාවේ අමතක නොවුණු අපූරු සිදුවීම් එහෙමත් වෙලා තියෙනවා. බලමුද ඒ මොනවද කියලා...

මේ සිදුවීම වෙලා තියෙන්නෙ කිරිබත්ගොඩ තිබුණු එක්තරා ප්‍රසංගයකදි. ඔන්න ඉතින් සුපුරුදු පරිදි චන්දනත් වෙනදා යන විදිහටම එයාගෙ යාළුවෝ දෙන්නෙක් එක්ක ප්‍රසංගය තියෙන තැනට ගිහින් තියෙනවා. යද්දි ප්‍රසංගයේ ලිස්ට් එකේ ඉස්සරහ කලාකරුවන් කලාකාරියන් කීපදෙනෙක්ම ඉඳලා. චන්දනත් ලිස්ට් එකට නම දාලා එයාගෙ වාහනයටවෙලා ටිකක් ඉඳලා.

සාමාන්‍යයෙන් චන්දන ප්‍රසංගයට අඳින ඇඳුම්, සපත්තු එහෙම දාගන්නෙ වාහනයේ ඉඳන්. ලිස්ට් එක ඉස්සරහ කට්ටියක් හිටපු නිසා චන්දනත් වාහනයට වෙලා පොඩි ඇලට් එකක් දාලා.
චන්දන අයියෙ... චන්දන අයියෙ... අන්න ඔයාගේ නම කියනවා. යමු ඉක්මනට... පොල්ලෙන් ගැහුවා වගේ වාහනයට ඇවිත් චන්දනගේ තනි නොතනියට ආපු සඟයා කියපුවාම චන්දනගේ දොලෝ රත්වෙලා... ඈතින් නිවේදකයා චන්දනගේ නම කියවනවා. ගුණ වර්ණනා දෙනවා.

ගනින්... ඔය ෂර්ට් එක... මේස් ඕනෙ නෑ මල්ලි... ඔන්න ඔය සපත්තු දෙක ගනින්..

චන්දනවත් හරියට මනමාලයෙක්ට අන්දවනවා වගේ අර ආපු සඟයන් දෙන්නව අන්දවලා ස්ටේජ් එකට යවලා.. කොහේ යනවද... සෙනඟ අතරේ වෙලාවට යනවා බොරු. චන්දන නැති නිසා බෑන්ඩ් එකේ කට්ටිය සින්දුව කියන්නත් පටන් අරන්... චන්දනත් ඔන්න තෙරපි තෙරපි ගිහින් සින්දුවට එකතු වුණා. පළවැනි සින්දුව ඉවරයි... දෙවැනි සින්දුව පටන් ගත්තා. ඒත්... චන්දනට මොකක්දෝ වෙනසක් දැනෙනවා. සින්දුව කියන ගමන් බලද්දි තමයි චන්දනට තරු පෙනු‍ණෙ. චන්දන සපත්තු දෙක දාලා තියෙන්නෙ මාරු කරලා. වම දකුණ වෙලා. දකුණ වම වෙලා. හරියට තාරාවෙක් වගේ... මොනවා කරන්නද... සින්දු ටික කියලා බහිනකම් චන්දන ස්ටේජ් එකේ ඉඳලා තියෙන්නෙ වම දකුණට දාලයි.

ගනින්... ඔය ෂර්ට් එක... මේස් ඕනෙ නෑ මල්ලි... ඔන්න ඔය සපත්තු දෙක ගනින්..

මේ සිදුවීම වෙලා තියෙන්නෙ චන්දනගේ එක්තරා ආසාවක් නිසාමයි. චන්දන කලාකරුවෙක් වගේම ක්‍රිකට් ලෝලියෙක්. තේරෙන භාෂාවෙන් කියනවනම් ක්‍රිකට් පිස්සෙක්. ලංකාවේ ටීම් එක සෙල්ලම් කරනවනම් චන්දන කොහොමහරි බලනවා. 

ඔන්න චන්දනට මතක තියෙන හැටියට නම් මේ සිදුවීම වෙලා තියෙන්න ගියපාර world cup මැච් එක දවසෙ. ඒ දවසෙත් චන්දනට හලාවතටත් එහා පුත්තලම් ප්‍රදේශයක ප්‍රසංගයක් තිබිලා. චන්දනට මැච් එක බලන්නෙ නැතිව යන්න ලෝබයි. ප්‍රසංගයට පොලු තියන්නත් බෑ. චන්දන මැච් එක ඉවරවෙනකම් ගෙදර ඉඳන් බලලා. කොහොමහරි මැච් එක ඉවරවෙද්දි පාන්දර එකට විතර ඇති. මැච් එක ඉවරවුණු ගමන් වාහනයෙන් ප්‍රසංගය තියෙන තැනට ගිහින්. ඔන්න ඒ යද්දි ප්‍රසංගය ඉවරවෙලා. කට්ටිය ජාතික ගීය වාදනය කරන්න හැදුවා විතරයි... කවුදෝ කෙනෙක් චන්දනව දැකලා. කොහොමහරි පාන්දර ජාතික ගීය ගායනා කරන එක නතර කරලා චන්දන වේදිකාවට නැඟලා සින්දු තුනක්නම් ගායනා කරලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින්... ප්‍රසංගයකට එනවා කියලා බොරු පොරොන්දු දෙන කලාකරුවන් අතරට චන්දනත් එකතු වෙන්න ඉඩ තිබුණා...

මැච් එක බලලා රෑ 1.00ට ප්‍රසංගෙට යද්දි ප්‍රසංගෙ ඉවරයි

දවසක් චන්දනට පිටරටකදි වෙච්ච සිදුවීමක් චන්දන මෙන්න මේ විදිහට තමයි ආයෙත් මතක් කළේ. මේ සිදුවීම වෙලා තියෙන්නෙ සයිප්‍රස් ගිය ගමනෙදි. සයිප්‍රස් ගිහින් ෂෝ එකක් නැති දවසක චන්දනත් තවත් සගයෙකුත් ඒ රටේ ඇවිදලා. එක්තරා නගරයක මැෂින්වලින් ගන්න පුළුවන් බීම වර්ග පේළියක් තිබිලා තියෙනවා. ඒ ළඟම තිබුණු බෝඩ් එකේ නම් ලිස්ට් එකකුයි අදාළ මිල ගණනුයි සඳහන් වෙලා තියෙනවා. චන්දනත් ඔය මැෂින් ළඟ නතර වෙලා.
බොමුද මොනවාහරි...

බොමු... ඒත් මොනවද...
දෙන්නටම තිබිලා තියෙන කුතුහලය තමයි මොනවද බොන්නෙ කියලා. අතේ තිබුණු කාසිවල හැටියට ලොකු ගණන් යන්නත් බැහැ. ඉතින්... චන්දනට ප්‍රශ්නයක්..
ඔන්න.. ඔහේ දිගට නම තියෙන බීම එකක් බොමු...

දෙන්නම අතේ තියෙන කාසි ටික දාලා දිගම නම තියෙන බොත්තම ඔබලා.. ඔන්න ඉතින් දෙන්නටම බීම දෙකක් නම් ලැබිලා. ඔන්න ඉතින් දෙන්නත් එක්ක කටත් හදාගෙන බීම එක බොන්න ගත්තා කියමුකො... උගුරක්වත් බොන්න තියා හිතන්නවත් බෑ... සල්ලිවලට බීම අරගෙන අන්තිමට දෙන්නම බීම එක විසිකරලා ඇවිදින එක පැත්තකින් තියලා එන්න ඇවිත්. අදටත් චන්දන හොයලා බලනවා එච්චර වියදම් කරලා බොන්න බැරිවුණු අර දිග නම තියෙන බීම එක මොකක්ද කියලා... ඒත්... තාම හොයාගන්න විදිහක් නෑ...

( ආයෙත් දවසක තවත් කතා අහුරක් අරන් එන්නම්...)

► Text -Dishani / Pic- Internet