2017 ජුලි 22 වන සෙනසුරාදා

වැඳලා කියන්නම් දේශපාලනයට නම් එන්නෙ නෑ

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

රජත් - ඒකට මම මොනවා කරන්නද? මම කරන්නේ මේ රටේ ජනතාව මා ලවා බලාපොරොත්තු වෙනදේයි.
අක්ෂය - නීතී උපාධියක් නැතුව ඔබතුමා ජනප‍්‍රිය දක්ෂ නීතීඥයෙක් වුණා. සර් ඔබට නගන ඊළඟ චෝදනාව ඔබ සෙසු අයගේ ඇඳුම් ගලවනවා. ඒත් ඔබ ඉතාලියෙන් ගෙනවන ෆුල් සූට් අඳිනවා.

 

රජත් - ඒක හරි ජනතාව මාව තෝරා පත්කරගෙන තියෙන්නේ අනිත් අයගැන නිරාවරණය කරවන්නයි. කෙනෙක්ගේ සූට් එක ගලවන්න. තවත් කෙනෙකුගේ කලිසම ගලවන්න. ඔවුන් කරන දේවල් ගැන රටටම එළි කරන්න.
අක්ෂය - තමන් එකකට එකක් වෙනස් අලුත්ම ඉතාලියෙන් ගෙන්වන ෆුල් සූට් ඇඳගෙන? මම මෙතුමගේ හැම වැඩසටහනක්ම බලනවා. හැම ප්‍රෝග‍්‍රෑම් එකකදීම අලුත්ම අලුත් ඉතාලියන් සූට් එකක් තමයි ඇඳගෙන ඉන්නේ. සර් ඔබතුමා කොහෙන්ද ඕවා මස්සවා ගන්නේ? සර් ඉතාලි සූට් නේද?
රජත් - ඔව් ඉතාලි සූට් තමයි ඒ කතාව හරි.

අක්ෂය - මගේ ප‍්‍රශ්න කිරීම අවසානයි සර්. දැන් නැවතත් ඔබතුමාගේ අවස්ථාව.
රජත් - ඔබ ජොලි එල් එල් බී ෆිල්ම් එකේ වගේද මගෙනුත් ප‍්‍රශ්න කළේ කියලා කියනවද?
අක්ෂය - නැහැ සර්. ඇත්තටම මට ඕන වුණේ ඇත්තටම ඔබ කවුද ඔබ මොනවාද කරන්නේ කියන එක හැමෝටම අවබෝධ කරලා දෙන්නයි. ඔබ මොනවද කරන්නේ? ඔබ මෙතනට මිනිස්සු ගෙන්නවලා ඔවුන්ගෙන් ප‍්‍රශ්න අහනවා. ඔබ අහන ප‍්‍රශ්න වලින් මෙතන වාඩිවෙලා ඉන්න අයගේ මුහුණු වලින් පේනවා මොනවා හරි ප‍්‍රශ්නයක් ඇති බව ඔවුන් අපහසුවෙන් හිනාවෙලා මොන පිළිතුර ලබා දුන්නත්. ප්‍රෙක්ෂකයින් ගොඩාක් උගත් බුද්ධිමත් අය නිසා ඔවුන්ට මුහුනේ ඉරියව් වලින් පිළිතුරු දෙනා කෙන මොන පිළිතුර ලබාදුන්නත් ඔහුගේ ඇතුළාන්තයේ තියෙන පිළිතුර තේරුම් ගන්නවා.

රජත් - ගොඩාක් ස්තූතියි. ඒත් මම කියන්නම ඕන අවුරුදු 26ක් පුරාවටම දවසින් දවස ආප්කී අදාළත් වැඩසටහන ඉදිරියටම ආවා ජනප‍්‍රියත්වයෙන්. ඒක වුණේ මම නිසා නෙවෙයි ඒක සිද්ධ වුණේ මේ වැඩසටහනට පැමිණෙන අය නිසයි. ඔවුන් පැමිණ අහන ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙනවා. ඒ අයටත් වඩා මේ වැඩසටහන නරඹන ජනතාවගේ ආදරය නිසයි මේ වැඩසටහන දවසින් දවස ඉතාම ජනප‍්‍රිය වුණේ. දේශයේ මොනවා හරි ප‍්‍රශ්නයක් ඇති වුණාම ඒ ගැන කමෙන්ට් කරන්න අක්ෂය කුමාර් හැමෝටම කලින් පෙරමුණ ගන්නවා. බැංගලෝර්වල කානතාවන්ට අපචාරයක් වුණාම ඔබ කිව්වා සතුන්ට වගේ එහෙම කරන එක නරකයි කියලා. ඔබ කිව්ව දේ නිවැරදියි. ඒත් හැමදෙකටම ප‍්‍රතිචාර දක්වන්නේ ඇයි?
අක්ෂය - සර් මම එහෙම් කළේ සිද්ධි දෙකකදී විතරයි. ඒ දෙකම ඔබ වැරදි විදියට අරගෙන. ඒත් මොකුත් නොකියා හිටියොත් මීඩියා වලින් කියනවා මේ අය මොකුත්ම කියන්නේ නැහැ කියලා. මම කාටවත් විරුද්ධව මොකුත් කියලා නැහැ. අපි පිරිමියෙක් විදියට කාන්තාවන්ට ගෞරව කරන එක අපේ වගකීමක් වෙනවා. මම කමන්ට් එකක් නෙවෙයි දුන්නේ මම එකෙන් විසඳුමක් දුන්නා. මම ඒකෙන් වැරැදි දේවල් පෙන්නලා දුන්නා විතරයි. මම කාටවත් කිව්වේ නැහැ ඔබ වැරැද්දක් කරන්නේ කියලා. අනිත් එක ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාරයක් එල්ල කළ වෙලාවේ මම ගොඩාක් සතුටු වුණා. ඔබට එහෙම වුණාම සතුටක් දැනෙන්නේ නැද්ද?

මට නෙවෙයි මුළු ලෝකයම කැමතියි ත‍්‍රස්තවාදීන් මෙලොවින් තුරන් වෙනවානම්. බැංගලෝර්වල යුවතියන්ට වුණු අසාධාරනයේදී මම ඒ වෙනුවෙන් කතා කළා. මම යුවතියන්ට නොමිලයේ ආත්මාරක්ෂක සටන් කලාව උගන්වන පාසලක් මම පවත්වාගෙන යනවා. ඒ පාසලෙන් මුම්බයිවල යුවතියන් ලක්ෂ 05කට මම නොමිලයේ මාර්ෂල් ආර්ට් (ආත්මාරක්ෂක සටන් ශිල්පය) උගන්වලා තියෙනවා. මම ඒක තව දුරටත් ඉදිරියෙදිත් ඉතාම කැමැත්තෙන් කරගෙන යනවා.
රජත් - ඔබ කාන්තාවන්ට වන අතවර ගැන ෆිල්ම් එකක් කරන්න හදනවා කියලා දැනගන්න ලැබුණා.

අක්ෂය - ඒ ෆිල්ම් එකේ නම ටොයිලට් ඒක් ප්‍රේම කතා (වැසිකිලියේ ප්‍රේම පුරාණය) සත්‍ය කතාවක් පදනම් කරගෙනයි මේ ෆිල්ම් එක හදන්නේ .ඉන්දියාවේ ජීවත්වෙන අයගෙන් 54කට වැසිකිලි පහසුකම් නැහැ. ඒක ලැජ්ජාවට කාරණාවක්. පිරිමි අපිට එච්චර ප‍්‍රශ්නයක් නැහැ .වැරදි දෙයක් වුණත් අපිට ඕනම තැනක් හිටගෙන අපේ වැඩේ කර ගන්න පුළුවන්. ඒත් කවදාවත් හිතුවද ගෙදර ඉන්න කාන්තාවන් මොන තරම් අපහසුතාවයකට පත්වෙනවා ඇද්ද කියලා. ඒක අපේ රටේ තියෙන ලොකු ප‍්‍රශ්නයක්. ඒ ගැන මට කතාවක් හම්බවුණා. ඒකෙන් ලොකු පණ්වුඩයක් දෙන්න පුළුවන් වන නිසා මම ඒ කතාවෙන් ෆිල්ම් එකක් කරනවා.
රජත් - ඔබ හැමදෙයකම කරන්නේ දේශපාලනයට එන්න බලාගෙන කියලා මිනිස්සු කියනවා.

අක්ෂය - සර් මෙන්න මම වැඳලා කියනවා මටනම් දේශපාලනයට එන්න කිසිම කැමැත්තක් නැහැ. මම දේශපාලනයට ආව දවසට ඔබතුමා මාත් එක්ක කතා කරන එක නවත්තන්න. මම දේශපාලනයට කිසිම කැමැත්තක් නැහැ. මම ෆිල්ම් හදලා ගොඩාක් සතුටින් ඉන්නවා. සල්ලි හම්බකරනවා. මට පුළුවන් තරමට මම සමාජ සත්කාරයන් කරනවා.

රජත් - සිනමා තාරකාවන් රාශියක් දේශපාලනයට ආවා. ඔවුන් ෆිල්ම් කරලා ඒවායින් ඉහළම තැනකට ආවා. සුනීතා සාහබ්, රාජ් බබ්බර්, අමිතා භච්චන්, ශත්ශෘගන් සිංහා, ඒ හැමෝම දේශපාලනයට ආවා. ඔබ ඇයි ඒකට අකමැති?
අක්ෂය - ජීවිතයේ මොකුත්ම කරන්නට නොහැකිවුණා නම්, මට දේවල් දෙකක් කරන්න කැමැත්තෙන් හිටියා. ක‍්‍රීඩා සහ සෞඛ්‍ය වලින් මොනවා හරි කරන්න ඕන කියලා මගේ අදහසක් තියෙනවා. ඒ දෙක ගැන මට දැනුමක් තියෙනවා. ඒවා ගැන මම ගොඩාක් දේවල් දන්නවා. ඒ දේවල් වෙනුවෙන් මට මොනවා හරි කරන්න කවදා හරි අවස්ථාවක් ලැබුෙණාත්නම් මම අනිවාර්යෙන්ම ඒ දේවල් කරනවා.

(නඩුව ඊළඟ සතියට කල්තැබේ)

Translation — Chandana waravitage