2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මුහුද අද්දර කුරුලු හෝටලය

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

තංගල්ල වෙරළේ නවතින්න නියම තැනක්

VILLA TANGALLE LAGOON

මදුනාගලින් උණුවතුර නාලා සුළඟ ඇවිත්  සින්දු කියන චන්ද්‍රිකා  වැව් තාවුල්ලේ හැන්දෑව ගත කරලා එදා රැ අපි නවතින්න ආවේ තංගල්ල මුහුදු තීරයේ තියෙන ලස්සන විලාවකට. සිඳු රැල්ලෙ හැපීගෙන උඩ විසිවෙවී එන සුළඟේ සිහිලස වගේම ලස්සන මුහුදු වෙරළක අසිරිමත් බවත් හිතේ හැටියට විඳගන්න පුළුවන් තැනක තමා අපි තංගල්ලේ ගිහින් නැවතුණ මේ අපූරු හෝටලය පිහිටලා තිබුණේ. VILLA TANGALLE LAGOON ඒ තමා අපි නවාතැන් ගත් හෝටලය. එක් එක් විදිහේ විලාවන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මේ හෝටලයේ තියෙනවා. පවුලක් පිටින් නවතින්න ආවොත් පුංචි සාලයක් මුළුතැන්ගෙයක් කාමර දෙකක් PRIVATE POOL එකක් ඇතුළු පහසුකම් රැසකින් යුත් විශාල ප්‍රමාණයේ විලාවන් වගේම මධුසමය ගතකරන්න එන ආදරවන්තයන් වෙනුවෙන්ම වෙන්වුණු විලාවන් ඇතුළුව කිහිප විදිහක විලාවන් VILLA TANGALLE LAGOON හි තියෙනවා. PRIVATE POOL එක සහිත මධු සාමය ගත කරන්න එන ආදරවන්තයන් වෙනුවෙන් වෙන්වුණු විලාවේ නිදන කාමරයත් එක්කම වගේ POOL එකත් ඉදිකරලා තියෙනවා.

රාත්‍රී අඳුර ගලා එන මොහොතකදී අපි නවාතැන්ගත් විලාවට යාබදව පිහිටි පිහිණුම් තටාකයට අපි බැස්සේ අඳුරත් එක්ක සීතල වෙන වතුරේ සනීපය විඳගන්න. වතුරෙ ගිලීගෙන ඉද්දී, පිහිනද්දී වතුරෙ දැනෙන උණුසුම වතුරෙන් තත්ත්පරයකට හෝ නැවත හිස ඔසවද්දී දැනෙන්නෙ නෑ. ඒ වෙනුවට දැනෙන්නේ දරාගන්න බැරි තරම් සීතලක්. පිහිණුම් තටාකයේ නාන ගමන් අපි ස්ට්‍රෝබරි රස වයින් රස වින්දේ ඒ සීතල ටිකක් මකා ගන්නත් එක්ක. POTATO CHIPS AND CHEESE එක්ක වයින් නියමෙට හරියනවා. ඒ ඇඟ හිරිවට්ටන සීතලට. පැය දෙකක් විතර රෑ කළුවරත් හිත මිතුරු සල්ලාපයත් එක්ක ගෙවී ගියේ ඒ විදිහට.

අපි ගිය දවසේ හෝටලය පිරී තිබුණේ විදේශීය සංචාරකයන්ගෙන්. රාත්‍රී කෑමට අපි මුහුද දෙසට මුහුණ ලා පිහිටි VILLA TANGALLE LAGOON RESTURANT එකට ගියා. මුහුදෙ සද්දෙ අහන ගමන් මුහුදු සුළඟ විඳින ගමන් තාරකා දිලිසෙන අහස් වියන යට මුහුදේ ලස්සන විඳින ගමන් අපි උණු උණු මුහුදුකෑම වේලක රස බලලා උණුසුම් රස කෝපි කෝප්පයකටත් වග කීවා. VILLA TANGALLE LAGOON උදේට කුරුලු පාරාදීසයක්. විහඟසරින් මුළු හෝටල් භූමියම පිරී යනවා. රාත්‍රියට RESTURANT යද්දී අපිට මඟ දිගට හමුවුණේ පොල්ගස් නගින කකුළුවෝ. උදේ හය වෙන්නත් ඉස්සර අපි මුහුදු වෙරළට ගියේ මුහුදෙ නාන්න. ඒ හරිය හිතේ හැටියට සනීපෙට නා ගන්න පුළුවන් ඉසව්වක්.
තංගල්ල නිවාඩුවක් නවතින්න ගියොත් යන්න හැකි ලස්සනම් තැනකට ඔන්න මේ සතියෙ walk 111 එක්ක අපි ඔයාව එක්ක ගියා. ඊළඟ සතියේ අපි එනවා ඔයාව ඔරු පදින්න එක්ක යන්න. එතකම් අපි එනකම් මඟ බලාගෙන ඉන්න.

(විශේෂ ස්තූතිය : නයන කුමාරට සහ සමීරට)

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi