2017 ජුලි 22 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

සංසාර මතකයට මට පාර කියාදෙන 
නුඹ සුවඳ දැවටිච්ච පපුතුරේ කෙළවරක 
ගිම්හාන සැදෑවක ආදරේ සුව විඳින 
මගෙ නොවූ සිහිනයකි 
අපමණක් හැඟුම්බර 

දම්පාට සඳ කවියෙ අන්තිමම හෝරාව 
අනන්තය තරම් දිග සුසුම් ළඟ ඉකිබිඳින 
කඳුළු මට විතරමද තුන් හිතම කකියවන 
ඇවිත් ආපහු යනෙන 
දුකක්මද ආදරය 

තරු පවා ඇස් වසන සීත මැදියම් රැයක 
ජීවිතය හරි දුකයි මාත් මා හැරදමන 
කටුඅත්ත අග්ගිස්සෙ පිපෙන සුවඳැති මලක 
ඇබින්දක් මට දැනුණේ 
සංසාර ආදරය