2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

හිම රටක් Love එකක් Chef කෙනෙක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 85

පේන තෙක් මානයේ තියෙන්නේ සුදුම සුදු පාට හිමෙන් වැසුණු භූමියක්. මේ නගරයේ පිහිටි ගෙවල් දොරවල් කඩ සාප්පු ගහ කොළ විතරක් නෙවෙයි යාන වාහන පවා හිමෙන් වැහිලායි තියෙන්නේ. මේ හිම වැටෙන කාලයේ යුරොපීය රටක සිදුවීමක්. මේ රටේ උමේර් ලතීෆ් චවුහාන් කියන ඉන්දීය ජාතික කඩවසම් තරුණයෙක් ජීවත් වෙනවා. අද අපි ඔයාට කියන්න යන්නේ  මෙන්න මේ තරුණයාගේ කතාව. උමේර් තරු පන්තියේ හොටෙල් එකක ප‍්‍රධාන චෙෆ් විදියටයි සේවය කරන්නේ. පෙම් පලහිලව්වක් නිසාවෙන් රැකියාව අහිමි වෙන උමේර් ආපහු ඉන්දියාවට එනවා. සුපිරි රටක සුපිරි ජීවිතයක් ගෙව්ව උමේර් ඉන්දියාවට ඇවිල්ලා රැකියාවක් හෙව්වත් රැකියාවක් හොයා ගන්න ලැබෙන් නෑ. තමන්ගේ යාළුවෙක් දුන්නු අදහසකට අනුව උමේර් පරණ බස් එකක් අරගෙන අලුත්වැඩියා කරලා ජංගම අවන්හලක් පටන් ගන්නවා. මේ කතාවේ තවත් විස්තර දැන ගන්නනම් තව ටික දවසක් ඉන්නම වෙනවා. වැඩි කාලයක් නම් නෙවෙයි. 2017 ඔක්තෝම්බර් 06 තමයි අන්න ඒ දවස. ඒ දවසට චෙෆ් කියන මෙන්න මේ අලුත්ම හින්දි සිනමාපටය ලොව පුරා ප‍්‍රදර්ශනය අරඹනවා. 2014දී අමෙරිකාවේ තිරගතවුණු චෙෆ් සිනමාපටය අනුසාරයෙන් මේ සිනමාපටය සකස් කරලා තියෙන බව තමයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාජා ක‍්‍රිෂන් මෙනෙන් විසින්. භූෂන් කුමාර්, ක‍්‍රිශන් කුමාර්, රාජා ක‍්‍රිශන් මෙනන්, වික‍්‍රම් මල්හෝත‍්‍රා සහ ජනනි රවිචන්ඩ‍්‍රන් විසින් නිෂ්පාදනය කරලා තියෙන චෙෆ් සිනමාපටය තිර රචනය කරලා තියෙන්නේ රිටේශ් ශාහ සුරේෂ් නයිර් සහ රාජා ක‍්‍රිෂන් මෙනන් විසිනුයි. මෙම සිනමාපටය සඳහා සප්ත ස්වරයන් මුසු කරලා තියෙන්නේ නම් රාහුල් ඩික්සිත් සහ අමාල් මලික්. අන්කුර් තිවාරි, රඝූ ඩික්සිත්, අර්මන් මලික් සහ විශාල් දඩ්ලානි විසින් මේ සිනමාපටයේ ඇති මනරම් ගීතා ගායනා කොට තියෙනවා.

උමේර් ලතීෆ් චවුහාන් විදියට මේ සිනමාපටයෙහි අති විශිෂ්ට ළගන්නා සුළු රංගනයක නිරත වෙන්නේ ඔබ මා දන්නා ජනප‍්‍රිය නළුවෙක්. ඔහුගේ මව සහ බිරිඳ ජනප‍්‍රිය නිළියන්. 1670 අගෝස්තු 16 වැනිදා උපත ලද ඔහු නළුවෙක් විතරක් නෙවෙයි නිෂ්පාදකයෙක්ද වෙනවා. ශෘෘමිලා තාගොර්ගේ පුතා සහ 1991 දී විවාහ වී 2004 දී දික්කසාද වුණු ජනප‍්‍රිය නිළියක් වන අම්රිතා සිංගේ මෙන්ම 2012 දී විවාහ කරගත් ජනප‍්‍රිය නිලි කරීනා කපූර්ගේ සැමියා ඔහුයි. නමින් ඔහු සායිෆ් අලි ඛාන්. 

දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන සායිෆ් තමයි මේ සිනමාපටයෙහි ප‍්‍රධාන නළුවා. ඔහු මෙන්න මේ කියන සිනමාපටවලත් සිදු කළ විශිෂ්ට රංගනය ඔබේ මනස තුළ සටහන්වෙලා නොතිබුණොතින් එය පුදුමයක් වෙනවා.
Parampara (1993), Yeh Dillagi, Main Khiladi Tu Anari (1994). Hum Saath-Saath Hain (1999). Dil Chahta Hai (2001) Kal Ho Naa Ho (2003) 2004 Hum Tum, Parineeta, Salaam Namaste (2005) 2006 Omkara 2009 Kurbaan. 2008 Race 2009 Love Aaj Kal, 2012 Cocktail.

චෙෆ් සිනමාපටයේ රාධා මෙනන් කියන්නේ ප‍්‍රධාන නිළියටයි. මේ චරිතයට පණපොවන්නේ හින්දි සිනමාල්ලෝලි ඔබ ඒ තරම්ම දන්න කියන කෙනෙක් නම් නෙවෙයි. එයාගේ නම පද්මප‍්‍රිය ජානකිරාමන්. 1982 පෙබරවාරී 28 වැනිදා ඉපදුණු පද්ම ප‍්‍රිය නොඑසේනම් ප‍්‍රියා විවාහවෙලා ඉන්නේ ජැස්මින් ශාහ් සමඟිනුයි. නිළියක් මෙන්ම ඇය නිරූපණ ශිල්පිනියක්ද වෙනවා. භාරත නාට්‍ය ගැන මනා නිපුනත්වයක් දක්වන ඇය මලයාලම්, බෙන්ගලි, දමිළ, තෙළිඟු, කන්නඩ සහ හින්දි සිනමාපට 30කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉන්දියානු විශ්ව විද්‍යාලයෙන් නීතිය ගැන උපාධියක් ලබා සිටින පද්මප‍්‍රිය නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් මාස්ටර් උපාධියක් කරලා තියෙනවා. පද්මප‍්‍රිය උමේර්ගේ දික්කසාද වුණු බිරිඳගේ චරිතයට පණ පොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පලකොට තිබුණා. චෙෆ් සිනමාපටයෙහි ධනිෂ් කාර්තික්, දිනේෂ් ප‍්‍රභාකර්, චන්දන් රෝයී සන්යාල්, අවාර් කාම්බ්ලේ, ශයාන් මුන්ෂි, රසල් පීටර්ස් සහ කරීනා කපූර් ඛාන් යන පිරිසත් චරිත නිරූපණය කරලා තියෙනවා. සයිෆ් සමඟින් ඉතාම විනෝදයෙන් රූගත කිරීම්වල නියැලුනු බව පද්මප‍්‍රිය මාධ්‍යවලට පවසා තිබුණු අතර සායිෆ් කියන්නේ හැම වෙලාවේම ගොඩාක් විනෝදයෙන් ඉන්න හදන කෙනෙක් වගේම ඇස් රතුවෙන විහිළු පවා චිත්‍රපට කණ්ඩායමේ තරාතිරම නොබලා කරන අයෙක් බවත් ඇය වැඩිදුරටත් කියලා තිබුණා.

► Translation – Chandana Waravitage