2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

පාෙඩ්ඩි හම්බෙද්දි ලාෙක්කි කාමරේ දාෙර ළඟ ඉඳලා

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 235

රජිත... දෙදරු පිය පදවිය ලැබුවේ කවදාද?
දෙදරු පිය පදවිය මම ලැබුවේ හරියටම අගෝස්තු මාසේ දෙවැනිදා. 

දරුවා ලැබෙන්න රජිත සුභ වෙලාවක් එහෙම බලන්නත් ඇති...?
ඔව්... කවුරු මොනව කිව්වත් මම නම් ජ්‍යොතිෂය විශ්වාස කරනවා. ඒනිසා ජ්‍යොතිෂයට සම්බන්ධ මම දන්න දක්ෂ මහත්වරු කීපදෙනෙක් ඉන්නවා. ඔවුන් එක්කත් සාකච්ඡා කරලා මම ඒ කාල සීමාව තුළදී හොඳ දවසක් හොඳ වෙලාවක් ඇහුවා. ඉතින් ඒ අනුව මම අගෝස්තු දෙවැනිදා සිසේරියන් සැත්කමකින් දරු පැටියා ගන්න තීරණය කළා.

දුව ඉපදුනේ කොහේද...? කවුද වෛද්‍යතුමා...?
දුවව ගත්තේ වෛද්‍ය අජිත් රාජපක්ෂ මහතා. දුව ඉපදුනේ නයින්වේල්ස් හොස්පිටිල් එකේ. ඩොක්ටරුත් ඇහුවේ එහෙම සුභ වෙලාවක් තියෙනවා ද කියලා. ඉතින් මගේ සුභ වෙලාවටම ඩොක්ටර් බබාව අරගෙන ඒ වෙලාවේ ෆොටෝ එකකුත් මට ගෙනත් දුන්නා. 

හාෙඳ නැකතක් බලලා බබා එළියට ගත්තා 

ඇත්තම කියන්න ආසාවෙන් හිටියේ දුවෙක්ටද...? පුතෙක්ටද...?

මුලින්ම අපි බලාපොරොත්තු වුණේ පුතෙක්ව තමයි. මාස තුනෙන් විතර අපි දැනගත්තා අපිට මේ පාරත් දුවෙක් කියලා. ඉතින්... ආයෙමත් දුවෙක් කියලා අපි කවදාවත් දුක් වුණේ නෑ. ඒක සතුටින් බාරගත්තා. ඉස්සර කාලේ කියමනත් තියෙනවනේ තාත්තාට කඹුරු තියෙනවානම් ඒ කුඹුරු බාරදෙන්න තමයි කියලා පුතෙක් ඕනේ කියලා. ඉතින් අපිට කුඹුරුත් නැහැනේ.

නංගියෙක් එනවට ආසාවෙන් හිටපු පොඩි අක්කා කොහොමද නංගිව පිළිගත්තේ...?
එයා තමයි මුල ඉඳන්ම නංගි කෙනෙක් ඕන කියනෙක කිව්වේ. හැමවෙලේම හැමදෙයක්ම හොයලා බලලා කළේ එයා. එකපාරක් වයිෆ්ට බබා දඟලන්නේ නැහැ වගේ වෙලා අපි හොස්පිටිල් එකට එක්ක යන්න හදද්දී ලොකු දූ තමයි විනාඩි දෙකක් ඇතුළත සියලුම දේ ඉක්මණට ලෑස්ති කළේ. බබා ලැබෙන්න ඉදිද්දී දවස් තුනක් හොස්පිටිල් එකේ නතරවෙලා හිටියා. බබා ලැබෙන දවසේදී මෙයා සීයා එක්ක ඇවිත් බබා හම්බවෙන කාමරේ දොර ළඟ බිම වාඩිවෙලා ඉඳලා.

නංගි අාවම මට අාදරේ අඩුෙවලා කියලා එයා අඬනවා 

නංගිව මුලින්ම දකිද්දි අක්කට මොකද හිතිලා තියෙන්නේ?
ඇන්ඩ්‍රියාව සීසර් කරද්දී මාත් තියටර් එකේ හිටියා. මම දන්නෙත් නෑ ඇමන්ඩා එළියෙ දොර ළඟ ඉන්නවා කියලා. ඉපදුණු ගමන් ඩොක්ටර් දුවව මට පෙන්නුවා. ඒ පෙන්නලා නර්ස්ලා දුවව හෝදලා ඔතලා අරගෙන එද්දි දොර ළඟ ඉඳගෙන ඇමන්ඩා “මට නංගිව පෙන්නන්නකො කියලා නංගිව බලලා. ඒක මම දන්නෙත් නෑ. මම ඇමන්ඩාව සප්‍රයිස් කරන්න කියලා හිතාගෙන නංගිවත් තුරුලු කරන් කාමරේට අරගෙන මෙන්න ඔයාගෙ නංගි බබා කියද්දිත් එයා නංගිව හොඳට බලලා ඉවරයි.

කොහොමද දැන් චූටි කෙල්ලගේ දින චර්යාව?
රෑට එයා නින්ද නැහැ. සැරෙන් සැරේට ඇහැරෙනවා. මේ දවස් ටිකේම රෑට වයිෆ් නිදිම නැහැ. මටනම් හිටපු ගමන් නින්ද යනවා. හැබැයි එහෙම නින්ද ගියත් මාත් එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ ඇහැරෙනවා. එහෙම එකපාරටම ඇහැරිලා බබා නැගිටලද එයාට කොහොමද කියලා බලනවා. කිරි දුන්නට පස්සේ ගුඩුස් යද්දි මෙයාට ටිකක් අමාරුයි. මෙයා කරේ තියාගෙන ඉද්දි දඟලනවා. ඉතින් ඒ නිසා මට සැරෙන් සැරේ ඇහැරෙනවා. කොහොමටත් ඔය කෝස් එක මාස තුනක් විතර කරන්න වෙනවා. අපේ අම්මත්, ඇන්ඩ්‍රියාගේ අම්මලාත් ඉන්න නිසා හැමදේදිම ඒ අයගේ සහයෝගය අපිට ලැබෙනවා.

දැන් නංගි ගෙදර ඇවිත්නෙ... කොහොමද අක්කා බලාගන්නවා එහෙමද...?
එයාගෙත් උදව්පදව් එහෙමත් තියෙනවා. හැබැයි එයාට එකපාරටම උල්කාපාතයක් එයාගේ ජීවිතයට කඩාගෙන වැටුණා වගේ එකක් වුණා. ඉස්සර එයා අම්මව බදාගෙන හිටියා. බඩේ හිටපු කෙනා එයා දැක්කෙ නැහැනේ. අම්මත් බඩේ දරුවා තියාගෙන ලොකු දුවවනේ ඉම්බේ. අම්මා එළියට ගිහින් එද්දි හැංඟිලා ඉඳලා අම්මේ කියලා ඇඟේ එල්ලෙනවා. බිත්තියේ චිත්‍ර ඇඳලා I love you mom කියලා ලියනවා. ඒත්... පහුගිය දවසක මෙයා ගේ ඉස්සරහා තියෙන පතොක් පඳුර ළඟ බිම වාඩිවෙලා “දැන් මම තනිවෙලා ඉන්නෙ... මට කවුරැත් ආදරේ කරන්නේ නැහැ කියලා කිව්වා. ඉතින්... දැන් එයාට චූටි වෙනසත් ලොකුවට දැනෙනවා. ඒ නිසා අපි එයාට තේරැම් කරලා දුන්නා. එයාටත් තාම අවුරුදු හතයි. තාම හරි හුරතල්. මම එයත් එක්කම තමයි දැන් ඉන්නේ. ඊයෙත් එයාව මම එළියට එක්කරගෙන ගිහින් එයා කැමති දේවල් අරගෙන දුන්නා. එයා කැමති කෑම කෑවා. මම දැන් ලොකු දුවත් එක්කම ඉන්නවා. දැන් ලොකු දූ ඉන්නෙම මගේ ඔඩොක්කුවෙම තමයි.

බබා අඬද්දි මම  පාෙල්ලෙන් ගැහුවා වගේ අැහැරෙනවා 

රජිත දෙවැනි දුවට තාම නමක් දැම්මේ නැද්ද?
නෑ... තාම නමක් දැම්මේ නෑ. වෙලාව හැදුවට තාම දුවගේ කේන්දරය හැදුවේ නෑ. ඉතින් ඒ දේවලුත් බලලා නමක් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ. කොහොමත් A, R කියන අකුරු දෙකට අපි නමක් දාන්න උත්සාහ කරනවා.

රජිත... දූවරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්... වගකීම් වැඩිවුණා නේද...?
එක දුවක් ඉන්න කාලේ දුවමින් හිටියා. දැන් දුවලා දෙන්නෙක් නිසා දුව දුව තමයි ඉන්න වෙන්නෙ.

► Text – Dishani / Pic - Internet