2017 ජුලි 22 වන සෙනසුරාදා

බෙන්තර ගඟේ ඉගිල්ලෙන්න කළුවා මෝදර යං

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 289

අදනම් දිලිසෙන ඉරිදා දවසක්. ඒත් එදා අඳුරු ඉරිදාවක්. ඒත් යන්න තියෙන ගමනෙ වින්දනය මතක් වුණාම ඒ අඳුරු වැහිබර අන්ධකාරය අපිට අමතක වුණා. ගිය සතියෙ අපි ඔයාව එක්ක ගියේ HUNNAS FALLS. ම්... ම්... මේ සතියේ අපි ඔයාව එක්ක යන්නෙ කොහෙද දන්නවද?  Walk 111 අපි මේ සැරේ ඔයා එක්ක යන්නෙ ඔයාට අලුත්ම විදිහෙ TRAVEL EXPERIENCE එකක් දෙන්න පුළුවන් තැනකට. එහෙනම් යමු.. බෙන්තර ගඟ ඉහත්තාවට....

අලුත්ගමට යන පාරේ යද්දී තමා කළුවා මෝදර හම්බවෙන්නෙ... අපි ගියේ කළුවාමෝදර RIVERSIDE ARALIYA හෝටලයට. හැබැයි අපි ගියේ හෝටලයේ නවතින්නනම් නෙවෙයි. උදේ ඉඳන් හැන්දෑ වෙනකම් බෙන්තර ගඟට වෙලා ඉන්න. බෙන්තර ගඟ මුහුදට වැටෙන මෝය කට තියෙන්නෙත් අපි හිටපු ඉසව්වට කිට්ටුවෙන්මයි. බෙන්තර ගඟ අයිනෙ පිහිටලා තියෙන මේ  සුන්දර හෝටලය තරු තුනේ හෝටලයක්. කාමර විස්සක් තියෙනවා. දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාර්කයනුත් RIVERSIDE ARALIYA වෙත එන්න මුල්ම හේතුව FLY BOARD. JET SKI, SUPER MABLE සහ BANANA BOAT ඇතුළු විනෝදාත්මක ජල ක්‍රීඩා වෙන්න ඕනෑ කියලා හිතෙන තරමට ඒ ජල ක්‍රීඩා අපිට ලබාදෙන විනෝදාස්වාදය සුවිසල්. GROUP විදිහට යනවනම් RIVERSIDE ARALIYA මේ ජල ක්‍රීඩා සඳහා ඔයාලට එක එක විදිහෙ PACKAGE ලබාදෙනවා. ඒ PACKAGE ගැන ඔයාට එතෙන්ට ගියාම MR. NANDANAගෙන් හරි MR. ROSHANගෙන් හරි හැමදේම දැනගන්න පුළුවන් නිසා ඔන්න ඒ ගැන අපි කියන්නෙ නෑ. ඒ PACKAGE වලට FREE හම්බවෙන දේවලුත් තියෙනවා .කොහොමත් POCKET එකට ලොකු බරක් නම් නෙවෙයි.

 

WELCOME DRINK එක බිව්ව ගමන් අපි දිග කලිසමෙන් කොට කලිසමකට මාරු වුණේ ඉස්සරලම FLY BOARD යන්න. වතුරෙ ඉගිල්ලෙන්න නෙවෙයි වතුරත් එක්ක අහසට නගින්න එන්න ඔයත් walk 111 අපිත් එක්ක FLY BOARD යමු. FLY BOARD යන්න ඉස්සර සම්පත් අපිට ඒ ගැන හැමදේම කියලා දෙනවා. මේ හෝටලය කරගෙන යන චන්දන රාජපක්ෂ ඉන්නෙ ජපානයේ. එයා තමා FLY BOARD යැයි හඳුන්වන විශේෂ ජෙට් සපත්තු යුවළ පැළඳගෙන කරන මේ ත්‍රාසජනක ජල ක්‍රීඩාව RIVERSIDE ARALIYA වෙත හඳුන්වාදුන්නේ. මේ සපත්තු පුවරුව කුඩා යාත්‍රාවක් සමඟ දිගු බටයක් ඔස්සේ සම්බන්ධවෙලා තමා ජල ක්‍රීඩාව කරන්නේ.
FLY BOARD එක කකුල් දෙකට සවිකළාම කකුල් දෙක කෙලින් සමාන්තරව තියාගෙන ඉන්න ඕනෑ.

FLY BOARD එකේ අපිව උඩට අරන් යන්නෙ නම්‍යශීලී බටය ඔස්සේ ජලය මගින් ලබාදෙන වේගවත් පීඩනයෙන්. FLY BOARD එකට ඒ පීඩනය ලබාදෙන්නේ JET SKI එකෙන්, FLY BOARD එකේ බටය JET SKI එකට සම්බන්ධ කරනවා. වතුරෙ FRESHER එකේ ආධාරයෙන් උඩට යද්දී සිරුර සමබරව තියාගන්න ඕනෑ. නැත්නම් උඩට නැගපු ගමන් ආයෙත් වතුරටම ඇදගෙන වැටෙනවා. පුරුදු වෙනකම් වැඩේ ටිකක් විතර  අමාරු වුණාට, බයක් හිතට දැනුණට හීයක වේගෙන් අහසට නැගලා අහසෙ වැඩ දදා ඉඳලා ආයෙත් ගඟට වැටෙනකොට කොහොමද තියෙන FUN එක. සම්පත්නම් උඩ ඉඳන් වතුරට වැටෙන්නෙ ලස්සන කරණමකුත් ගහගෙනමයි.

 කීප සැරයක්ම වතුරෙ වැටි වැටී දඟලපු අපි ඊළඟට ගියේ JET SKI   එකේ. එක වතාවකට තුන් දෙනෙකුට යන්න පුළුවන් වුණත් සාමාන්‍යයෙන් වරකට යන්නෙ දෙන්නයි. ඒ තුන්වැනියට යන කෙනා JET SKI එක වේගයෙන් ඇදිලා යද්දී එකපාරටම වතුරට විසිවෙන්න පුළුවන් නිසා. JET SKI එකේ KEY එක පටියකින් අපේ අතට සම්බන්ධ කරනවා. එහෙම කරන්නෙ අපේ ආරක්ෂාවට. යද්දී එකපාරටම JET  SKI එක පෙරළුනොත් අපි ගඟට වැටෙන්නේ ඒ KEY එකත් එක්ක. එතකොට JET SKI එක අපිව දාලා ඈතට යන්නෙ නෑ. KEY එක ගැලවුණ ගමන් එන්ජිම නතරවෙලා JET SKI එක එතන එහෙමම  නවතිනවා. අපිට ආයෙත් ගොඩවෙන්ට පුළුවන්. හුඟාක් වේගයෙන් අපිත් එක්ක JET SKI එකේ රවුම් කිහිපයක්ම ගිය සම්පත් එක පාරටම ගඟේ ගැඹුරු තැනකදී JET SKI එක පෙරළුවා. හිතන්නැති මොහොතක එක පාරටම ගඟට වැටෙද්දී නම් MY GOD කියලා හිතුණට මොහොතකින් OK වෙන්න පුළුවන්. LIFE JACKET එක තියෙන නිසා බයවෙන්න දෙයක් නෑ. කකුල් දෙක සමබරව උඩට තියාගෙන ඈත අහස දිහා බලාගෙන වතුරෙ උඩුබැලි අතට ඉද්දී අපි ආරක්ෂිතයි. නිදහසේ පාවෙවී ඉන්න පුළුවන්.

 

ම්... ම්... අද walk 111 එක්ක වතුරෙ නැටුවා ඇති වගේද? ඔහොම ඉන්න ගියපු එකේ SUPER MABLE එකෙත් ගිහිල්ලම ඉමු. SUPER MABLE එක ඇදගෙන යන්නෙත් JET SKI එකෙන්මයි. ඝනකම් රැහැන් පටකින් එය JET SKI එකට සම්බන්ධ කරනවා. අපිට තියෙන්න කකුල් දිග ඇරලා SUPER MABLE  එකේ ඉඳගෙන යන එක. අල්ලා ගන්න අවශ්‍ය දේවල් එහි තියෙනවා. JET SKI එක වේගයෙන් යන තරමට අපිට FUN එක වැඩියි. ලොකුම FUN එක ලැබෙන්නේ JET SKI එක පෙරළපු විදිහටම SUPER MABLE එකත් ගඟේ පෙරළලා දැම්මම. 

හැන්දෑවේ ගඟෙන් ගොඩට ආවා විතරයි ලොකු වැහි කැට වැටෙන්න ගත්තා. RIVERSIDE ARALIYA ඉඳන් අපි දවල් කෑම ගත්තෙ ඒ වැහි කැට ගඟ කළඹවන දිහා බලාගෙන... ඒ වැස්සේත් සමහරැ JET SKI එකේ රවුම් ගැහුවා... ඒ අත්දැකීම වඩාත් සුන්දර ඇති. වැස්ස කියන්නෙ එක් මොහොතකදි සොබාදහම දුන්න ඒ තරම්ම අපූරු සුන්දර තෑග්ගක්..ඉතින් අපි බෙන්තර ගඟින් සමුගත්තා.. එන ඉරිදත් නොවැරදීම කොහේහරි යමු.

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi